සිංහල මුර්ලි · Brahma Kumaris

සිංහල මුර්ලි · 2024 ඔක්තෝබර් 31

ඕම් ශාන්ති · BapDada ·

අද මුර්ලි — today’s murli in Sinhala, every morning.

18
මුර්ලි2024 ඔක්තෝබර් 31 · සිංහල
0:00--:--

පාඨය තෝරන්න → හයිලයිට් / කොටුව / යටි ඉර

31-10-2024
උදෑසන මුරලි
ඕම් ශාන්ති
බාප්දාදා
මධුබන්
සාරය: සුමිහිරි දරුවනි, භූත ප්‍රේතාත්මයන්ට මෙසේ අණ කරන්න: නපුරු භූතයිනී. නුඹ මා වෙත නොඑනු. එසේ ඔවුන් බිය වද්දන්න. එවිට ඔබ වෙතින් ඔවුන් පලා යාවි.
ප්‍රශ්නය: දේවමය කුල්මත් බව ඇති දරුවන්ගේ ජීවිතයේ තිබෙන සුන්දරත්වය කුමක්ද?
පිළිතුර: ඔවුන්ගේ ජීවිතයේ සුන්දරත්වය සේවයයි. දේවමය ලොතරැයියක් දිනාගත් කුල්මත්භාවය ඇති වූ විට සේවය කිරීමෙහි එවන් ප්‍රියමනාපයක් ඇතිවෙයි. කෙසේවෙතත්, එම හීය ඉලක්කයට වදින්නේ ඔබ තුළ නපුරු භූතයන් නොමැති විටය.
ප්‍රශ්නය: ශිව බාබාගේ දරුවන් යැයි කීමට අයිතියක් තිබෙන්නේ කා හටද?
පිළිතුර: පරමාත්ම දෙවියන් තමන්ගේ පියායි, උසස්ම උසස් වූ පරම පියාගේ දරුවන් තමන්ය යන විශ්වාසය ඇත්තන්ටයි. එවන් කුලමත්භාවයක් ඇති වටිනා අයටයි තමන් ශිව බාබාගේ දරුවන් යැයි ඇමතීමට උරුමය තිබෙන්නේ. ඔවුන්ගේ චරිතය නොහොඳ නම්, වැඩකටයුතු රාජකීය නොවේ නම්, එවිට ඔවුන් ශිව බාබාගේ දරුවන් යැයි ඇමතිය නොහැක.

ඕම් ශාන්ති. ඔබ ශිව බාබාව සිහිපත් කරනවා ද? ඔබ දිව්‍ය ලෝක ස්වාධිපත්‍යය සිහිපත් කරනවා ද? ඔබ මෙහි ඉඳිමින් සිටිද්දී, ඔබේ බුද්ධියට ඇතුල්විය යුත්තේ: අප අසීමිත පරම පියාගේ දරුවන් නිසා දිනපතා අප පරම පියාව සිහිපත් කරනවා. ඔහුව සිහිපත් කිරීමෙන් තොරව අපට අපගේ උරුමය ලබාගත නොහැකියි. ඒ මොන උරුමය ද? පාරිශුද්ධියේ උරුමයයි. ඒ නිසා, ඔබට ඒ වෙනුවෙන් කාලෝචිත උත්සාහයක් කරන්න වෙනවා. නපුරක් අප හමුවට ආ නොහැක. හුදෙක් එය කාමරාගය නොවේ. එක් භූත ප්‍රේතයෙකුත් නොවේ. කිසිම භූතප්‍රේතයෙකුට අප වෙත ආ නොහැකියි. එවන් පිවිතුරු මාන්තයක් ඔබට තියෙන්න ඕන. අප ඉතා උසස්ම උසස් දෙවියන්ගේ දරුවන් වේ. එමනිසා, අප දරුවනුත් උසස්ම උසස් අය වේ. අපගේ හැසිරීම් සහ අන් අය සමඟ කතාබහ ආදිය රාජකීය වෙන්න ඕත. පරම පියාට යමෙකුගේ හැසිරීමෙන් ම ඔහු තඹ දොයිතුවකට වටින්නේ නැති කෙනෙක්ය කියා තේරුම් ගත හැකියි. ඒ කෙනාට ඔහුගේ දරුවෙක් යැයි කීමට උරුමය නැත. භෞතික පියෙකුට තම දරුවෙක් යෝග්‍ය නොවේ නම් ඔහුටත් එසේ දැනේ. එම කෙනාත් පියෙකි. ඔය දරුවන් දන්නවා පරම පියා ඔබට උගන්වන බව. එහෙත් මොනම දෙයක්වත් වටහා නොගන්නා අය සිටී. අසීමිත පියායි අපට පැහැදිලි කරන්නේ යන විශ්වාසය සහ කුල්මත් බව ඔවුන්ට නොතිබේ. ඔය දරුවන්ගේ බුද්ධි ඉතා උසස් විය යුතුයි. එවන් වූ උසස් පරම පියාගේ දරුවන් අපමයි! පරම පියා අපට බොහෝ සේ පැහැදිලි කරනවා. ඇතුලාන්තයෙන් මදක් සිතන්න: එවන් උසස්ම උසස් පියෙකුගේ දරුවන් අප වූ බැවින්, අපගේ ගතිගුණ ඉතා උසස් විය යුතුයි. දේවතාවරුන්ගේ වර්ණතා අපගේත් වර්ණනා විය යුතුයි. පුරවැසියන්ගේ වර්ණතා කිසිවක් නොතිබේ. ලක්ෂ්මි සහ නාරායන්ගේ පමණයි පෙන්වා ඇත්තේ. එමනිසා ඔය දරුවන් එවන් හොඳ සේවයක් කළ යුතුයි. එම සේවය ලක්ෂ්මී සහ නාරායන් කර ඇත. එවන් උසස් බුද්ධියක් අවැසියි. ඇතැම් දරුවන්ගේ වෙනසක් ඇත්තේම නැත. ඔවුන් මායාගෙන් පරාජිත වූ කල. ඔවුන් තවත් වඩාත් නරක් විය. එසේ නැතිකොට ඔවුන්ට ඇතුලතින් බෙහෙවින් තිබිය යුතු කුලමත්භාවය නම්: අප අසීමිත පරම පියාගේ දරුවන් යන්නයි. පරම පියා කියයි: නොකඩවා මාගේ හැඳින්වීම සෑම කෙනෙකුටම දෙන්න. ඔබ සුන්දර වන්නේ සේවය කිරීමෙන් පමණයි. එවිටයි ඔබට පරම පියාගේ හදවත තුළට නැඟිය හැක්කේ. දරුවෙක් එවන් කෙනෙක් විය යුතුයි. පියෙකුට තම දරුවන් කෙරෙහි බොහෝ සෙනෙහස ඇත. ඔවුන්ව තම හිසමත තබයි. තම දරුවන් කෙරෙහි එවන් ඇල්මක් තිබෙයි. එහෙත් එය මායාගේ සීමා සහිත ඇල්මයි. මෙය අසීමිත එකකි. තම දරුවන් දැකීමෙන් සතුටට පත් නොවන පියෙකු සිටී ද? මවකට සහ පියෙකුට විශාල සතුටක් ඇතිවනු ඇත. ඔබ මෙහි ඉඳිද්දී බාබා තමයි ඔබට උගන්වන්නේ කියා තේරුම් ගන්න. බාබා අපගේ සුවච කීකරු ගුරුවරයා වේ. මේ අසීමිත පියා අනිවාර්යෙන්ම යම් සේවයක් කර තිබෙයි. ඒ නිසායි ඔහුව සිහිපත් කර ඇත්තේ. මේවා එවන් අපූර්වතම විෂයන්ය! ඔහු බොහෝ සේ වර්ණනාවට ලක්වී ඇත! මෙහි ඉඳිනා විට, ඔබේ බුද්ධිය තුළ එම කුල්මත් බව තිබෙන්න ඕන. සන්යාසීන් අයත් වන්නේ ඒකලන මාර්ගයටයි. ඔවුන්ගේ ධර්මය වෙනස් ය. ඔවුන්ගේ ධර්මය වෙනස් එකකි. මෙවෙලෙහි පරම පියා මේවාත් පැහැදිලි කරනවා. අත්හැරීමේ මාර්ගය ගැන ඔබ දැන සිටියේ නැත. ඔබ ජීවත් වූයේ ගෘහස්ථ මාර්ගයේ සහ ඔබ භක්ති කරමින් සිටියේ. ඔබට දැන් ඥානය ලැබෙනවා එහෙත් ඒ මිනිසුන්ට ඥානය ලැබෙන්නේ නැත. ඔබ එවන් උසස් අධ්‍යාපනයක් ලබමින් සිටින්නේ සාමාන්‍ය අන්දමින් මෙහි බිම වාඩි වීය. දිල්වාලා මන්දිරය තුළ ඔබත් බිම ඉඳිමින් තපස්යාවේ යෙදෙනවා එවිට සිවිලිමේ පාරාදීසය සිතුවම් කර ඇත. සිවිලිම මත පාරාදීසය දැකීමේ දී නිසැකවම මිනිස්සු සිතන්නේ දිව්‍ය ලෝකය ඉහළ ඇතැයි කියායි. එමනිසා, ඔය දරුවන් ඇතුලාන්තයෙන් වටහාගත යුතුයි. මෙය පාසලකි; ඔබ මෙහි ඉගෙනුම ලබනවා කියා. ඔබ ඇවිදින්න හෝ යම් ගමනක් යද්දී මේ සිතිවිලි ඔබේ බුද්ධියේ ඇත්තම්, බොහෝ සේ සතුටක් ඔබටම දැනේවි. ලොවෙහි කිසිම කෙනෙකු අසීමිත පියා ගැන දන්නේ නැත. පියෙකුට දරුවෙක් වූවායින් පසු තම පියාගේ ජීවිත කතාව නොදත් මෝඩයෙක්ව ඔබ කවදා හෝ දැක තිබේ ද? නොදත්කම නිසා තමයි ඔවුන් දෙවියන් සර්ව ව්‍යාප්තයි කියන්නේ. ඔවුන් දෙවියන් ගැන පවසයි: ඔහු පූජනීයයි සහ පූජා කරන්නෙක් කියා. ඉන්පසු අපි අපගේම වන්දනාකරුවන් වූයෙමු. ශිව බාබා ඔබව බොහෝ සේ උසස් කළා, අනතුරුව නාටකය අනුව, ඔබමයි ඔහුට වඳින්න පුදන්න පටන් ගත්තේ. ලොව දන්නේ නැහැ භක්තිය පටන්ගත්තේ කවදාද කියා. පරම පියා ඔය දරුවන්ට නොකඩවා දිනපතාම උගන්වනවා. ඔබ මෙහි ඉඳිනා අතරේ ඔබට උගන්වන්නේ කවුරුන් ද යන්න දැන සිටීම ගැන සතුට ඔබ තුළ තිබෙන්න ඕන. දෙවියන්ම පැමිණ ඔබට උගන්වයි. ඔබ මෙය අසාවත් තිබුණේ නැත. ඒ මිනිස්සු සිතන්නේ ගීතාවේ දෙවියන් ක්‍රිෂ්ණා වේ. එබැවින් ඒ ක්‍රිෂ්ණා තමයි ඔබට උගන්වනවා ඇත්තේත් කියා. අච්චා, ඒ ක්‍රිෂ්ණාමයි කියා ඔබ සිතුවත් පවා, එහෙම වුණත් ඔබේ තත්ත්වය ඉතා ඉහළ එකක් විය යුතුයි. මනුෂ්‍ය උපදෙස් සහ දෙවියන්ගේ උපදෙස් යනුවෙන් පොතක් ලියා ඇත. දේවතාවරුන්ට උපදෙස් ගැනීමට අවශ්‍ය නොවේ. මිනිසුන්ටයි දෙවියන්ගේ උපදෙස් අවශ්‍ය වන්නේ. දේවතාවරුන්, කල්තියාම ඔවුන්ගේ තත්ත්වය ලබා ගැනීමට, ඔවුන්ගේ පූර්ව ජන්මයේ දීම උපදෙස් ලබා ඇත. ඔබ උසස් බවට පත්වීමට. දැන් ඔය දරුවන් ශ්‍රීමත් ලබමින් සිටිනවා. දෙවියන්ගේ මඟපෙන්වීම හා මනුෂ්‍යයන්ගේ මඟපෙන්වීම අතර විශාල වෙනසක් තිබෙයි. මනුෂ්‍ය මඟපෙන්වීම් කුමක් පවසයි ද, දෙවියන්ගේ මඟපෙන්වීම් කුමක් පවසයි ද? ඉතින් අනිවාර්යෙන්ම ඔබ දෙවියන්ගේ මඟපෙන්වීමයි පිළිපැදිය යුතු වන්නේ. ඔබ යම් කෙනෙක් හමුවන්නට යන විට ඔබ කිසිවක් රැගෙන නොයයි. කෙනෙකුට මොන තෑග්ගක් දිය යුතුද කියා පවා ඔබ නොසිතයි. දෙවියන්ගේ මඟපෙන්වීම් හා මනුෂ්‍ය මඟපෙන්වීම් අතර ඇති මෙම භේදය අත්‍යවශ්‍ය වේ. මනුෂ්‍යයන් වශයෙන්, ඔබ යක්‍ෂ මතයන් අනුගමනය කළා. එහෙත් දැන් ඔබට දෙවියන්ගේ මඟපෙන්වීම ලැබෙනවා. ඒවායේ විශාල වෙනසක් ඇත. එම ග්‍රන්ථ ආදීන් ලියුවේ මනුෂ්‍යයන් විසින්මයි. පරම පියා මෙහි ඇවිත් යම් ග්‍රන්ථයක් කියවා තිබේ ද? පරම පියා කියයි: මා කිසියම් පියෙකුගේ දරුවෙක් ද? මා කිසියම් ගුරු කෙනෙකුගේ ගෝලයෙක් ද? එමනිසා. මේ සියලු දේවල් පැහැදිලි කර දීමට ඇත. ඒත් එක්කම ඔබලාට වඳුරු මොළයක් තිබෙන බවත් ඔහු දන්නවා. ඔබලාත් දේවාලයක වැඳීමට සුදුස්සන් බවට පත්වන්නන් වේ. මනුෂ්‍යයන්ගේ අදහස් අනුගමනය කරනා අය බොහෝ සිටිනවා. එහෙත් ඔබ ඒ අයට කියන්න, දෙවියන්ගේ මඟපෙන්වීම් අනුගමනය කිරීමෙන් ඔබ කවුරු බවට පත්වෙනවාද කියා. එසේම ඔහුමයි ඔබට උගන්වන්නේ කියාත් කියන්න. මේ කතාකරන්නේ දෙවියන්මයි. අප යන්නේ ඔහුගෙන් ඉගෙන ගන්නයි. අප දිනපතා ඔහු වෙතට යනවා. පැයක් හෝ පැය තුන්කාලක් පමණ ඉගෙන ගන්න යනවා. ඔබට මේ පන්තියේ වැඩි වේලාවක් වැය කරන්නට අවශ්‍ය නැහැ. ඔබට එහෙ මෙහෙ ගමන් කරන අතරේත් ස්මරණ වන්දනාවේ යා හැකියි. යෝගාව සහ ඥානය යන දෙකම ඉතා පහසුයි. ඇල්ෆා හුදෙක් එක් අකුරකි. භක්ති මාර්ගයේ දී, බොහෝ ග්‍රන්ථ ශාස්ත්‍ර පොත් ඇත. ඒ සියල්ල එකතු කරන්න ගියොත් මුළු ගෙයම එම පොත් වලින් පිරී යනු ඇත. ඒවාට විශාල වියදමක් දරන්නත් වෙනවා. පරම පියා දැන් ඔබට ඉතා පහසු දෙයක් පෙන්වන්නේ: සරලව පරම පියා සිහිපත් කරන්න. එවිට අනිවාර්යෙන්ම ඔබට පරම පියාගේ දිව්‍ය ලෝක ස්වාධිපත්‍යයේ උරුමය ලැබේවි. ඔබ ලොවේ අධිපතීන් වී සිටියා. භාරතයයි දිව්‍ය ලෝකය වී තිබුණේ. ඔබට අමතක වුණා ද? එයටත් නාටකයේ නියමිත දෙයක් යැයි කියනු ඇත. පරම පියා දැන් පැමිණ ඇත. ඔහු සෑම වසර 5000කම ඔබට උගන්වන්නට පැමිණෙයි. අසීමිත පියාගෙන් ලැබෙන උරුමය සැබැවින්ම නව ලොවේ දිව්‍ය ලෝකයයි. එසේ නොවේද? මෙය ඉතා සරල දෙයක්. එය වසර සියදහසක කාලයක් යැයි කියා තිබූ නිසා ඔවුන්ගේ බුද්ධි වැසී ගොස් ඇත. එය කිසිසේත් විවෘත නොවනු ඇත. මිනිසුන්ට එවැනි පහසු දෙයක් වත් වටහා ගන්නට නොහැකි සේ එය ඒ තරමටම වැසී ඇත. පරම පියා පැහැදිලි කරයි: එක් කාරණයක් පමණක් සෑහෙයි. විශාල වශයෙන් උගැන්විය යුතු නැත. මෙහිදී, එක් තත්පරයක් තුළ ඔබට ඕනෑම කෙනෙක්ව දිව්‍ය ලෝක වැසියන් කළ හැකියි. කෙසේවෙතත්, මෙය පාසලකි. එම නිසායි ඔබේ ඉගෙනුම නොකඩවා දිගටම කෙරෙන්නේ. ඥාන සාගරය වූ පරම පියා ඔබට බොහෝ සේ දැනුම දෙමින් සිටිනවා. මෙම සාගරය තීන්ත බවට සහ සියලු කැලෑවල් පෑන් බවට පත්කළා වුවත් මෙම ඥානයට නිමාවක් නොතිබෙනු ඇත. ඔබ මෙම දැනුම ධාරණය කරන්න පටන් ගෙන කොපමණ කාලයක් ඇත්ද? ඔබ භක්ති කිරීමට පටන්ගෙන අඩ චක්‍රයක් ගත වී ඇත. ඔබට දැනුම ලැබෙන්නේ මේ එක් උපතේ පමණයි. පරම පියා ඔබට නවලොව සඳහා උගන්වයි. ලෞකීක පාසලේ ඔබ බොහෝ කාලයක් ඉගෙන ගනී. වයස පහේ සිට වයස 20. 22 දක්වා නොකඩවා ඉගෙන ගනී. ඔබ සුළු වශයෙන් හම්බ කර බොහෝ වියදම් කරනවා නම්. එය පාඩුවකි. එසේ නොවේද? පරම පියා ඔබවණයෙන් නිදහස් කරවයි. අනතුරුව ඔබ ණය වෙයි. දැනට භාරතයේ තත්ත්වය කෙසේද කියා බලන්න! ඔබ කුල්මත්ව පැහැදිලි කළ යුතුයි. මව්වරු ඉතා අවදිමත් විය යුතුයි. ඔබ ගැන සිහි කරන්නේ: වන්දේ මාතරම් කියායි. "වන්දේ මාතෘ භූමිය" කියා නොවෙයි. නමස්කාර කරන්නේ මනුෂ්‍යයන්ටයි. බන්ධන වලින් නිදහස් දරුවන්ට පමණයි මෙම සේවය කළ හැක්කේ. ඔවුන් පෙර චක්‍රයේ බන්ධනයෙන් නිදහස් වූ අයුරින්ම. දැනුදු දිගටම ඔවුන් නිදහස් වෙති. බොහෝ සේ හිරිහැරයට ලක් වූයේ අහිංසක අයයි. දැන් ඔබට පරම පියා හමුවුණා එමනිසා, පරම පියාගේ සේවය දැන් කළ යුතු බව ඔබට වැටහී ඇත. තමන්ට බැඳීම් ඇතැයි කියන්නන් බැටළුවෝ වාගේයි. ආණ්ඩුවට ඔබ දේව සේවය කිරීම නොකළ යුතු යැයි කිව නොහැක. කතා කිරීමට ඔබට ධෛර්යය අවශ්‍යයි. දැනුම ඇති අයට පහසුවෙන් බන්ධන වලින් නිදහස් විය හැකියි. ඔබට විනිසුරුවරුන්ට පවා පැහැදිලි කළ හැකියි: මා හට ආධ්‍යාත්මික සේවයේ යෙදෙන්න ඕන. ආධ්‍යාත්මික පියා අපට උගන්වනවා. ක්‍රිස්තියාණීන් අඩු තරමින් කියනවා: අපව ගලවා ගන්න! අපගේ මාර්ගෝපදේශක වන්න! ඔවුන්ගේ අවබෝධය නම් භාරතයේ මිනිසුන්ට වඩා හොඳයි. ඔබ අතරේත් ඉතා නුවණැති අයට සේවය කිරීමෙහි තියුණු සැලකිල්ලක් තිබෙයි. දේවමය සේවය කිරීම මගින් විශාල ලොතරැයියක්දිතා ගැනීමට හැකි වේවි යන වැටහීම ඔවුන්ට ඇත. සමහරුන්ට ලොතරැයිය ආදිය ගැන වැටහෙන්නේ පවා නැත. ඔවුන් එහි ගොස් මෙහෙකරුවන් මෙහෙකාරියන් වනවා ඇත. ඔවුන්ට හැඟෙනවා: මම මෙහෙකාරියක් වුණත් සොහොන්පල්ලෙක් වුණත් කමක් නැහැ අඩු තරමින් දිව්‍ය ලෝකෙට යන නිසාවෙන්. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ද එලෙස දක්නට ලැබෙයි. අසීමිත පියා ඔබට පැහැදිලි කරමින් සිටින බව ඔබට වැටහෙයි. මේ දාදාත් විස්තර කරනවා. පරම පියා උගන්වන්නේ මොහුගේ මාර්ගයෙනී. මේ තරම්වත් සමහරු වටහාගන්නේ නැහැ. මෙහි සිට සමුගෙන ගිය විගස සියල්ල අහවර වේ. මෙහි ඉඳිද්දී, ඔවුන්ට කිසිවක් නොවැටහෙන සේ සිටී. ඔවුන්ගේ බුද්ධි පිටත ලොව ගැන සිතමින් දෙගිඩියාවෙන් සිටී. එක් නපුරු භූතයෙක් වත් ඉවත් වී නොතිබෙයි. ඔබට උගන්වන්නේ කවුරුන්ද? ඔබ කවුරු බවට පත්වන්නේ ද? ඇතැම් අය ධනවතුන්ගේ මෙහෙකාරයන් සහ මෙහෙකාරියන් බවට පත්වේවි. ඔබ සම්පූර්ණයෙන් සේවයෙහි නියැළි සිටිය යුතුයි. ඔය දරුවන් ශාන්තිය ස්ථාපනය කිරීමේ උපකරණයන් බවට පත්ව ඇත. ඔබ ලොවෙහි ශාන්තිය සහ සතුට ස්ථාපනය කරයි. ශ්‍රීමත් අනුගමනය කිරිම මගින් ප්‍රායෝගික අයුරින් මෙය ස්ථාපනය කරන බව ඔබ දනී. මෙහිදී මොනම අශාන්තියක් හෝ නොතිබිය යුතුයි. බාබා එවන් හොඳ නිවෙස් මෙහිත් දැක තිබෙනවා. එක් නිවසක ලේලියන් හය හත් දෙනෙක් ඉතා සෙනෙහසින් එකමුතුව සිටියා. එහි සම්පූර්ණ සාමයත් තිබුණා. ඉතින්, ඔවුන් කීවේ එය ඔවුන්ට දිව්‍ය ලෝකයක් කියායි. එහි මොත විදියේ ගැටුමක් වත් තිබුණේ නැහැ. සැවොම කීකරුයි. ඒ කාලයේයි. බාබාට අත්හැර යාමේ සිතිවිලිත් ඇති වුණේ. ලොව ගැන නිරාශාවක් ඔහුට ඇතිවෙන්න පටන් ගත්තා. දැන් මේ ඇත්තේ අසීමිත නිරාශාවයි. කිසිම දෙයක් සිහි නොකළ යුතුයි. බාබාට සියලු දෙනාගේ නම් පවා අමතක වුණා. දරුවන් කියයි: බාබා ඔබට මා මතකයිද? බාබා කියයි: මා සියල්ලන්වම අමතක කරන්න ඕන. අමතක කරන්නත් එපා මතක් කරන්නත් එපා. එහි අසීමිත නිරාශාවක් තිබුණේ. සියල්ලන්වම අමතක කරන්න වෙයි. අප මේ ස්ථානයේ වැසියන් නොවේ. පරම පියා ඔහුගේ දිව්‍ය ලෝක උරුමය ඔබ හට දීමට පැමිණ සිටිනවා. මෙම බැප් එක අන් අයට පැහැදිලි කිරීමට ඉතා හොඳයි. යම් කෙනෙක් එය ඉල්ලුවොත් මෙසේ කියන්න: පළමුවෙන් එය තේරුම් ගන්න පසුව අරගන්න කියා. මේ බැප් එක තේරුම් ගැනීමෙන් ඔබට ලොවේ ස්වාධිපත්‍යය ලැබෙනවා. සමහරු මෙසේ ප්‍රශ්න කරයි: ඇයි දේවතාවන් වැටුණේ? ආහ්! ඒත් මේ චක්‍රය නොකඩවා කැරකෙයි. ඒ අය නොකඩවා පුණර්භව ගනී. ඒ හෙයිනුයි ඔවුන් පහළට පැමිණෙන්නේ. එහෙම නේද? චක්‍රය භ්‍රමණය විය යුතුයි. අනිවාර්යෙන් සෑම දෙනාගේම හදවතට වදී: ඇයි මට සේවය කරන්න බැරි? අනිවාර්යෙන් මගේ යම් අඩුවක් ඇති. මායාගේ නපුරු භූතයන් ඔබේ නාසයෙන් අල්ලාගෙන ඇත. ඔය දරුවන් වටහාගෙන තිබෙන්නේ ඔබ දැන් නිවසට යනවා ඉන්පසු නව ලොවට ගොස් එහි පාලනය කරනවා කියා. ඔබ සංචාරකයන්ය. එහෙම නේද? ඔබ ඈත එපිට දේශයෙන් ඔබේ කොටස රඟපාන්නට මෙහි එනවා. ඔබ අමරණීය දේශයට යාමට සිටින බව ඔබේ බුද්ධියෙහි දැන් ඇත. මේ මරණ භූමිය අවසන් වෙයි. පරම පියා විශාල වශයෙන් පැහැදිලි කරයි: කර්ම විඳවීමේ ලෙඩ රෝග මතු වේවි. මායා ඔබව සිර කරාවි. එහෙත් ඔබ කලබල වෙන්න එපා. කුඩා දෙයක් සිදු වූවත් පවා මිනිස්සු බොහෝ සේ කරදර වෙනවා. මිනිස්සු බොහෝ සේ දෙවියන් සිහිපත් කරන්නේ ලෙඩක් තිබෙද්දීය. බෙංගාලයෙහි. කෙනෙක් ලෙඩ වුණාම ඔහුට රාම නාමය මතුරන්නැයි කියා ඇත. කෙනෙකුගේ මරණ මංචකයේ දී ඔහුව ගංගා නදිය අසලට රැගෙන ගොස් "හරි" නාමය මතුරන්න සලස්වයි. එහෙනම්, ඔහුව ආදාහනය කිරීමට ආපසු ගෙන එන්නේ මොනවට ද? නිකම් ගඟට දැමිය හැකියි නේ! ඔහු කිඹුල්ලුන්ට මාළුවන්ට ආහාරයක් වේවි. ඒ ශරීරය අවම වශයෙන් ප්‍රයෝජනවත් වෙයි. පාර්සීස් වරුන් ශරීරය ළිඳක් මත තබති. එම ඇටකටුත් ප්‍රයෝජනවත් වෙයි. පරම පියා කියයි: ඔබ සියලු දේවල් අමතක කර දමා මා සිහිපත් කරන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:

  1. බන්ධන මුක්ත වී භාරතයේ සත්‍ය සේවයෙහි යෙදෙන්න. කුල්මත් බවෙන් පැහැදිලි කරන්න අපට උගන්වන්නේ ආධ්‍යාත්මික පියායි. අපි දැන් ආධ්‍යාත්මික සේවයෙහි යෙදී සිටින්නෙමු. දේවමය සේවය කිරීමට උද්යෝගිමත් බව තිබෙත්වා.
  2. කර්ම විඳවීමේ ලෙඩ රෝග නිසා හෝ මායාගේ කුණාටු නිසා කලබල හෝ කරදර නොවන්න. නොකඩවා පරම පියා විසින් දී තිබෙන දැනුම ධාරණය කරගෙන පරම පියාගේ ස්මරණයෙහි ප්‍රීතිමත්ව සිටින්න.
වරදානය: උතුම් ජීවාත්මයක් වී විනය නීතීන්ට අනුකුලව ඔබගේ අභෞතික මෙන්ම භෞතික ස්වරූප දෙකෙහිම සිහිවටනය සමරණ්න.
දීපමාලාව (පහන් වැල)ඔබ අවිනාශී දැල් වුණු පහන් රැසකගේ සිහිවටනයයි. ඔය දීප්තිමත් ජීවාත්ම පහන් දැල්ලක් සේ දිස්වන අතර ඔබ දීප්තිමත් ජීවාත්මයන්ගේ දිව්‍යමය ආලෝකයේ සිහිවටනය භෞතික පහන් දැල්ලක ස්වරූපයෙන් පෙන්නුම් කරයි. එමනිසා, එක් පැත්තකින් ඔබ අභෞතික ජීවාත්මයන්ගේ සිහිවටනය තිබෙන අතර අනිත් පැත්තෙන් ඔබගේ අනාගත භෞතික ස්වරූපය වන දිව්‍යමය ශ්‍රී ලක්ෂ්මි සිහිවටනය ඇත. මෙම දීපමාලාව ඔබට දේවතා තත්ත්ව ලබා ගැනීමට මඟ පාදයි. ඉතින් ඒ නිසා තමයි ඔබ ඔබගේම සිහිවටනය මෙලෙසින් සමරණ්නේ.
පාඨය: සෘණාත්මක දෙයක් ධනාත්මක ලෙස වෙනස් කිරීම සඳහා, ඔබේ හැඟීම් පිරිසිදු හා අසීමිත වීමට ඉඩ දෙන්න.
*** ඕම් ශාන්ති ***

මුර්ලි යනු කුමක්ද?

මුර්ලි යනු බ්‍රහ්ම කුමාරීන්ගේ දෛනික ආධ්‍යාත්මික ඉගැන්වීමයි; එය සෑම උදෑසනකම මධුබන් සිට ප්‍රකාශයට පත් වේ. මෙහිදී ඔබට අද මුර්ලි සිංහලෙන් කියවීමට, ශ්‍රව්‍ය ඇසීමට සහ PDF බාගැනීමට හැකිය. ඉගෙනීමට උදව්වක් ලෙස පාඨය හයිලයිට් කළ හැකිය — ඔබේ සලකුණු මෙම බ්‍රවුසරයේම සුරක්ෂිතව පවතී.

භාෂා 28කින් මුර්ලි

Daily Murli · Madhuban මූලාශ්‍රය: මධුබන් මුර්ලි අංශය මෙය ස්වාධීන කියවීමේ යෙදුමකි, නිල වෙබ් අඩවියක් නොවේ.