සිංහල මුර්ලි · Brahma Kumaris

අද මුර්ලි · 2025 අප්‍රේල් 28

ඕම් ශාන්ති · BapDada · 2025 අප්‍රේල් 28

අද මුර්ලි — today’s murli in Sinhala, every morning.

18
මුර්ලි2025 අප්‍රේල් 28 · සිංහල
0:00--:--

පාඨය තෝරන්න → හයිලයිට් / කොටුව / යටි ඉර

28-04-2025
උදෑසන මුරලි
ඕම් ශාන්ති
බාප්දාදා
මධුබන්
සාරය: සුමිහිරි දරුවනි, විනාශ වන සිරුරු වලට ආදරය නොකරන්න. ඒකායන අශාරීරික කෙනාට පමණක් සෙනෙහස දක්වන්න. කෙනෙකුගේ සිරුර දකින අතර එය නොදකින්න.
ප්‍රශ්නය: ඔබගේ බුද්ධිය පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය වන වෑයම කුමක්ද? පිරිසිදු බුද්ධියක ලක‍්ෂණය කුමක්ද?
පිළිතුර: ඔබගේ බුද්ධිය පිරිසිදු වන්නේ ජීවාත්ම අවධානයට පත් වීමෙන් පමණයි. එවන්, ජීවාත්ම අවධානයෙන් සිටින දරුවන්, තමන් ජීවාත්ම බව සලකා ඒකායන පරම පියාට පමණක් සෙනෙහසින් යුතුව සිටියි. ඔවුන් සවන් දෙන්නේ පරම පියාට පමණයි. කෙසේවෙතත්, අනුවණ බුද්ධි ඇති අය, සිරුරු වලට ආදරය කරයි; ඔවුන් නොකඩවා තම සිරුරු සරසයි.

ඕම් ශාන්ති. ’ඕම් ශාන්ති‘ කීවේ කවරෙක්ද, එසේම එය ඇසුනේ කාටද? වෙනත් සත්සංග වල දි එය ඇසෙන්නේ අනුගාමිකයන්ටයි. එය පැවසුවේ මහාත්මා හෝ ගුරූ බව ඔවුන් කියයි, නමුත් මෙහිදි ඔබ පවසන්නේ, පරමාත්ම ජීවය එය පැවසූ බව සහ එය ඇසුනේ ජීවාත්මයන්ට බවයි. මෙය යම් අළුත් දෙයක් නේද? ඔබ ජීව අවධානයට පත් විය යුතුයි. ඔබගෙන් ඇතැම් අය මෙහි අසුන් ගෙන සිටින්නේ ශරීර අවධානයෙන්ය. ඔය දරුවන් මෙහි අසුන්ගෙන සිටිය යුත්තේ ජීව අවධානයෙන්ය. ජීවාත්මය වන මා, මෙම සිරුර තුළ පෙනී සිටිනවා. අපට පහදා දෙන්නේ ශිව බාබාය. මෙය ඉතා පැහැදිලිව ඔබගේ බුද්ධියෙන් සිහි කළ යුතුයි. ජීවාත්මය වන මට, පරමාත්ම ජීවය සමඟ සම්බන්ධකමක් තිබෙනවා. පරමාත්ම ජීවය පැමිණ, මෙම සිරුර තුළින් අපට කතා කරයි. එබැවින් මෙම කෙනා ඒජන්ත බවට පත් වී ඇත. ඔබට විස්තර කරන කෙනා අර කෙනාය. ඔහු මේ කෙනාටත් දායාදය ලබා දෙයි එබැවින් ඔබගේ බුද්ධිය ඔහු වෙතට යා යුතුයි. නිදසුනක් ලෙස, පියෙකුට දරුවන් පස් දෙනෙක් හෝ හත් දෙනෙක් සිටියි නම්, ඔවුන්ගේ බුද්ධියේ යෝගාව තම පියා සමඟ රැඳී තිබෙයි නේද? මෙයට හේතුව වන්නේ ඔවුන්ට ඔහුගෙන් දායාදයක් හිමි වන නිසාය. දායාදයක් සහෝදරයෙකුගෙන් හිමි වන්නේ නැහැ දායාදයක් සෑම විටම හිමි වන්නේ පියාගෙන්ය. ජීවාත්මයකට තවත් ජීවාත්මයකගෙන් දායාදයක් ලැබෙන්නේ නැත. ජීවාත්ම ලෙසින් අප සියලු දෙනාම සහෝදරයන් බව ඔබ දන්නවා. ජීවාත්ම වන අප සියලු දෙනාගේම සම්බන්ධය තිබෙන්නේ, ඒකායන පරම පියා, පරමාත්ම ජීවය සමඟයි. ඔහු පවසන්නේ නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. මා වෙනුවෙන් පමණක් සෙනෙහස පුදන්න. නිර්මාණය වෙනුවෙන් සෙනෙහස ඇති කර නොගන්න. ජීව අවධානයට පත් වන්න! මා හැර ඔබ වෙනත් ඕනෑම ශාරීරික ජීවයක් සිහි කරන විට, එය හැඳින්වෙන්නේ ශරීර අවධානය ලෙසයි. මෙම ශාරීරික ජීවය ඔබ ඉදිරියේ සිටින නමුත් ඔබ ඔහුව නොදැකිය යුතුයි. එම ඒකායන කෙනාගේ සිහි කිරීම පමණක් ඔබගේ බුද්ධියේ තබාගන්න. අප සියලු දෙනාම සහෝදරයන් බව ඒ මිනිසුන් නිකමට කියයි. අප ජීවාත්ම බව, පරම පියා පරමාත්ම ජීවයගේ දරුවන් බව, ඔබ දන්නවා. ඔබට දායාදය හිමි වන්නේ පරම පියා, පරමාත්ම ජීවයගෙනි. එම පියා පවසන්නේ ඔබගේ සෙනෙහස තිබිය යුත්තේ මා වෙනුවෙන් පමණයි. මා ම පැමිණ, ඔය ජීවාත්මයන්ව, මා සමඟ විවාහ ගිවිස ගන්වනවා. මෙම විවාහ ගිවිසගැනීම ශාරීරික ජීවයක් සමඟ නොවෙයි. මෙහි ඇති අන් සියලුම සම්බන්ධතා තිබෙන්නේ, ශරීර සමඟයි. මෙකල ඔබ ජීව අවධානයට පත් විය යුතුයි ජීවාත්මය වන මා, පරම පියාට ඇහුම්කන් දෙනවා. එබැවින් ඔබගේ බුද්ධිය එම පියා වෙතට ඇදී යා යුතුයි. පරම පියා මෙම කෙනා අසලින් අසුන්ගෙන අපට දැනුම ලබා දෙනවා. ඔහු මෙම සිරුර ගෙන තිබෙන්නේ ණයටයි. ජීවාත්මය, නිවස තුළට එනම් මෙම සිරුරට ඇතුළු වී, චරිත කොටසක් රඟපායි එය හරියට ජීවාත්මය, චරිත කොටසක් රඟපෑම සඳහා තමන්ව නිවාස අඩස්සියට දමාගන්නවා වැනිය. ඔහු නිදහස්ය, එනමුත් ඔහු සිරුරක් තුළට ඇතුළු වී මෙම නිවස තුළ තමන්ව අගුළු දමා සිරකර ගෙන, තම චරිත කොටස රඟපායි. එක සිරුරක් හැර ගොස් තම චරිත කොටස රඟපෑමට තවත් සිරුරක් ගන්නේ ජීවාත්මයයි. වත්මන් කාලයේ ඔබ ජීව අවධානයෙන් රැඳී සිටින ප්‍රමාණයට අනුව ඔබ උසස් තත්ත්වයක් හිමි කරගනී. බාබාගේ සිරුර වෙනුවෙන් ඔබ තුළ සුළුවෙන් හෝ සෙනෙහසක් නොතිබිය යුතුයි. මෙම සිරුරින් ඇති ඵලක් නැත. මා මෙම සිරුර තුළට ඇතුළු වන්නේ ඔබට විස්තර කර දීමට පමණයි. මෙම විදෙස් දේශය රාවනගේ රාජධානියයි. මිනිසුන් රාවනගේ පඹයෙක් පුළුස්සන නමුත්, ඒ ගැන කිසි දෙයක් ඔවුන්ට වැටහෙන්නේ නැති අතර ඔවුන් නිර්මාණය කරන පිළිරූ ගැනද ඔවුන් කිසි දෙයක් නොදනී. ඔවුන්ගේ බුද්ධි මුළුමනින්ම අනුවණයි. රාවනගේ රාජධානියේ සියලු දෙනාගේම බුද්ධි සම්පූර්ණයෙන්ම අනුවණ වෙයි. ශරීර අවධානය තිබේ, එහෙම නේද? බුද්ධි පහත් බවට පත් වී තිබේ. පරම පියා පවසන්නේ අනුවණ බුද්ධි ඇති අය නොකඩවා සිරුරු සිහි කරමින් ශාරීරික ජීව කෙරෙහි සෙනෙහසින් යුතුව සිටියි. පිරිසිදු බුද්ධි ඇති අය, තමන් ජීවාත්ම බව සලකන අතරම, පරමාත්ම ජීවය සිහිකර නොකඩවා ඔහුට සවන් දෙයි. වෑයමක් අවශ්‍ය වන්නේ මෙයට පමණයි. මෙම සිරුර පරම පියාගේ රථයයි. බොහෝ දෙනෙක් මෙම සිරුර සමඟ සෙනෙහසින් බැඳෙයි. ඒ ආකාරයෙන්ම හුසේන්ගේ අශ්වයාව බොහෝ වර්ණනා කරන නමුත්, වර්ණනාව හුසේන්ගේ නොවෙයිද? එය අශ්වයාගේ වර්ණනාව නොවෙයි. හුසේන් ජීවාත්මය, නියත වශයෙන්ම මනුෂ්‍ය සිරුරකට ඇතුළු වන්නට ඇති, එහෙම නේද? ඔවුන්ට මේ දේවල් වැටහෙන්නේ නැහැ. මෙය හැඳින්වෙන්නේ, ස්ව-ආධිපත්‍යය ලබාගැනීම සඳහා අශ්වයා බිලි දෙන, රුද්‍රාගේ දැනුමේ අවිනාශී යාග ගින්න ලෙසයි. ’අශ්ව‘ යන වචනය ඇසීමෙන්, ඔවුන් එය වටහාගත්තේ භෞතික අශ්වයෙක් ලෙසින්. ඔවුන් අශ්වයෙක් බිල්ලට දෙයි. ඒ සියලුම කතා පුවත් අයත් වන්නේ භක්ති මාර්ගයටයි. ඔබව දැන් ලස්සන කරවන ඒකායන කෙනා මෙම සංචාරකයාය, එහෙම නේද? අප පෙර ලස්සනව සිටි අතර දැන් අවලස්සන වී ඇති බව ඔබ දැන් දන්නවා. පැමිණෙන සෑම ජීවාත්මයක්ම මුලදි සතෝප්‍රධාන් වන අතර පසුව සතෝ, රජෝ සහ තමෝ තත්ත්ව තුළින් යයි. පරම පියා පැමිණ සියලු දෙනාව ලස්සන කරවයි. ආගමක් ස්ථාපිත කිරීමට පැමිණෙන සියලුම ජීවාත්ම මුලදි ලස්සනයි. පසුව ඔවුන් රාග චිතකයේ අසුන් ගැනීමෙන් අවලස්සන වෙයි. මුලදි ජීවාත්ම ලස්සන වන අතර පසුව අවලස්සන වෙයි. අංක එකට ප්‍රථමයෙන් පැමිණෙන්නේ මෙම ජීවාත්මය වන අතර එබැවින් වඩාත්ම ලස්සන ඔහුය. ලක‍්ෂ්මි සහ නාරායන් තරම් ස්වභාවිකව ලස්සන වීමට වෙනත් කිසිවෙකුට නොහැක. මෙය දැනුම පිළිබඳ කාරණාවකි. සිසිල් දේශගුණ ඇති ස්ථාන වල ජීවත් වන නිසා, ක්‍රිස්තියානුවන් භාරත ජනතාවට වඩා සුදු පැහැතිය. කෙසේවෙතත්, සත් යුගයේ ස්වභාවික ලස්සන තිබේ. එහි ජීවාත්ම සහ සිරුරු, යන දෙකම ලස්සනයි. මෙකල සියලු දෙනාම අපවිත්‍රයි, අවලස්සනයි. පරම පියා පැමිණෙන්නේ සියලු දෙනාව ලස්සන කරවීමටයි. මුලදි ඔවුන් සතෝප්‍රධාන් සහ පිවිතුරුයි. ඉන්පසුව පහළට පැමිණෙන අතර රාග චිතකයේ අසුන් ගැනීමෙන් ඔවුන් ක්‍රම ක්‍රමයෙන් අවලස්සන වෙයි. පරම පියා දැන් පැමිණ ඇත්තේ සියලු ජීවාත්ම පිවිතුරු කිරීමටයි. ඔබ පිවිතුරු වන්නේ පරම පියාව සිහි කිරීමෙන් පමණයි. එබැවින් ඔබ සිහි කළ යුත්තේ ඒකායන කෙනාව පමණයි. ශාරීරික ජීවයන්ට ආදරය නොකරන්න. ඔබ අයත් වන්නේ ඒකායන පියාට බවත් ඔහු ඔබගේ සියල්ල බවත් ඔබගේ බුද්ධියේ තබාගන්න. ඔබගේ දෑසට පෙනෙන සියලු දේම විනාශ වීමටයි යන්නේ. ඔබගේ ඇස් දෙක පවා අවසන් වෙයි. පරම පියා, පරමාත්ම ජීවය, ත්‍රිනේත්‍රි (නෙත් තුනක් ඇති කෙනා) ලෙස හැඳින්වෙයි. ඔහුට දැනුමේ තෙවැනි ඇස තිබේ. එම ඒකායන කෙනාට මෙම නම්බු නාම සියල්ලම හිමි වී තිබේ ත්‍රිනේත්‍රී, ත්‍රිකාලදර්ශි සහ ත්‍රිලෝකිනාථ. ඔබට දැන් තුන් ලෝකය පිළිබඳ දැනුම ලැබී තිබේ. ඉන්පසුව මෙය අතුරුදහන් වෙයි. මෙම දැනුම තිබෙන කෙනා පැමිණ, ඔබට එය ලබා දෙයි. පරම පියා මෙහි අසුන්ගෙන ඔබගේ උපත් 84 පිළිබඳ දැනුම ඔබට ලබා දෙයි. පරම පියා පවසන්නේ තමන් ජීවාත්ම බව සලකන්න. මා පැමිණ මෙම සිරුර තුළට ඇතුළු වන්නේ ඔබව පිවිතුරු කිරීමටයි. ඔබ පිවිතුරු වන්නේ මාව සිහි කිරීමෙන් පමණයි. ඔබ වෙනත් කිසිවෙකු සිහි කරන්නේ නම් ඔබට සතෝප්‍රධාන් වීමට නොහැකි වෙයි. තම පාපයන් අහෝසි කර නොගන්නා අය ගැන කියැවෙන්නේ, ’විනාශ කාලයේ බුද්ධිය තුළ සෙනෙහස නොමැති අය, විනාශය කරා යයි.‘ මිනිසුන් තුළ බොහෝ අන්ධ විශ්වාස තිබේ. ඔවුන්ට ශාරීරික ජීව කෙරෙහි බැඳීම් තිබේ. ඔබ දැන් ජීව අවධානයට පත් විය යුතුයි. ඒකායන කෙනා කෙරෙහි පමණක් බැඳෙන්න. ඔබට වෙනත් කෙනෙක් කෙරෙහි බැඳීමක් තිබෙයි නම්, ඉන් කියැවෙන්නේ, ඔබට පියා කෙරෙහි සෙනෙහස නොමැති බුද්ධියක් ඇති බවයි. පරම පියා බොහෝ වාර ගණනාවක් පවසන්නේ ඔබගේ පියා වන මා පමණක් සිහි කරන්න! වෑයමක් අවශ්‍ය වන්නේ මෙයට පමණයි. ඔබ මෙසේද කන්නලව් කළා පැමිණ අපවිත්‍ර අපව පිවිතුරු කරන්න! ඔබව පිවිතුරු කරන්නේ පරම පියා පමණයි. උපත් 84හි ඉතිහාසය සහ භූගෝලය ඔය දරුවනට පහදා දෙන්නේ පරම පියා පමණයි. එය පහසුයි නේද? වඩාත්ම අපහසු විෂය වන්නේ සිහි කිරීමය. පියා සමඟ යෝගාවේ සිටීමේ කිසිවෙක් දක‍්ෂ නැත. සිහි කිරීමේ දක‍්ෂ නැති දරුවන්, පන්ඩිතයන් වගෙයි. කෙනෙක් දැනුමේ කෙතරම් දක‍්ෂ වුවත්, ඔහු සිහිපත් කිරීමේ නොසිටින්නේ නම්, ඔහු පන්ඩිතයෙකි. බාබා ඔබට පන්ඩිතයාගේ කතා පුවත පවසයි. පන්ඩිතයා පැවසු දේට සවන් දුන් අයට පරමාත්ම ජීවයගේ සිහි කිරීමෙන් එතෙර යාමට හැකි විය. පන්ඩිතයාගේ නිදසුනින් පවා හැඳින්වෙන්නේ ඔබ ගැනයි පරම පියා සිහි කරන්න, එවිට ඔබට එතෙර විය හැක. මුරලිය හොඳින් දැන සිටීමෙන් පමණක් ඔබට එතෙර යාමට හැකි වන්නේ නැහැ. සිහිපත් කිරීම නොමැතිව ඔබගේ පාපයන් අහෝසි කළ නොහැක. මේ සියලුම නිදසුන් නිර්මාණය කර ඇත. පියා මෙහි අසුන්ගෙන, ඒවාගේ නිවැරදි අරුත් ඔබට විස්තර කර දෙයි. ඔවුන්ට විශ්වාසය තිබුණා පරමාත්ම ජීවය සිහි කිරීමෙන් ඔවුන්ට එතෙර යාමට හැකි වෙයි, යන සත්‍යය පමණක් ඔවුන් හසුකර ගත්තා. ඔබට යෝගාව නොමැතිව, දැනුම පමණක් තිබේ නම්, උසස් තත්ත්වයක් හිමි කර ගත නොහැක. සිහිපත් කිරීමේ නොසිටින බොහෝ දෙනෙක් සිටියි. ප්‍රධාන දේ සිහි කිරීමය. ඉතා හොඳින් සේවය කරන බොහෝ දෙනෙක් සිටියි, නමුත් ඔවුන්ගේ බුද්ධියේ යෝගාව නිවැරදි නැත්නම්, ඔවුන් සිර වෙයි. යෝගාවේ සිටින කෙනෙක් ශරීර අවධානයේ සිර නොවන අතර ඔහුට අපවිත්‍ර සිතිවිලිද නොතිබෙයි. සිහිකිරීමේ දුර්වල අය වෙතට කුණාටු පැමිණෙයි. භෞතික ඉන්ද්‍රියන් යෝගාව මඟින් සම්පූර්ණයෙන්ම පාලනය වෙයි. නිවැරදි දේ කුමක්ද, වැරදි දේ කුමක්ද කියා වටහාගැනීමට, පරම පියා ඔබ සෑම කෙනෙකුටම බුද්ධියක්ද ලබා දෙයි. ඔබගේ බුද්ධිය අන් අයගේ සිරුරු වෙත යන විට, පියා කෙරෙහි එය තුළ සෙනෙහසක් නොමැති අතර, එය ඔබව විනාශය කරා ගෙන යයි. දැනුම, යෝගාවෙන් වෙනස්ය. යෝගාව තුළින් ඔබට නිරෝගිකම ලැබෙන අතර දැනුම තුළින් ධනය ලැබෙයි. යෝගාවේ සිටීමෙන් ඔබගේ සිරුරේ ආයුෂ වැඩි වෙයි. ජීවාත්ම කුඩා හෝ විශාල වන්නේ නැහැ. ඔහුගේ සිරුරේ ආයුෂ වැඩි වන බව, ජීවාත්මය කියනු ඇත. දැන් ආයුෂ කෙටිය. පසුව, කල්ප භාගයක් සිරුරු වල ආයුෂ දීර්ඝ වෙයි. අපි තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වෙයි. ජීවාත්ම පිවිතුරු වෙයි සෑම දෙයක්ම රඳා පවතින්නේ ජීවාත්ම පිවිතුරු කිරීම මතයි. ඔබ පිවිතුරු නොවන්නේ නම් ඔබට තත්ත්වයක් හිමිකර ගත නොහැක. වාර්ථාවක් තැබීමේදි මායා දරුවන්ව කම්මැලි කරවයි. ඔබගේ සිහිපත් කිරීමේ වන්දනා ගමන ගැන වාර්ථාවක් තබා ගැනීමට, ඔය දරුවන් තුළ බොහෝ උනන්දුවක් තිබිය යුතුයි. පරීක‍්ෂා කර බලන්න මා පරම පියාව සිහි කරනවාද, නැත්නම් මගේ බුද්ධිය නෑ සිය මිතුරන් කෙරෙහි ඇදී යනවාද? මා දවස පුරා සිටියේ කවුරුන් සිහි කරමින්ද? මා තුළ සෙනෙහස තිබුණේ කවුරු වෙනුවෙන්ද? මා කෙතරම් කාලයක් අපතේ හැරියාද? තමන්ගේ වාර්ථාවක් තබා ගන්න. කෙසේවෙතත්, නිති පතා වාර්ථාව ලිවීමට කිසිවෙකුට ශක්තියක් නැත. එය ලිවිය හැක්කේ ඔබගෙන් ඉතා සුළු පිරිසකට පමණයි. මායා ඔබට ඔබගේ වාර්ථාව සම්පූර්ණයෙන් පවත්වාගෙන යාමට ඉඩ නොදෙයි. ඈ ඔබව සම්පූර්ණයෙන් කම්මැලි කරවා, ඔබ අවදිව සිටීම විනාශ කරයි. පරම පියා පවසන්නේ නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. ඔය සියලුම ආදරවන්තයින්ගේ පෙම්වතා මමයි. එබැවින් ඔය සියලුම ආදරවන්තයින් නිරතුරුවම මාව සිහි කළ යුතුයි, එහෙම නේද? පරම පියා, පෙම්වතා පවසන්නේ ඔබ කල්ප භාගයක් මා සිහිකරමින් හිඳ ඇත. මා දැන් ඔබට මා සිහි කරන ලෙස පවසන්නේ, ඔබගේ පාපයන් අහෝසි කරගැනීමටයි. ඔබට බොහෝ සතුට ලබා දෙන එවන් පියෙක්ව ඔබ බොහෝ සේ සිහි කළ යුතුයි! අන් සියලු දෙනාම දුක දෙයි. ඔවුන්ගෙන් කිසි ඵලක් ඇති නොවෙයි. අවසානයේ, ප්‍රයෝජනවත් වන්නේ, පරම පියා, පරමාත්ම ජීවය පමණයි. සීමිත සහ අසීමිත අවසන් මොහොත තිබේ. මාව දිගින් දිගටම ඉතා හොඳින් සිහි කිරීමෙන්, ඔබට අකල් මරණ සිදුනොවෙයි. මා ඔබව අමරණීය කරවනවා. කෙසේවෙතත්, ප්‍රථමයෙන් පරම පියා කෙරෙහි ඔබගේ බුද්ධිය තුළ සම්පූර්ණ සෙනෙහස තිබිය යුතුයි. කවරෙකුගේ හෝ සිරුරට ඔබ තුළ සෙනෙහසක් තිබෙයි නම්, ඔබ ඇද වටෙන අතර අසමත් වෙයි. ඔබ චන්ද්‍ර වංශයේ කොටසක් බවට පත්වෙයි. දෙව්ලොව ලෙස හැඳින්වෙන්නේ සූර්ය-වංශික රාජධානියයි. රිදී යුගය දෙව්ලොව ලෙස හැඳින්වෙන්නේ නැත. ඒ ආකාරයෙන්ම තඹ සහ කලි යුග තිබේ. කලි යුගය, අන්ත තමෝප්‍රධාන් අපාය ලෙස හැඳින්වෙයි. තඹ යුගය එතරම්ම තමෝප්‍රධාන් නැත. තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වීම සඳහා ඔබ සිහිපත් කිරීමේ සිටිය යුතුයි. ඔබට යම් විශේෂිත පුද්ගලයෙක් කෙරෙහි සෙනෙහස තිබී, එම කෙනාගේ ආධාරය නොමැතිව ඔබට යහපතක් නොවන බව ඔබ සිතන්නේ නම්, එවන් ස්ථීතියක ඔබ ඔබගේ සිරුර හැර යන්නේ නම් කුමක් සිදුවෙයිද කියා ඔබටම වටහාගත හැක. විනාශ කාලයේ තම බුද්ධියේ සෙනෙහස නොමැති අයට සියලු දේ විනාශ වෙයි. ඔවුන් හිමි කරගන්නේ දුහුවිලි වැනි තත්ත්වයක්ය! මෙකල මොස්තර කිරීමද ප්‍රශ්න ඇති කරයි. අන් අය ආකර්ෂණය කිරීම සඳහා මිනිසුන් තම සිරුරු බොහෝ හැඩ ගන්වයි. පරම පියා දැන් පවසන්නේ දරුවනේ, කිසිවෙකුගේ නම හෝ රුව තුළ සිර නොවන්න. ලක‍්ෂ්මි සහ නාරායන්ගේ ඇඳුම් කෙතරම් රාජකීයද කියා බලන්න. එය ශිවාගේ දේවාලය වන අතර මෙය ගණිකා මඩම ලෙස හැඳින්වෙයි. බැතිමතුන් දේවතා පිළිම ඉදිරියට ගොස් මෙසේ කියයි අපි මෙම ගණිකා මඩමේ වැසියන්. මෙකල මෝස්තර කිරීම කෙතරම් විශාල ප්‍රශ්නයක්ද යත්, මෝස්තර කරන අය වෙත සියලු දෙනාගේ අවධානය ඇදී යන අතර ඉන්පසුව ඔවුන්ව පැහැර ගනී. ස්වර්ණමය යුගයේ සියලු දෙනාම නිතීයට අනුව ක්‍රියා කරයි. එහි ස්වභාවික සුන්දරත්වය තිබේ. එහි තිබෙන්නේ ස්වභාවික සුන්දරත්වයයි. අන්ධ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් නැත. මෙහි තව කෙනෙක් දෙස බැලීමෙන් පමණක්ම මිනිසුන්ගේ හදවත් එකිනෙකා කෙරෙහි ඇදී යයි. එවිට ඔවුන් වෙනත් ආගමක කෙනෙක්වද විවාහ කරගනී. ඔබට දැන් තිබෙන්නේ දේවමය බුද්ධිය. ගල් වැනි බුද්ධි ඇති අයගෙන්, දිව්‍යමය බුද්ධි ඇති අය බවට ඔබව පරිවර්ථනය කළ හැක්කේ පරම පියාට හැර වෙනත් කිසිවෙකුට නොවෙයි. එය රාවනගේ සමාජයයි. ඔබ දැන් අයත් වන්නේ රාමාගේ සමාජයටයි. පාණ්ඩවයන් සහ කෞරවයන් අයත් වන්නේ එකම සමාජයට වුවත් යාදවයන් යුරෝපියන්ය. යාදවයන් යුරෝපියන් බව, කිසිවෙකුට ගීතාවෙන් වටහාගත නොහැක. ඔවුන් පවසන්නේ, යාදව සමාජයද මෙහි සිටින බවයි. පරම පියා මෙහි අසුන්ගෙන විස්තර කරන්නේ යාදවයන් යනු, තමන්ගේම විනාශයට එම මිසයිල ආදිය නිපදවන යුරෝපියන්ය. පාණ්ඩවයන් ජය ලබයි ඔවුන් දිව්‍යලෝකයේ අධිපතියන් වෙයි. පැමිණ, දෙව්ලොව ස්ථාපිත කරන්නේ පරමාත්ම ජීවය පමණයි. ශාස්ත්‍ර වල පැවසෙන්නේ පාණ්ඩවයන් දිය වී ගිය බවයි. ඉන්පසුව සිදුවුණේ කුමක්ද? ඔවුන්ට වැටහීමක් නැත. ඔවුන්ට තිබෙන්නේ ගල් බුද්ධිය. කිසිම කෙනෙකුට සුළුවෙන්වත් නාටකයේ රහස් වැටහෙන්නේ නැත. දරුවන් බාබාව මුණගැසීමට පැමිණෙන විට, බාබා පවසන්නේ ඔබට ආභරණ ආදිය පැලඳිය හැක. දරුවන් පවසන්නේ බාබා, මෙහි ආභරණ පැලඳීම හරි නැහැ වගේ. අපවිත්‍ර ජීවාත්මයකගේ අපවිත්‍ර සිරුරක පැලඳි ආභරණ, නිවැරදි ලෙස පෙනෙන්නේ කොහොමද? එහි ඔබ ආභරණ ආදියෙන් සැරසී සිටියි. එහි අසීමිත ධනය තිබේ. සියලුම දෙනාට තිබෙන්නේ සතුටම පමණයි. ඒ කෙනා රජු බවත්, ඔවුන් පුරවැසියන්ගේ කොටසක්ය, යන අවධානය ඔවුන්ට තිබෙන නමුත්, දුක පිළිබඳ ප්‍රශ්නයක් නැත. මෙහි මිනිසුන්ට ආහාර ආදිය නොලැබෙන විට, ඔවුන් දුක අත්විඳියි. එහි ඔබට සියලුම දේ ලැබෙයි. එහි කිසිවෙකුගේ මුවින් ’දුක‘ යන වචනය, කිසිම විටෙක මතු වන්නේ නැහැ. එහි නාමයම වන්නේ, දෙව්ලොවයි. යුරෝපියන් එය පාරාදීසිය ලෙස හඳුන්වයි. එහි දෙවි දේවතාවන් වාසය කළ බව ඔවුන් විශ්වාස කරයි. ඒ නිසයි ඔවුන්ගේ ප්‍රතිමා බොහොමයක් ඔවුන් මිල දී ගන්නේ. කෙසේවෙතත්, එම දෙව්ලොව ගියේ කොහේද? කිසිවෙක් මෙය නොදනී. මෙම චක්‍රය භ්‍රමණය වන්නේ කෙසේද කියා ඔබ දැන් දන්නවා. ලෝකය පරණ බවින් අළුත් බවටත් අළුත් බවින් පරණ බවටත් වෙනස් වනවා. ජීව අවධානයට පත් වීමට විශාල උත්සාහයක් අවශ්‍යයි. ඔබ ජීව අවධානයට පත් වූ විට ඔබ මේ සියලුම අනේක ලෙඩ රෝග වලින් නිදහස් වෙයි. පරම පියාව සිහි කිරීමෙන් ඔබ උසස් තත්ත්වයක් හිමි කරගනී. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:

  1. කිසිම ශාරීරික ජීවියෙක්ව ඔබගේ ආධාරකය කර නොගන්න. කිසිවෙකුගේ සිරුරට සෙනෙහස ඇති කර නොගන්න. හදවතේ සෙනෙහස, ඒකායන පරම පියාට පමණක් විය යුතුයි. කිසිවෙකුගේ නම හෝ රූපය තුළ සිර නොවන්න.
  2. ඔබගේ සිහිපත් කිරීමේ වාර්ථාවක් පවත්වාගැනීමට උනන්දු වන්න. මෙයට අලස නොවන්න. ඔබගේ වාර්ථාවේ මෙය පරීක‍්ෂා කර බලන්න; මගේ බුද්ධිය ඇදී යන්නේ කවුරු වෙතටද? මා කෙතරම් කාලයක් අපතේ හරිනවාද? මට සතුට ලබා දෙන පරම පියාව මා කෙතරම් වෙලාවක් සිහි කරනවාද?
වරදානය: ඔබගේ භෞතික ගෘහය මෙන්ම ඔබගේ දිව්‍යමය පවුල යන දෙකම එක හා සමානව රැක බලා ගැනීමෙන්, ඔබ නිරන්තරයෙන් සැහැල්ලු සහ සාර්ථක වේවා.
ඔය සියලුම දරුවන්ට ඔබගේ ශාරීරික ජීවනෝපාය මෙන්ම ඔබගේ ආධ්‍යාත්මික ජීවිනෝපාය රැක බලා ගැනීමේ ද්විත්ව සේවය ලබා දී තිබේ. කෙසේවෙතත්, දෙයාකාරයේම සේවයට සමාන කාලයක් සහ අවධානය ලබා දිය යුතුයි. ශ්‍රීමත් වල තුඩ හොදින් තුලනය වී ඇත්නම්, එවිට දෙපසම සමාන වෙයි. කෙසේවෙතත්, ඔබගේ ගෘහය ගැන ඔබ කතා කරන විට ඔබ ගෘහවාසියෙක් වන අතර එවිට ඔබගේ සියලුම නිදහසට කාරණා ආරම්භ වෙයි. එබැවින් ගෘහවාසියෙක් නොව, භාරකරුවෙක් වීමේ අවධානය තබා ගෙන, ඔබගේ ගෘහය සහ ඔබගේ දිව්‍යමය පවුල අතර තුලනයක් පවත්වා ගන්න, එවිට ඔබ නිරතුරුවම සැහැල්ලුව සහ සාර්ථකත්වය විදියි.
පාඨය: ප්‍රථම කොට්ඨාශයට පැමිණීම සදහා, ඔබගේ භෞතික ඉන්ද්‍රියන් මෙන්ම මායාද ජය ගන්නා කෙනෙක් වන්න.
*** ඕම් ශාන්ති ***

අව්‍යක්ත සංඥාව: ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.

ශිව සහ ශක්ති යන ඔබගේ ඒකාබද්ධ ස්වරූපය නිරන්තරයෙන් වන්දනා කෙරෙයි. ශක්තීන්, ශිවාගෙන් වෙන්ව නොමැති අතර ශිවා, ශක්තීන්ගෙන් වෙන්ව නොමැත. මෙම ඒකාබද්ධ ස්වරූපයේ රැදී සිටින්න. මෙම ස්වරූපය පහසු යෝගීවරයෙකුගේ ස්වරූපය ලෙස හැදින්වෙයි. ඔබ, යෝගාවේ සිටීමට උත්සාහ දැරිය යුතු අය නොව, ඔබ නිරන්තරයෙන් ඒකාබද්ධව සිටියි; ඔබ නිරතුරුවම පියා සමග සිටියි. ඔබ දුන් පොරොන්දුව බොහෝ ස්ථිරව මතකයේ තබා ගන්න: මා නිරන්තරයෙන් ඔබ සමග ඉන්නම්, මා ඔබ සමග ජීවත් වෙන්නම්, මා ඔබ සමග පෙරළා නිවහනට යන්නම්.

මුර්ලි යනු කුමක්ද?

මුර්ලි යනු බ්‍රහ්ම කුමාරීන්ගේ දෛනික ආධ්‍යාත්මික ඉගැන්වීමයි; එය සෑම උදෑසනකම මධුබන් සිට ප්‍රකාශයට පත් වේ. මෙහිදී ඔබට අද මුර්ලි සිංහලෙන් කියවීමට, ශ්‍රව්‍ය ඇසීමට සහ PDF බාගැනීමට හැකිය. ඉගෙනීමට උදව්වක් ලෙස පාඨය හයිලයිට් කළ හැකිය — ඔබේ සලකුණු මෙම බ්‍රවුසරයේම සුරක්ෂිතව පවතී.

Also searched astodays murli in sinhala · today murli in sinhala · bk sinhala murli · sinhala pdf murli · sinhala murli today · daily murli sinhala · brahma kumaris sinhala murli · baba murli sinhala today

භාෂා 28කින් මුර්ලි

Daily Murli · Madhuban මූලාශ්‍රය: මධුබන් මුර්ලි අංශය මෙය ස්වාධීන කියවීමේ යෙදුමකි, නිල වෙබ් අඩවියක් නොවේ.