සිංහල මුර්ලි · Brahma Kumaris

අද මුර්ලි · 2026 ජූලි 31

ඕම් ශාන්ති · BapDada · 2026 ජූලි 31

අද මුර්ලි — සෑම උදෑසනම නවයි.

18
බාගන්න PDF
0:00--:--

පාඨය තෝරන්න → හයිලයිට් / කොටුව / යටි ඉර

31-07-2026
උදෑසන මුරලි
ඕම් ශාන්ති
බාප්දාදා
මධුබන්
සාරය: සුමිහිරි දරුවනි, ඔහු මහළු වූ විට, ඔහුගේ දරුවන් ඔහුට සේවය කරයි කියා, ශිව බාබා බලාපොරොත්තු වන්නේ නැත. ඔහු කිසිදාක මහළු වන්නේ නැත. පරහිතකාමී සේවකයෙක් වන්නේ ශිව බාබා පමණයි.
ප්‍රශ්නය: අවිහිංසක ස්වාමියා වන ශිව බාබා, සියලුම දරුවන්ගේ විශාලතම පාරිභෝගිකයා වන්නේ කෙසේද?
පිළිතුර: බාබා පවසන්නේ: මම කෙතරම් අවිහිංසක පාරිභෝගිකයෙක්ද යත්, ඔබට තිබෙන සියලුම පරණ දේ මිලට ගෙන, ඒ වෙනුවට මා ඔබට සෑම දෙයක්ම අළුතින් දෙනවා. ඔබ පවසන්නේ: “බාබා, මෙම ශරීරය, මනස සහ ධනය යන සියල්ල ඔබගේය.” ඒ වෙනුවට ඔබට ලස්සන සිරුරක් සහ අසීමිත ධනය ලැබෙයි.
ගීතය: අවිහිංසක ස්වාමියා මෙන් කිසිවෙකු අසහාය නැත!

ඕම් ශාන්ති. ඔවුන් භක්ති මාර්ගයේදී මෙම ගීය ගායනා කරයි. භක්ති මාර්ගයට අයත් සියලුම ගීත වල අරුත, පියා ඔබට පවසයි. අවිහිංසක ස්වාමියා ලෙස අමතන්නේ කාටද කියා ඔය දරුවන් දන්නවා. දේවතාවන්ට අහිංසක ස්වාමියා යැයි ඇමතිය නොහැක. සුදාම, හාල් මිටවල් දෙකක් දී, ඒ වෙනුවට මාලිගාවක් ලබා ගත් බව සිහි කර තිබේ නමුත් කෙතරම් කාලයකටද? උපත් 21කට! පියා සැබවින්ම පැමිණ, භාරතයේ ජනතාවට, දියමන්ති සහ මැණික් එබ්බවූ මාලිගා ලබාදෙන බව, ඔය දරුවන්ට වැටහෙයි. කුමක් වෙනුවටද? දරුවන් පවසන්නේ බාබා, මෙම සිරුර, මනස සහ ධනය යන සියල්ල ඔබගේය. මේ සියල්ල ලබා දුන්නේ ඔබයි. කෙනෙකුට දරුවෙක් ලැබුණු විට, දෙවියන් එම දරුවන් දුන් බව, ඔවුන් පවසයි. දෙවියන් ඔවුන්ට ධනය දුන් බවත් ඔවුන් පවසයි. මෙසේ පවසන්නේ කවුද? ජීවාත්ම. දෙවියන්, එනම් පියා, එය ලබා දුන්නා. පියා පවසන්නේ මෙකල, ඔබ සෑම දෙයක්ම බාබාට දිය යුතුයි. ඒ වෙනුවට මා ඔබව ලස්සන සිරුරකට මාරු කර යවා, තවද ඔබට අසීමිත ධනයද ලබා දෙමි. කෙසේවෙතත්, ඔහු එය ලබා දෙන්නේ කාටද? ඔහු එය අනිවාර්යෙන්ම දෙන්නේ ඔය දරුවන්ටයි. ඔබට ඔබගේ භෞතික පියවරුන්ගෙන් තාවකාලික කාලයකට ධනය ලැබුණි. අසීමිත පියා, අපට අසීමිත උරුමයක් ලබා දෙයි. පියා පහදා දෙන්නේ භක්තිය සහ දැනුම අතර, දිවා රාත්‍රිය මෙන් වෙනසක් තිබේ. භක්ති මාර්ගයේදී ඔබට සෑම දෙයක්ම ලැබෙන්නේ තාවකාලික කාලයකටයි. ඔබට ධනය ඇති විට, ඔබ සතුටින් සිටියි. කෙසේවෙතත්, මුදල් නොමැති අය, බොහෝ දුක් අත්විඳියි! බාබා ඔබට අසීමිත ධනය ලබා දෙන බවත්, ඔබ සතුට අත්විඳින්නේ මේ නිසා බවත්, ඔය දරුවන් දන්නවා. සතුටු දේශයේ සතුටෙහි අඩුවක් නැත. ඔවුන් සියලු දෙනාට ඔවුන්ගේම රාජධානිය තිබේ. එයට පිවිතුරු ගෘහස්ථ ආශ්‍රමය යැයි කියයි. පියා බොහෝ සේ අහිංසකයි! බලන්න, ඔහු ඔබගෙන් කුමක් ගෙන, ඒ වෙනුවට, කුමක් ලබා දෙන්නේද කියා! පියා ඉතා හොඳ පාරිභෝගිකයෙකි. පියෙක් කොහොමත් ඔහුගේ දරුවන්ගේ පාරිභෝගිකයෙකි දරුවෙක් උපත ලද විගස, සියලුම දේපළ ඔහුට අයත් වෙයි. වෙනත් පාරිභෝගිකයන් සීමිත වන අතර, එම කෙනා අසීමිත, අහිංසක ස්වාමියාය. ඔහු අසීමිත දරුවන්ගේ පාරිභෝගිකයාය. පියා පවසන්නේ මා පැමිණියේ උත්තරීතර දේශයේ සිටය. මා, ඔබට ඇති සෑම පැරණි දෙයක්ම ගෙන, නව ලෝකයේ ඔබට සෑම දෙයක්ම අළුතින් දෙන්නෙමි. ඔහුට පිරිණමන්නා යැයි කියන්නේ මේ නිසායි. එම කෙනා මෙන් තවත් පිරිණමන්නෙක් නැත. ඔහු පරහිතකාමී සේවයක් කරයි. පියා පවසන්නේ මම පරහිතකාමීය. මට කිසිම අපේක්ෂාවක් නැත. මා ඔබව රැක බලාගත් නිසා, ඔබගේ වගකීම වන්නේ ඔබගේ මහළු පියාව බලාගැනීම කියා මා නොකියමි නැහැ. ඔහු මහළු වූ විට, දරුවන්, ඔවුන්ගේ පියාව රැකබලා ගැනීම නීතියකි. මෙම පියා කිසිදා මහළු වන්නේ නැත ඔහු සෑම විටෙකම තරුණයි. ජීවය කිසිදා මහළු වන්නේ නැත. තමන් මහළු වූ විට, ඔහුගේ දරුවන් ඔහුට සේවය කරයි කියා, භෞතික පියෙක් බලාපොරොත්තු වන බව, ඔබ දන්නවා. ඔහුගේ දරුවන්ට ඔහු සෑම දෙයක්ම දෙන නමුත්, ඔහු ඒ වුවද ඔවුන්ගෙන් සේවයක් ලබා ගනී. ශිව බාබා පවසන්නේ මා සෑම දෙයක් අත්දැකීම, ඉක්මවා සිටින්නෙමි (අභෝග්තා) . මා කිසි දෙයක් කන්නේ නැත. මා පැමිණෙන්නේ ඔය දරුවන්ට දැනුම ලබා දෙන්නට පමණයි. උත්තරීතර ජීවාත්මය මෙහි අසුන්ගෙන, ජීවාත්මයන්ට විස්තර කරයි. සවන් දෙන්නේ එමෙන්ම සෑම දෙයක්ම කරන්නේ, ජීවාත්මයයි. ජීවය, සංස්කාර රැගෙන යන අතර, ඒවායේ පදනමට අනුව, ඔහුට සිරුරක් ලැබෙයි. මෙහි මුනෂ්‍යයන්ට බොහෝ මත තිබේ. ඇතමුන් පවසන්නේ ජීවය, දෙවියන් බවත්, ක්‍රියාවන්ගේ ඵලයේ බලපෑමට හසු නොවන බවත්ය. ජීව, ක්‍රියාවන්ගේ ඵලයේ බලපෑමට හසු නොවන බවත් ඔවුන් පවසයි. ජීව, බලපෑමට හසු නොවන්නේ නම්, ඔවුන් මෙසේ කියන්නේ ඇයි? ’පාප ආත්මය සහ පුණ්‍ය ආත්මය?‘ ජීවාත්ම, ක්‍රියාවල බලපෑමට හසු නොවන්නේ නම්, එය විය යුත්තේ, ’පාප සිරුර සහ පුණ්‍ය සිරුරයි.‘ ජීවයන්ගේ ආධ්‍යාත්මික පියා, ඔය ජීවයන්හට, මෙම ශරීරය තුළින් උගන්වන බව, ඔබ දැන් දන්නවා. ඔවුන් ආත්මයක් කැඳවයි. ඔවුන් පවසන්නේ මගේ පියාගේ ආත්මය මෙහි පැමිණ, මෙය රස බැලුවා. සෑම දෙයක්ම රස විඳින්නේ ජීවයයි. පියා මෙසේ නොකියයි. ඔහු සෑම දෙයක්ම අත්විඳීම, ඉක්මවා සිටියි (අභෝග්තා). ආත්මයක් පැමිණි විට, ඔවුන් කවන්නේ, බ්‍රහ්මණ පූජකයාටයි. ජීවය කවුරුන් හෝ තුළට ඇතුළු විය යුතුයි. බ්‍රහ්මණ පූජකයන් ආදීන්ට කෑම දීම, භාරතයේ සාමාන්‍ය දෙයකි. ඔවුන් ජීවාත්මයක් ගෙන්වා ගෙන, ඉන්පසුව එම ජීවාත්මයෙන් බොහෝ දේවල් අසයි ඔවුන්ට ලැබෙන සමහර පිළිතුරු නිවැරදි වෙයි. පිටව ගිය ජීවාත්මයන්ට කෑම දීමද නාටකයේ නියමිත වී තිබේ. මේ ගැන ඔබ පුදුම විය යුතු නැහැ. පියා ඔබට නාටකයේ රහස් කෙටියෙන් කියයි. ඔහුට නාටකය ගැන සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කළ නොහැක. සෑම කෙනෙක් ගැනම වෙන වෙනම පැවසීමට වසර ගණනාවක් ගත වෙයි. ඔය දරුවන්ට බොහෝ පහසු ඉගැන්වීමි ලැබෙයි! මෙසේ ගැයෙයි අහෝ පාරිශුද්ධකරුවාණෙනි, වඩිනු මැන! පැමිණ අපව පිවිතුරු කරන්න! ඔහුගේ නම, පාරිශුද්ධකරුය. බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්ට, පාරිශුද්ධකරු යැයි කිව නොහැක. පාරිශුද්ධකරු සහ විමුක්තිදායකයා ලෙස අමතන්නේ, පරමාත්ම පියාට පමණයි. ඔහුට දුක නැති කරන්නා සහ සතුට පිරිණමන්නා යැයි ද කියයි. ඔහු අශාරීරිකයි. ගොස් ශිව දේවාල නරඹන්න, එවිට ඔබ එහිදී ඕවලාකාර ප්‍රතිමාවක් දකියි. ඔහු නිසැකයෙන්ම ජීවමාන ස්වරූපයෙන් සිටි නිසයි, ඔහුට වන්දනාමාන කරන්නේ. දේවතාවන්ද ජීවමාන ස්වරූපයෙන් සිටි නිසයි, ඔවුන්ට ප්‍රශංසා කරන්නේ. නේරු, ජීවමාන ස්වරූපයෙන් සිටියා, මිනිසුන් ඔහුගේ ඡායාරූපයක් තබා, ඔහුට ප්‍රශංසා කරන්නේ මේ නිසාය. කෙනෙක් ඔහුගේ ජීවිත කාලය තුළදී යම් හොඳ දෙයක් සිදු කළ විට, මිනිසුන් එම කෙනාගේ ප්‍රතිමාවක් නිර්මාණය කර, ඔහුට ප්‍රශංසා කරති. වන්දනා කරන්නේ පිවිතුරු අයව පමණයි. කිසිම මනුෂ්‍යයෙක්ව වන්දනාමානයට ලක් කල නොහැක. ඔවුන්ට වන්දනා කල නොහැක්කේ, ඔවුන් පාපය තුළින්, උපත ලබන නිසාය. දේවතාවන්ට වන්දනා කරන්නේ, ඔවුන් නිරන්තරයෙන් පිවිතුරු බැවින්ය. පියා පැමිණි බවත්, දැන් නැවතත් සංගම යුගයෙදී, දිව්‍ය ලෝකය ස්ථාපිත කිරීමට පැමිණ ඇති බවත් ඔබ දන්නවා. පසුව තඹ යුගය සමඟින්, රාවණගේ රාජධානිය ආරම්භ වෙයි. රාවණගේ රාජධානිය ආරම්භ වන විට, ඔවුන් විගසින් ශිවා වෙනුවෙන් දේවාලයක් තනයි. ඔහු දැන් ජීවමාන ස්වරූපයකින් ඔබට මෙම ඥානය පවසයි. ඔහු සත්‍යය මෙන්ම ජීවමාන ජීවයයි. මිනිසුන් ඔහුගේ ගුණ ගී ගයයි. අශාරීරික කෙනාට සිරුරක් අවශ්‍ය වෙයි. පියා පැමිණ, ලෝකය, දිව්‍ය ලෝකය බවට පත් කරවයි. ඔබ එම දිව්‍ය ලෝකය පාලනය කිරීම උදෙසා, උත්සාහ දරයි. ඔබ දිව්‍ය ලෝකයේ නිවැසියන් බවට පත්වෙමින් සිටියි. අශාරීරික උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය, ඥානයේ මහා සාගරය වන නමුත්, ඔහු එම ඥානය ඔබට ලබා දෙන්නේ කෙසේද? ඔහු පවසන්නේ මා මෙම සිරුර තුළට ඇතුළු වෙමි, මන්ද, නාටකයේ මගේ චරිත කොටස මෙයයි. මම පදාර්ථයන්ගේ ආධාරය ගන්නෙමි. අංක එකට සිට, දැන් ඔහුගේ බොහෝ උපත් වල අවසන් උපතේ සිටින, මෙම කෙනා තුළට මා ඇතුළු වී, ඔහුට බ්‍රහ්ම යන නම තබමි. ආරම්භයේදී ඔබ සෑම කෙනෙක්ම බත්තියේ (උදුනේ) සිටි විට, බොහෝ දෙනෙකුට නම් දෙන ලදි. කෙසේවෙතත්, බොහෝ දෙනෙක් පිටව ගියා එබැවින් ඔවුන්ට නම් ලබා දීමෙන් ඇති වූ යහපත කුමක්ද? ඔබ එම නම් ඇසුවේ නම්, ඔබ විශ්මයට පත් වනු ඇත! බොහෝ විනෝදාත්මක නම් එකවර ලබා දෙන ලදි. ධ්‍යානයට සමවදින පණිවිඩකරුවන් විසින්, නම් ගෙන එන ලදි. ඔබ නිසැකයෙන්ම එම ලැයිස්තුව තබා ගත යුතුයි. සන්යාසීන් සියල්ල අත්හල විට, ඔවුන්ගේ නම වෙනස් කරයි. ඔවුන් තම නිවෙස් සහ පවුල් අතහැර යයි. ඔබ ඔබගේ නිවෙස් ආදිය අත්නොහරියි. ඔබ පැමිණ, බ්‍රහ්මට අයත් වන අතර, ඔබ කොහොමත් ශිවාට අයත්ය. ඔබ පවසන්නේ බාප්දාදා කියාය. සන්යාසීන්ට එය මෙසේ සිදුවන්නේ නැත. ඔවුන්ගේ නම් මාරු කරන නමුත්, ඔවුන්ට බාප්දාදාව හමු වන්නේ නැත. ඔවුන්ට ගුරු කෙනෙක් පමණක් හමුවෙයි. හත යෝගීන් සීමිත අත්හරින්නන් වන අතර රාජයෝගීන් අසීමිත අත්හරින්නන්ය. එබැවින් දිවාකල සහ රාත්‍රිය මෙන් වෙනසක් තිබේ. මෙසේ සිහි කර ඇත දැනුම, භක්තිය සහ නිරාශාව. ඔවුන්ටද නිරාශාව තිබෙන නමුත්, ඔවුන්ට නිරාශාවක් තිබෙන්නේ ඔවුන්ගේ නිවෙස් සහ පවුල් වෙනුවෙන් වන අතර, ඔබට මුළු මහත් ලෝකය ගැනම නිරාශාවක් තිබේ. ලෝකය වෙනස් වන බව, ඔවුන්ට නොවැටහෙයි. ඔබට අසීමිත නිරාශාව තිබේ. ලෝකය අවසන් විය යුතුයි. ඔබ වෙනුවෙන් නව ලෝකය නිර්මාණය කෙරෙනවා. ඔබ එහි යා යුතු නමුත්, ඔබට පිවිතුරු නොවී එහි යා නොහැක. නව ලෝකයේදී දේවතාවන්ගේ රාජධානිය සැබවින්ම තිබුණු බව, ඔබගේ හදවතට දැනෙයි. පියා දැන් එය ස්ථාපිත කරනවා. ඔබ ශිව බාබාව සිහිපත් කිරීමෙන් ඔබ පුණ්‍යවන්ත ආත්ම වන බව ඔබ දන්නවා. මෙය ඉතා පහසු නමුත්, ඔහුව සිහිකිරීමට ඔබට අමතක වෙයි. භක්ති මාර්ගයේ චාරිත්‍ර වාරිත්‍ර මුළුමනින්ම වෙනස්ය. කිසි කෙනෙකුට ආපසු නිවසට යා නොහැක. සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම නැවත උපත් ගත යුතුයි. ආපසු නිවසට යාමට තිබෙන්නේ එක් වාරයක් පමණයි. අහවල් කෙනා සදාතනික විමුක්තිය ලැබූ බව කීම, බොරුවකි. පියා පවසන්නේ නාටකය මැදදි, කිසිම ජීවයකට ආපසු නිවසට යා නොහැක එසේනම් මුළු නාටකයම කඩාකප්පල් වනු ඇත. සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම සතෝ, රජෝ සහ තමෝ යන තත්ත්ව හරහා යා යුතුයි. සදාතනික විමුක්තිය ලබා ගැනීමට බොහෝ දෙනෙක් මෙහි පැමිණෙන නමුත්, සදාතනික විමුක්තිය කියා දෙයක් නොමැති බව, ඔවුන්ට පහදා දෙනු ලබනවා. මෙම නාටකය සදාතනිකවම පෙර නියම වූවක් එය කිසිදා වෙනස් කළ නොහැක. මැස්සෙක් මෙහි පසුකර පියඹා යන විට, වසර 5000කට පසුව ඌ නැවත වරක් ඒ අන්දමින්ම මෙහි පසුකර පියඹා යනු ඇත. බාබා කෙතරම් අහිංසකද කියා ඔබ දන්නවා. පාරිශුද්ධකරු පියා, පරම දේශයේ සිට, චරිත කොටසක් රඟ පෑම සඳහා පැමිණෙයි. මෙම නාටකය නිර්මාණය වන්නේ කෙසේද, එමෙන්ම එහි ප්‍රධාන අය කවුරුන්ද කියා ඔහු විස්තර කර දෙයි. ලෝකයේම ධනවත් අයගේ නම් ඇතුලත් පොතක් ඔවුන්ට තිබෙන අතර, ඔවුන් අංක පිළිවෙලට, නම් ලැයිස්තු ගත කරයි. සියල්ලන්ට වඩා ධනවත් අය කවුද කියා, ඔබ දන්නවා. ඔවුන් පවසන්නේ, එය අමෙරිකාව බව නමුත්, සියල්ලට වඩා ධනවත්ම වන්නේ, දිව්‍ය ලෝකයේ සිටින විට, ලක‍ෂ්මි සහ නාරායන බව ඔබ දන්නවා. ඔබ අනාගතයේදී ධනවත්ම වන්නට උත්සාහ දරමින් සිටිනවා. මෙය තරඟයකි. ලක‍ෂ්මි සහ නාරායන තරම් ධනවත් කෙනෙක් සිටියිද? ඔවුන් ඇලඩින්ගේ මැජික් පහන ගැන කතාවක්ද ගොතා ඇත. ඔහු අත්පුඩි ගැසූ විට, කුබර්ගේ නිධානය මතු විය. ඔවුන් එවන් විවිධ නාට්‍ය වර්ග නිර්මාණය කර තිබේ. ඔබ එම සිරුරු හැර දමා දිව්‍ය ලෝකයට යන බව, ඔබගේ බුද්ධිය තුළ දැන් තිබේ. ඔබට අසීමිත සම්පත් ලැබෙයි. පරම පියා පවසන්නේ ඔබ මා සිහිපත් කරන විට, මායා මුළුමනින්ම ඔබගෙන් ඉවත් වී පැන යනු ඇත. ඔබ පියාව සිහි නොකරන විට, මායා ඔබට කරදර කරයි. ඔබ පවසන්නේ බාබා, මායාගේ බොහෝ කුණාටු මා වෙතට පැමිණෙයි. අච්චා, බොහෝ සෙනෙහසින් පියාව සිහි කරන්න, එවිට කුණාටු පියඹා යනු ඇත. ඔවුන් නිකමට නාට්‍ය නිර්මාණය කර ඇති නමුත්, එවන් කිසිවක් නැත. පියා ඔබට පවසන සෑම දෙයක්ම බොහෝ පහසුයි! පියාව සිහිපත් කරන්න, එවිට ඔබ තුළ ඇති වෙනත් ලෝහ ඉවත් වනු ඇත, එපමණයි. ඔහු ඔබට වෙනත් අපහසුතාවයක් දෙන්නේ නැත. සැබෑ රත්තරං වූ පිවිතුරු ජීවය, දැන් ව්‍යාජ වී ඇති අතර, සිහිපත් කිරීමේ ගින්නෙන් එය නැවතත් සැබෑ වෙයි. එය ගින්දරට නොදමා, රත්තරං පිරිසිඳු කළ නොහැක. මෙයට යෝගා ගින්න යැයි කියයි. මෙය සිහි කිරීම පිළිබඳ කාරණාවක්. ඒ මිනිසුන් බොහෝ විවිධ හතයෝගා ක්‍රම උගන්වයි. පියා ඔබට පවසන්නේ ඔබ එහෙ මෙහෙ ඇවිදින සහ ගමන් කරන අතර මා සිහි කරන්න! ඔබට කොපමණ වේලාවක් එක් ඉරියව්වකින් අසුන්ගෙන, මා සිහි කළ හැකිද? ඔබ එහෙ මෙහෙ යන එන අතර සහ සෑම දෙයක්ම කරන අතර, සිහිපත් කිරීමේ සිටිය යුතුයි. ඔබ අසනීපයෙන් සිටියත්, ඔබට මෙහි හාන්සි වී, බාබාව සිහි කළ හැක. ශිව බාබා සිහිකර, චක්‍රය බ්‍රමණය කරන්න, එපමණයි! ඔවුන් එවිට ලියා තිබෙන්නේ, පුද්ගලයා, ගංඟා නදියේ ගංතෙරේ, අමෘතය ඔහුගේ දෙතොලේ ඇතිව සිටිය යුතු බවයි. ගංඟා නදියේ, ගංතෙරේ, ඔබට හමුවන්නේ ගංඟා නදියේ ජලය පමණයි, මේ නිසයි මිනිසුන් ගොස් හරිද්වාර්හි සිටින්නේ. පියා පවසන්නේ ඔබට ඕනෑම තැනක සිටිය හැක. ඔබ අසනීපයෙන් සිටියත්, පියාව සිහිපත් කරන්න, එපමණයි. ප්‍රාණය, සිරුර හැර යා යුත්තේ ඔබ ස්ව-දර්ශන චක්‍රය බ්‍රමණය කරමින් සිටින විටයි. මෙය පුහුණු වන්න! දැනුම මාවතේ දේවල් සහ භක්ති මාර්ගයේ දේවල් අතර, දිවා රාත්‍රිය මෙන් වෙනසක් තිබේ. පියාගේ සිහිපත් කිරීම තිබීමෙන් ඔබ දිව්‍ය ලෝකයේ අධිපතියන් වෙයි. සොල්දාදුවන්ට පවසන්නේ සටන් බිමේ මිය යන අය, දිව්‍ය ලෝකයට යයි. ඇත්ත වශයෙන්ම සටන් බිම මෙයයි. ඔවුන් කෞරවයන් සහ පාණ්ඩවයන්ගේ සේනා පෙන්වා තිබේ. මහාභාරත යුද්ධය ඇති විය, නමුත් ඉන්පසුව සිදු වූයේ කුමක්ද? ප්‍රතිඵලයක් පෙන්වා නැත. ඔවුන් පූර්ණ අන්ධකාරයේ සිටින අතර, ඔවුන්ට කිසි දෙයක් වැටහෙන්නේ නැත. අවිද්‍යාවේ අන්ධකාරය යැයි එය හැඳින්වෙන්නේ මේ නිසාය. පියා පැමිණ ඇත්තේ, ආලෝකය ගෙන ඒමටයි. ඔහුට ඥාන මහා සාගරය, ඥානයෙන් -සපිරි කෙනා යැයි කියයි. ඔබට දැන් සියලුම ඥානය ලැබී තිබේ. එය, ඔබ සියලුම ජීව වාසය කරන, අශාරීරික ලෝකයයි. එයට බ්‍රහ්මාන්ද් යැයිද කියයි. මිනිසුන් මෙහි රුද්‍රාගේ යාග ගින්නක් නිර්මාණය කරයි. ඔය ජීවාත්මයන්ද පියා සමඟ වන්දනාවට ලක් වන්නේ, ඔබ බොහෝ දෙනෙකුට යහපත සිදු කරන නිසාය. ඔබ පියා සමඟ, විශේෂයෙන් භාරතයටත් සාමාන්‍ය ලෙස ලෝකයටත් ආධ්‍යාත්මිකව සේවය කරයි. පියා සමඟින් ඔය දරුවන්ද වන්දනාවට පාත්‍ර වන්නේ මේ නිසයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:

  1. මායාගේ කුණාටු පලවා හැරීම සඳහා, බොහෝ සෙනෙහසින් පියාව සිහි කරන්න. යෝගා ගින්නෙන්, ජීවාත්මය සැබෑ රත්තරං බවට පත් කරන්න.
  2. අසීමිත අත්හරින්නෙක් වී, මෙම පැරණි ලෝකය අමතක කර දමන්න. ලෝකය වෙනස් වන අතර ඔබ නව ලෝකයට යා යුතුයි. එබැවින්, මෙම පැරණි ලෝකය අත්හරින්න.
වරදානය: ඔබ කෝටි ගණනක ආදායමක් රැස් කර සෑම පියවරකදීම ප්‍රවේශම් වීමෙන් කෝටිපතියෙකු වේවා.
පරම පියා ඔබ දරුවන්ට ඉතා ඉහළ මනෝ ස්ථිතියක රැඳී සිටීමට අවවාද කරයි. එබැවින්, දැන් සුළු හෝ නොසැලකිලිමත් වීමකට කාලය නොවේ. දැන්, සෑම පියවරකදීම ප්‍රවේශම් වීමෙන්, සෑම පියවරකදීම කෝටිපතියෙකු වන්න. ඔබ කෝටි වාර ගණනක් වාසනාවන්ත ලෙස හඳුන්වනු ලබන ආකාරයටම, ඔබේ ක්‍රියාවන් ද එසේම කර ගන්න. කෝටි ගණනක් උපයා නොගන්නා එක පියවරක්වත් නොගන්න. එබැවින්, කල්තියා බොහෝ ප්‍රවේශමෙන් සලකා බලා, ශ්‍රීමත් අනුව සෑම පියවරක්ම අරගන්න. ඔබේම මනසේ නියමයන් ශ්‍රීමත් සමඟ මිශ්‍ර නොකරන්න.
පාඨය: ඔබේ මනස පිළිවෙලට තබා ගන්න, එවිට ඔබට ඉබේම “මන්මනභාව්” අවධිය අත්විඳිය හැක.
*** ඕම් ශාන්ති ***

අව්‍යක්ත සංඥාව: ගිණිකන්දක මනෝ ස්ථිතියේ රැඳී සිට බලවත් ස්මරණය අත්විඳින්න.

ඔබේ ස්මරණය බලවත් කර ගැනීම සඳහා, ඕනෑම ව්‍යාප්තියකට යන අතරතුර, සාරයේ මනෝ ස්ථිතිය පිළිබඳ ඔබේ පුහුණුව අඩු නොවිය යුතුය. ව්‍යාප්තියේ දී, සාරය අමතක නොකරන්න. කන්න, බොන්න සහ සේවය කරන්න, නමුත් නොබැඳිව සිටීමට අමතක නොකරන්න. ආධ්‍යාත්මික උත්සාහය යනු බලවත් ස්මරණයක් තිබීම සහ පරම පියා සමඟ හදවතේ නිරන්තර සම්බන්ධතාවයක සිටීමයි. ආධ්‍යාත්මික උත්සාහය යනු යෝගාවෙහි අසුන් ගැනීම පමණක් නොවේ, නමුත්, ඔබ ශාරීරිකව අසුන් ගෙන සිටිනවා සේම, ඒ හා සමානව, ඔබේ හදවත, මනස සහ බුද්ධිය පරම පියා සමඟ සම්බන්ධ වී නිරන්තරයෙන් ඔහු සමඟ අසුන් ගත යුතුය. එවැනි ඒකාග්‍රතාවය ගිනිදැල් දල්වනු ඇත.

මුර්ලි යනු කුමක්ද?

මුර්ලි යනු බ්‍රහ්ම කුමාරීන්ගේ දෛනික ආධ්‍යාත්මික ඉගැන්වීමයි; එය සෑම උදෑසනකම මධුබන් සිට ප්‍රකාශයට පත් වේ. මෙහිදී ඔබට අද මුර්ලි සිංහලෙන් කියවීමට, ශ්‍රව්‍ය ඇසීමට සහ PDF බාගැනීමට හැකිය. ඉගෙනීමට උදව්වක් ලෙස පාඨය හයිලයිට් කළ හැකිය — ඔබේ සලකුණු මෙම බ්‍රවුසරයේම සුරක්ෂිතව පවතී.

භාෂා 28කින් මුර්ලි

Daily Murli · Madhuban මූලාශ්‍රය: මධුබන් මුර්ලි අංශය මෙය ස්වාධීන කියවීමේ යෙදුමකි, නිල වෙබ් අඩවියක් නොවේ.