සිංහල මුර්ලි · Brahma Kumaris

අද මුර්ලි · 2026 නොවැම්බර් 24

ඕම් ශාන්ති · BapDada · 2026 නොවැම්බර් 24

අද මුර්ලි — සෑම උදෑසනම නවයි.

18
බාගන්න PDF
0:00--:--

පාඨය තෝරන්න → හයිලයිට් / කොටුව / යටි ඉර

24-11-2026
උදෑසන මුරලි
ඕම් ශාන්ති
බාප්දාදා
මධුබන්
සාරය: සුමිහිරි දරුවනි, ඥානය නම් වූ ධනය දානය කිරීම සඳහා, මෙම ඥාන සාගරය නැවත නැවතත් ආවර්ජනය කරන්න. දානය කිරීමට අශාවක් ඇති කර ගන්න. එවිට ඔබ දිගින් දිගටම මෙය ආවර්ජනය කරයි.
ප්‍රශ්නය: ඥාන මාර්ගයේදී නිරන්තරයෙන්ම සෞඛ්‍යමත්ව සිටිනා ක්‍රමය කුමක්ද?
පිළිතුර: නිරන්තරයෙන්ම සෞඛයමත්ව සිටීමට නම් පියාගෙන් ඔබ ලබන ඥානය (මුරලි) නම් වූ තණකොළ සපා කමින් ඒවා දිරවා ගන්න. ඒ කියන්නේ, ඥානය මතගාන්න. එසේ සපා කමින්, එනම්, දිරවා ගැනීමේ පුරුද්ද තිබෙන දරුවන් කිසිම විටෙක අසනීප වන්නේ නැත. පාපයේ කිසිම අසනීපයක් නොමැති දරුවන් නිරන්තරයෙන්ම සෞඛ්‍යමත්ව සිටිනු ඇත.
ගීතය: ඔබයි සෙනෙහසේ සාගරය අපි ඔබෙන් එක බිඳුවක පිපාසයෙන් සිටිමු.

ඕම් ශාන්ති. දරුවන්ට ගීතය ඇසුණා. මිනිස්සු නිර්මාණය කරන ඕනෑම ගීතයක හෝ ලියන ඕනෑම ආගමික ග්‍රන්ථයක අදහස් කුමක්ද යන්න ගැන ඔවුන් දන්නේ නැහැ. ඒ මිනිස්සු කියවන කිසිම දෙයකින්, කිසිම කෙනෙක් ප්‍රයෝජනයක් ලබා නැහැ. නමුත් ඒ වෙනුවට සිදු වී තිබෙන්නේ යම්කිසි අඩුවකි. සියල්ලන් හටම ප්‍රයෝජනයක් වන්නේ ඒ එකම එක පරමාත්ම දෙවියන් පමණයි. ඔබට එසේ ප්‍රයෝජනයක් වන තැනැත්තා දැන් පැමිණ සිටින බව දැන් ඔබට වැටහෙනවා. ඔහු ඔබට ප්‍රයෝජනවත් වූ මාර්ගය පෙන්වා දෙනවා. විශේෂයෙන්ම භාරතයේ දරුවන් වන ඔබටත්, සාමාන්‍යයෙන් මුළු ලෝකයේම අයටත් ප්‍රයෝජනයක් වන්නේ ඒ එකම එක පියා පමණයි. ඔබ සැවොම ස්වර්ණමය යුගයේ සිටිනා කල ඔබ සෑම කෙනෙක්ම ප්‍රයෝජනයක් ලැබුවා. ඔබ සියලු දෙනා සතුටෙහි දේශයෙහි සිටි අතර අනෙක් සෑම කෙනෙක්ම සිටියේ සාමයේ දේශයේයි. දරුවන්ගේ බුද්ධිය තුළට මෙය වැටී තිබෙනවා. නමුත් මෙම කරුණ ලිස්සා යනවා ඔබ එය සම්පූර්ණයෙන්ම ධාරණය කර ගන්නේ නැහැ. ඔබ එක් කරුණක් ගැන හෝ මෙම ඥාන සාගරය නැවත ආවර්ජනය කළහොත් මෙසේ සිදුවන්නේ නැහැ. අද ලෝකයේ මිනිසාට සතුන්ට තරම්වත් වූ අවබෝධයක් නැහැ. සතුන් (ගවයින්) තණකොළ කා දිගින් දිගටම ඒවා වමාරා කනවා. ඔබත් ආහාර ගන්නවා. නමුත් ඔබ දවස පුරා එය වමාරා කන්නේ නැහැ. ගවයින් දවස පුරාම ඒවා වමාරා කමින් ඉන්නවා. ඔබ ඥානය නම් වූ තණකොළ කනවා. යෝගා හා ඥානය කියා දෙකක් තිබෙනවා. මෙම කරුණ සිහියේ තබා ගනිමින් දිගින් දිගටම ඥානයේ සාගරය නැවත තැවතත් ආවර්ජනය කරන්න. සේවය කිරීමට කිසිම කැමැත්තක් නැති අයට ඥානය ආවර්ජනය කිරීමෙන් කළ හැක්කේ කුමක්ද? ඔවුන් තුළ එම ආශාව නැති නිසා, ඔවුන් කිසිම දෙයක් කරන්නේ නැහැ. සමහරු ඥානය නම් වූ ධනය දීමට ඉතාමත් කැමතියි. මිනිස්සු ගව ගාලට ගොස් ගවයන්ට තණකොළ කවනවා. ඔවුන් එය පුන්‍ය ක්‍රියාවක් ලෙස සලකනවා. පියා ඔබට මෙම ඥානය නම් වූ තණකොළ කවනවා. ඔබ දිගින් දිගටම මෙම ඥානය මතගෑවොත් සතුටින් සිටින අතර සේවය කිරීමටත් ආශාවක් ඇති වනවා. ඥානයේ පුන් කළසක් ලැබුවත්, බින්දුවක් ලැබුවත් ඒ දෙගොල්ලන්ම දිව්‍ය ලෝකය වෙත යනු ඇත. දිව්‍ය ලෝකයට යාමේ දොරටු දැන් විවෘත වීමටයි තිබෙන්නේ. ඇත්තෙන්ම ඔබ මේ ඥාන සාගරය ගිල ගත යුතුයි. සමහරු සම්පූර්ණයෙන්ම එය ගිල ගන්නා අතර තවත් සමහරු පැමිණ එක් බින්දුවක් ලබා ගන්නවා. නමුත් ඔවුනුත් අනිවාර්යෙන්ම දිව්‍ය ලෝකය වෙත යනවා. ඔබ කෙතරම් දුරට ධාරණය කර ගන්නවාද, ඒ තරම්ම වූ උසස් තත්ත්වයක් ද ලබනවා. එක් බින්දුවකින් වුවත් ඔබට දිව්‍ය ලෝකයට යාමට පුළුවන්. කෙනෙක් මිය ගිය විට මිනිස්සු ගංඟා ජලයෙන් බින්දුවක් ඔහුගේ කටට දමනවා. සමහර ගෙවල්වල සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේත් ගංඟා ජලයයි. ඔවුන් එසේ තවත් කෙතරම් පානය කරයිද? ගංඟා සදාකාලිකවම සැමදාම ගලනවා. කිසිම කෙනෙකුට එය සම්පූර්ණයෙන්ම ගිලදැමිය නොහැකියි. ඔබගේ සිහිවටනයෙහි තිබෙන්නේ, ඔබ සම්පූර්ණ සාගරයම බිව්වා වැනි දෙයක්. ඥාන සාගරයට සමීප වන අය වගේම බොහෝ සෙයින් සේවයෙහි යෙදෙන අය රුද්‍රාගේ මල්දාමයට එක්වනවා. ඔබ කෙතරම් දුරට මෙය ගිල ගනිමින් අන් අයටත් සේවය කරනවාද, එවන් වූ තත්ත්වයක් ඔබ විසින් හිමි කර ගනු ඇත. ඔබ කෙතරම් දුරට ධාරණය කර ගන්නවාද, ඒ තරම්ම වූ සතුටක් ද ඔබ ලබනු ඇත. ධනවත් මිනිස්සු ඉන්නේ සතුටින්. බොහෝ ධනය තබාගෙන ඒවා දානය කරන, පාසැල් තනන, වන්දනාකරුවන්ට හෝ කෝවිල්වල විවේක ශාලා තනන අයත් විශාල සතුටක් ලබනවා. මෙහිදී, ඔබ අවිනාශී වූ ඥාන මිණිමුතු ලබා ගන්නවා ඔබ උපත් 21ක් සඳහා අවිනාශී වූ ධනයක් ලබනවා. මෙය ඉතාමත් හොඳින් ධාරණය කරගෙන අන් අයටත් දානය කරන අය හොඳ තත්ත්වයක් හිමිකර ගන්නවා. සමහර දරුවන් ලියනවා බාබා, මට මගේ රැකියාවෙන් ඉවත්වී ආධ්‍යාත්මික සේවයේම රැඳෙමින් ප්‍රොජෙක්ටර් හා ප්‍රදර්ශන පැවැත්වීමට අවශ්‍යයි. කෙනෙක් මෙම දැනුමෙහි බින්දුවක් හෝ ලදහොත්, ඔහු එයින් ප්‍රයෝජනයක් ලබනු ඇත. සේවය කිරීමට මා තුළ විශාල ආශාවක් තිබෙනවා. කොහොමනමුත්, බාබා හැමෝගේම තත්ත්වය ගැන දන්නවා. සේවය කරනවාත් සමඟම, එම ගුණාංගද තිබිය යුතුයි. කිසිම කෝපයක් හෝ වැරදි සිතිවිල්ලක් ඔබ තුළ ඇති නොවිය යුතුයි. පාපයන්ගේ කිසිම අසනීපයක් ඔබ තුළ නොතිබිය යුතුයි. හොඳ සෞඛ්‍යමත් බවක් අවශ්‍යයි. පාප අඩුවෙන් තිබෙන අය, සෞඛ්‍යමත් බව බාබා කියනවා. බාබා ඔවුන්ට ප්‍රශංසා කරනවා. හොඳ මහාරාතීන් කවුද යන්න ගැනත් මෙහිදී සිහපත් වනවා! දේවතාවන් හා යක්ෂයන් අතර යුද්ධයක් ඇති වූ බවත්, දේවතාවන් ජයග්‍රහණය ලැබූ ආකාරයත් පෙන්නුම් කර තිබෙනවා. දැන් අපගේ සටන තිබෙන්නේ, යක්ෂයන් නැතිනම් පාප සමඟයි. යක්ෂයන් කියන්නේ වෙනයම් ආකාරයක මනුෂ්‍ය කොට්ඨාශයක් නොවේ. නමුත් එසේ හඳුන්වන්නේ යක්ෂ ගතිගුණ ඇති මනුෂ්‍යයන්වයි. පළවෙනිම යක්ෂ ගතිය තමයි රාගය. මේ නිසා තමයි සන්යාසීන් පවා මෙය අත්හැර යන්නට යන්නේ. මෙම යක්ෂ ගති අත්හැරීමට උත්සාහය අවශ්‍යයි. ඔබ නිවසෙහි වාසය කළ යුතුයි. නමුත් ඒ වගේම මෙම යක්ෂ ගතිත් අත්හළ යුතුයි. පාරිශුද්ධත්වයට පත්වීමෙන්, ඔබ මුක්තිය හා ජීවන මුක්තිය ලබනවා. මෙයින් ඔබ ලබන දෙය ඉතාමත් උසස් දෙයක්. මිනිස්සු තම නිවහනත්, පවුලත් සියල්ල අත්හැරදමා යන්නට යනවා. එහෙත් ඔවුන් කිසිම දෙයක් ලබන්නේ නැහැ. මෙම පින්තූර මඟින් තේරුම්ගත යුතු වන හොඳ දේ බොහොමයි. මිනිස්සු සාමාන්‍යයෙන් පින්තූර ප්‍රදර්ශන ආදිය පවත්වනවා. ඉතින් බොහෝ මිනිස්සු ඒ පින්තූර බැලීමට පමණක් එහි යනවා. නමුත් ඒ කිසිම දෙයක කිසිම ප්‍රයෝජනයක් නැහැ. මෙහි මෙම පින්තූරවල විශාල දැනුමක් තිබෙන අතර ඒවායින් සෑහෙන ප්‍රයෝජනයක් ද ලද හැකියි. එය එහි තිබෙන කලාත්මක බවක් හෝ ඒවා ඇඳි අයගේ දක්ෂතාවයක් හෝ නොවේ. මිනිස්සු තමන්ගේම වැඩයට (පින්තූරයට) තම අත්සන යොදනවා. ඒ වගේම කලාකරුවන් තෑගි ලබා ගන්නවා. සමහරු අඩුම තරමින් තමන් අනිවාර්යෙන්ම පියාව සිහිපත් කළ යුතුයි යන්න වටහා ගන්නවා. ඔවුන් මේ ටික හෝ කියතහොත්, පුරවැසියෙක් හෝ වනවා. බොහෝ පුරවැසියන් තව නිර්මාණය විය යුතුයි. මා ඥානයේ සාගරයයි. කෙනෙක් ඥානයේ බින්දුවක් හෝ ලදහොත් ඔහුට දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. බොහෝ මිනිස්සු ප්‍රදර්ශනවලට හා පොළවල්වලට පැමිණීමෙන් සෑහෙන දෙයක් තේරුම් ගන්නවා. සෑම කෙනෙක්ටම ප්‍රයෝජනයක් වූ තැනැත්තා වන්නේ පරමාත්ම දෙවියන්ය. ඔබත් ප්‍රයෝජනය ලබනවා. නමුත් ඔබ දිගින් දිගටම මේ ඥාන සාගරය මතගෑ යුතුයි. ඔබ තම ආකල්පය තුළ මෙය තබා ගතහොත්, විශාල ප්‍රයෝජනයක් ලැබීමට ඔබට හැකිවනවා. ඔබ එක් කනකින් නරක දේට සවන් දී අනෙක් කනින් එය පිට කළ යුතුයි. පියා කියනවා මා ඔබට ඉතාමත් හොඳ දේවල් කියා දෙනවා. පළවෙනිම ප්‍රධානම දෙය පියාගේ හැඳින්වීම ලබා දීමයි. ඉතා සරළ ලෙස ඒ එකම පියා පමණක් සිහිපත් කරන්න. සියලුම දේ ඔහුයි. භක්ති මාර්ගයේ මෙවැනි මිනිස්සු බොහොමයක් ඉන්නවා. ඔවුන්ට කියන්න ඔබ ඉතාමත් හොඳ වැඩක් කරනවා. තමා විසින් සෑම දෙයක්ම කරවන්නේ දෙවියන් බව ඇඟිල්ලෙන් සංඥා කරමින් කියනවා. ඔහු තමයි සෑම කෙනෙක්ටම ප්‍රයෝජනයක් ගෙන එන තැනැත්තා වන්නේ. එමෙන්ම ඔහු වාසය කරන්නේ ඒ ඈත දනව්වෙහියි. ජීවාත්ම වන ඔබ වාසය කරන්නේත් ඒ ඈත දනව්වෙහියි. ඔබට දැන් ඥානය පිළිබඳ වූ මෙම කරුණු සියල්ලක්ම අවබෝධ වනවා. පියා කියනවා දරුවනි, ඔබගේ ඇඳුම් (ශරීරය) දැන් ඇඳලාම දිරාපත්වෙලා. ස්වර්ණමය යුගයේදී හා රිදී යුගවලදී ඔබට ඉතාමත් ලස්සන ඇඳුම් තිබුණා. දැන් ඔබ තවත් කොතරම් කාලයක් මේ දිරාපත් වූ ඇඳුම් ඇඳගෙන සිටිමට සිතනවාද? කොහොමනමුත්, කිසිම කෙනෙක් මෙය වටහා ගන්නේ නැහැ. පියා පැමිණ විස්තර කළහොත් පමණයි ඔබට තේරුම්ගත හැකි වන්නේ. ඥානය දෙන්නේ ඒ එකම එක පියා පමණක් බව දැන් දරුවන්ට වැටහෙනවා. ඔහු සාගරයයි. ඥාන සාගරය ගිලගන්නා අය ජයග්‍රහණයේ මල්දාමයට එකතු වනවා. ඔවුන් නිරන්තරයෙන්ම සේවයෙහි නියැලෙමින් කාර්යබහුලව වෙසෙනවා. බාබා පැමිණ සිටින්නේ රුද්‍රාගේ මල් දාමය නිර්මාණය කිරීම සඳහායි. පසුව ඔබ නැවතත් නිවස වෙත යා යුතුයි. ඔබ පැමිණි ස්ථානයටම ඔබ නැවතත් අනුපිළිවලින් යනවා. ඊට කලින් හෝ ඊට පසුව යාමට ඔබට බැහැ. නාට්‍යයක වුවත්, සෑම නළුවෙක්ටම තමන්ගේ චරිත කොටස සඳහා නියමිත වූ අවස්ථාවක් තිබෙනවා. මෙහිදීත් සෑම නළුවෙක්ම, තමන්ට නියමිත අවස්ථාවේදී අනුපිළිවෙලින් මෙහි පැමිණෙනවා. මෙය තමයි දෛවෝපගත වූ අසීමිත නාට්‍යය. ජීවාත්ම නැතිනම්, තිත් වන අප වාසය කරන්නේ ඒ ආලෝකයෙන් පිරි දනව්වෙහියි. එහි තවත් මොනවද තිබෙන්නේ? තිතක් වන ජීවාත්මයක් හා විශාල ශරීරයක් අතර සෑහෙන වෙනසක් තිබෙනවා. ජීවාත්මයක් ගන්නේ එවන් වූ ඉතාමත් කෙටි ප්‍රදේශයක් වුවත් ඒ බ්‍රහ්ම් නම් වූ විශාල මහාභූතය සඳහා සෑහෙන ඉඩක් අවශ්‍ය වනවා. විශ්වයට අගක් මුලක් නැතිවා සේම, බ්‍රහ්මාලෝකයටත් සීමාවක් නැහැ. ඔවුන් එහි අග සොයා යාම සඳහා බොහෝ වෙහෙස වනවා. නමුත් ඔවුන්ට එසේ කළ නොහැකියි. ජීවාත්මය කියන්නේ ඔවුන්ට එල්ලී යෑමට හැකි දෙයක් නොවේ. විද්‍යාව පිළිබඳව මිනිස්සු බොහෝ ආඩම්බර වනවා. නමුත් එයින් කිසිම ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. අහස කියන්නේ කිසිම දෙයක් නොමැති හිස් අවකාශයක් බව ඔවුන් කියනවා. හඳේ ලෝකයක් තිබෙන බව ඔවුන් විශ්වාස කරනවා. එයද නාටකයේ එලෙසින්ම තීරණය වී තිබෙන ඔවුන්ගේ චරිත කොටසයි. එයින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. පියා පැමිණ අපව ලෝක පාලකයන් බවට පත් කරවනවා. එහි සෑහෙන ප්‍රයෝජනයක් තිබෙනවා. කොහොමනමුත්, හඳට යෑමෙහි හෝ මැජික් බලයෙන් යකුන් හෝ හොල්මන් පලවා හැරීමෙන් ඇති ඵලය කුමක්ද? අප දැන් ඒ අසීමිත වූ පියාගෙන් අපගේ අසීමිත වූ උරුමය ලබා ගන්නවා. සෑම චක්‍රයකදීම අප එය ලැබුවා. ලෝකයේ ඉතිහාසය හා භූගෝලය නැවත නැවතත් ඒ අයුරින්ම කැරකෙනවා. මෙම චක්‍රය නොකඩවාම කැරකෙනවා. මුලදී ලෝකයේ තිබුණේ භාරතය පමණයි. එහිදී, දේවතාවන් වෙන කිසිම දේශයක් පිළිබඳ කිසිවක් දන්නේවත් නැහැ. ඒ සෑම කෙනෙක්ම එන්නේ පසුවයි. අලුත් ආගම් නායකයින් පැමිණ තම ආගම ස්ථාපනය කරනවා. කොහොමනමුත්, ඔවුන් කිසිම කෙනෙක්ට විමුක්තියක් දෙන්නේ නැහැ ඔවුන් කරන්නේ ආගමක් ස්ථාපනය කිරීම පමණයි. ඔවුන් ප්‍රශංසනීයත්වයට ලක්වන්නේ ඇයි? ඔවුන් තම චරිත කොටස රඟදැක්වීම උදෙසා විමුක්තියේ දේශයේ සිට එනවා. මිනිස්සු කියනවා තමන්ට ඒ සදාකාලික විමුක්තියටම වී සිටීමට ඕනෑයි කියලා. ඔවුන් අහනවා ඇයි අප මේ එන, යන චක්‍රයක් තුළට එන්නේ කියලා. කොහොමනමුත්, සෑම කෙනෙක්ම මෙම චක්‍රය තුළට පැමිණිය යුතුයි. සෑම කෙනෙක්ම නැවත නැවතත් උපත් ගනිමින්, පසුව නැවත නිවස වෙත යා යුතුයි. මෙය තමයි මෙම දෛවෝපගත නාටක චක්‍රය. අවුරුදු සියදහස් ගණනකින් යුතු නාටකයක් තිබිය නොහැකියි. මෙය ස්වභාවික සදාකාලික නාටකයක්. දෙවියන්ගේ පුදුමය ලෙස හඳුන්වන්නේ මෙයයි. ඔබ නිර්මාණකරුවාගේත්, ඔහුගේ නිර්මාණයෙහි පුදුමය ගැනත් වටහා ගත යුතුයි. ලෝක චක්‍රය ගැන තේරුම් ගැනීමට උත්සාහ දරණ කිසිම මනුෂ්‍යයෙක් නැහැ. ලෝක චක්‍රය කැරකෙන්නේ කෙසේද යන්න ගැන ඔවුන් සිතන්නේවත් නැහැ. සෑම පිළිමයකම පැරණිතම එක වන්නේ ශිව ලින්ගම් එකයි. ඛුදා (දෙවියන්) පැමිණියා. ඔවුන් ඉතින් ඔහුගේ සිහිවටනයක් නිර්මාණය කළා. ඔවුන් පළමුවෙන්ම ශිවාට වන්දනා කිරීමට පටන්ගන්නා විට, දියමන්ති වලින් ලින්ගම් එකක් නිර්මාණය කළා. පසුව, භක්තියත් රජෝ හා තමෝ තත්ත්වයට පත්වන විට ඔවුන් එය ගලින් නෙළනවා. ශිව බාබා දියමන්තියෙන් සැදි කෙනෙක් නොවේ. ඔහු තිතක් පමණයි. නමුත් ඔහුට වන්දනා කිරීමට ඔවුන් ඔහුගේ විශාල ස්වරූපයක් නිර්මාණය කරනවා. ඔවුන් සිතනවා, දියමන්තියෙන් ශිව ලින්ගම් එකක් තැනිය යුතුයි කියලා. ඔවුන් එතරම් විශාල වූ සෝම්නාථ දේවාලයේ එතරම් කුඩා තිතක් තැබුවහොත් කිසිම කෙනෙක්ට කිසිම දෙයක් තේරුම්ගත නොහැකියි. භක්ති මාර්ගයේ සිදුවන්නේ කුමක්ද යන්න ගැන බාබා විස්තර කරනවා. විද්‍යාඥයන් දිගින් දිගටම නොයෙකුත් දේ සොයා ගන්නවා. ඔවුන් දිගින් දිගටම බොහෝ හොඳ දේ, බොහොමයක් සොයා ගන්නවා. ඔවුන් විනාශය සඳහාත් නව සොයාගැනීම් කරනවා. මුලදී විදුලිය තිබුණේ නැහැ. එමනිසා, ඔවුන් මැටි පහන් දැල්වූවා. පියා විස්තර කරනවා සුමිහිරි දරුවනි, බොහොම ටිකක් ලබාගෙන සෑහීමට පත්වන්න එපා. ඉතා හොඳින් මෙම ඥානය ධාරණය කරගෙන සාගරයම ගිලගන්න. හොඳින් සේවය කරන අය හොඳ තත්ත්වයක් ලබා ගන්නවා. දවස පුරාම ඔබගේ සතුටේ ප්‍රමාණය සෑහෙන ඉහළ තත්ත්වයක පැවතිය යුතුයි. මෙය කිලිටි වූ ලෝකයක්. අප දැන් ඉන්නේ මෙය අත්හැර යාමටයි. පැරණි ලෝකය අනිවාර්යෙන්ම විනාශ විය යුතුයි. ඒ සඳහා සියලු සූදානම් කිරීම් සිදුවනවා. ඉතිරි වී තිබෙන්නේ තවත් දවස් බොහොම ටිකයි. එම කාලය තුළදී ඉතා විශාල සේවයක් කළ යුතුව තිබෙනවා. මුළු භාරතය පුරා පමණක්ම නොවෙයි, නමුත් ඔබ විදේශයන්හීත් සංචාරය කළ යුතුව තිබෙනවා. විදේශයන්හීත් සෑම කොනක් පාසාම මේ ගැන, පත්තර ආදියෙන් දැනගත යුතු වනවා. ඉනිමගෙහි පින්තූරයෙන් මිනිස්සු ඉතා ඉක්මණින් මේ ගැන වටහා ගන්නවා. පියා නැවතත් දරුවන් වන ඔබව දිව්‍ය ලෝකයේ වැසියන් බවට පත්කරවීමට පැමිණ සිටිනවා. ලක්ෂ්මි හා නාරායන සිටින කල ඔවුන් ඇත්තෙන්ම එම රාජ්‍යය පාලනය කළා. භාරතය පෞරාණික රාජ්‍යය ආදී ලෙස පවසමින් ඔවුන් ඒ ගැන බොහෝ ප්‍රශංසා කරනවා. භාරතය තිබුණේ කුමන ආකාරයක ද යන්න ගැන ඔවුන් බොහෝ ප්‍රශංසා කරනවා. ඔවුන් සෑම කෙනෙක්ම භාරතයේ සිටි පිරිසිඳු දේවතාවියන්. ඔබ දන්නවා, ඔබ තම උපත් 21ක තිළිණය පියාගෙන් ලබාගන්නා බව. පියා ඔබට උගන්වන්නේ ඉතාමත් සරළ දේවල්. ඔහු ද්‍රෘපතීගේ කකුල් සම්බාහනය (මසාඡ්) කරන ආකාරය පෙන්වනවා. නමුත් එවැනි දෙයක් මෙතන නැහැ. බාබා කියනවා එසේ වී තිබෙන්නේ දරුවන් භක්ති මාර්ගයේ අතපතගාමින් සිට වෙහෙසට පත්වීමටයි. මා දැන් ඔබගේ එම වෙහෙස ඔබ තුළින් ඉවත් කර දමනවා. අඳුරේ අතපතගාමින් සිටීම නිසා ඔබ අපිරිසිඳු බවට පත්වී තිබෙනවා. පියා කියනවා මා ඔබගේ වෙහෙස නිවාලනවා. එවිට ඔබ කිසිම විටෙක දුකක් අත් නොදකිනු ඇත. එහි දුකක් පිළිබඳ නාමයක් වත් නැහැ. කොහොමනමුත්, ඔබත් අනිවාර්යෙන්ම උසස් තත්ත්වයක් ලබා ගැනීම සඳහා උත්සාහයක් දැරිය යුතුයි. ඔබ උසස් තත්ත්වයක් ලබා ගතහොත්, ඔබ ඔබගේ ඊට ඉහත උපතේදී හොඳ ක්‍රියා කර තිබෙනවා කියා කියන්න පුළුවන්. මෙහි මතකය තිබෙනවා. නමුත් කිසිම කෙනෙක් තමා එම උත්සාහයෙහි යෙදී තත්ත්වයක් ලබා ගත්තේ කෙසේද යන්න ගැන දන්නේ නැහැ. පියා දැන් ඔබට එවන් වූ ක්‍රියා, කරන ආකාරය ගැන කියා දෙනවා. ඒ වගේම ඔහු ඔබට හොඳ ක්‍රියා කර උසස් තත්ත්වයක් හිමිකර ගන්නා ආකාරයත් කියනවා. මෙහි, මනුෂ්‍යයන්ගේ ක්‍රියා සියල්ලක්ම පාපකාරීයි. එහිදී තිබෙන්නේ සියලුම ක්‍රියා සාමාන්‍ය ක්‍රියා වූ දිව්‍ය ලෝකයයි. එහිදී ඔබට මෙම ඥානය නැහැ. පියා කියනවා මා කර්ම න්‍යාය ගැන දන්නවා. මෙම කාලය තුළදී හොඳ ක්‍රියා කරන අය හොඳ ඵලයක් ලබා ගන්නවා. මෙය කර්ම ක්ෂේත්‍රයයි. සමහරු ඉතාමත් හොඳ ක්‍රියා කරනවා. සමහරු සිතන්නේමත් සේවය ගැන පමණයි. සමහරු අහනවා බාබා, මා තුළ කුමන හෝ දුර්වලතාවයක් තිබෙනවාද? නැහැ, ඔබ තමාට හැකි පමණින් සේවය කරනවා ඇත, එවිට දිගින් දිගටම එය තව තවත් වැඩි වනු ඇත. සේවය කිරීමට සිටින අයත් දිගින් දිගටම මතුවනවා ඇත. තවත් ඉතිරි වී තිබෙන්නේ දින ඉතාමත් ටිකක් බව ඔබගේ හදවත දන්නවා. දැන් එහිදීත්, ඔබට උසස් තත්ත්වයක් ලැබීය හැකි එවන් උත්සාහයක යෙදෙන්න. බාබා ඔබට මෙම ඥානය නම් වූ තණකොළ කවනවා. ඔහු කියනවා: දිගින් දිගටම එය නැවත නැවතත් සපමින් කන්න. එවිට ඔබ එය ස්ථීර ලෙසම ධාරණය කරගන්නා අතර ඔබගේ සතුට නම් වූ රසදිය ද ඉහළ නඟිනු ඇත. විශාල සේවයක් ඔබ විසින් කළ යුතු වනවා තවත් බොහෝ දෙනෙකුට මෙම පණිවිඩය දිය යුතු වනවා. ඔබ ඒ පණිවිඩකරුවාගේ දරුවන් වූ පණිවිඩකරුවන්ය. ප්‍රධාන පත්තරවල දිනෙක ඔබගේ පින්තූර මුද්‍රණය වනවා ඇත. පත්තර විදේශ වෙතත් යන අතර ඔවුන් මෙම ඥානය එන්නේ පරමාත්ම දෙවියන්ගෙන්, පරම පියාගෙන් පමණක් බව පින්තූර වලින් වටහා ගන්නවා ඇත. කොහොමනමුත්, ‘මන්මනභාව්’ වීමට යම් උත්සාහයක් දැරිය යුතු වනවා. මෙම උත්සාහයෙහි යෙදෙන්නේ භාරතයේ මිනිස්සු පමණයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:

  1. පියා ඔබට පවසන හොඳ දේවල් පිළිබඳ වූ ඥාන සාගරය මතගාන්න. එසේ කර තවත් බොහෝ දෙනෙක්ට ප්‍රයෝජනවත් වූ කෙනෙක් බවට පත්වන්න. එක් කනකින් නරක දෙයට සවන් දී අනෙක් කනින් එය පිට කරන්න.
  2. ඔබ තුළ ඇති ඕනෑම යක්ෂ ස්වභාවයක් දැන් ඉවත්කර දමන්න. පියා ඔබට කවන්නා වූ ඥානය නම් වූ තණකොළ දිගින් දිගටම සපා කන්න.
වරදානය: ඔබ සතු සියලු සම්පත් ලෝකයේ යහපත උදෙසා යොදවමින්, සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා.
ඔබ ඔබේ සීමිත පවුල් ජීවිතය, ඔබේ සීමිත ස්වභාවය සහ සංස්කාර වෙනුවෙන් බොහෝ කාලයක් වැය කරයි. කෙසේවෙතත්, ඔබ ඔබේ පවුල් කවයෙන් ඔබ්බට ගොස්, ඔබේ සිතිවිලි, වචන, ක්‍රියා, නෑ සබඳතා සහ සබැඳියාවන් අතර සමබරතාවක් පවත්වා ගත යුතුය. මෙලෙස ඔබේ සම්පත් අරපිරිමැස්මෙන් භාවිත කිරීම තුළින්, අඩු වියදමකින් (අඩු වෙහෙසකින්) ඔබට වඩාත් උසස් අසිරියක් ලැබිය හැකි වනු ඇත. එබැවින්, ඔබේ කාලයේ සම්පත, ශක්තියේ සම්පත සහ භෞතික සම්පත් යන වටිනා සම්පත් ලෝකයේ යහපත වෙනුවෙන් යොදවමින්, අවම වැය කිරීමකින් උපරිම සාර්ථකත්වයක් අත්කර ගන්නා අයෙකු වන්න. මේවා ඔබ වෙනුවෙන් පමණක් භාවිත කරනවා වෙනුවට, ලෝකයේ යහපත උදෙසා යොදවන්න; එවිට ඔබ සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වනු ඇත.
පාඨය: නිරන්තරයෙන්ම ඒකායන කෙනාගේ සෙනෙහසේ ගිලී සිටින්න; එවිට ඔබ සියලු බාධක වලින් නිදහස් වනු ඇත.
*** ඕම් ශාන්ති ***

අව්‍යක්ත සංඥාව: බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.

දැන්, සේවයෙහි යෙදෙන විට කිසිදු ආකාරයක කර්ම බන්ධනයකට හසු නොවන්න. "මගේ ස්ථානය, මගේ සේවය, මගේ සිසුන්, මා සමඟ සහයෝගයෙන් කටයුතු කරන ජීවාත්ම" යනාදිය ද සේවය තුළ ඇතිවන කර්ම බැඳීම් වේ. එබැවින් කර්මතීත් ස්ථිතියට පත්වන්න. බ්‍රහ්ම බාබා සැමවිටම නොබැඳිව සිටීම සහ ස්නේහයෙන් සිටීම අතර සමබරතාවක් පවත්වා ගත්හ. සෑම කෙනෙකුටම තමන් අයත්ය යන්න අත්දකින්නට සලස්වන අතරම, ඔවුන් සියල්ලන්ටම ඒකායන අශරීරික පියා සමඟ සම්බන්ධ වීමට ඔහු මඟ පෙන්වූහ. ඔය දරුවන්, සෑම කෙනෙකුටම එකම ආකාරයෙන් අයිති වීමේ හැඟීම ලබා දී, ජීවාත්මයන්ට ඔවුන්ගේ ගමනාන්තය පෙන්වා දිය යුතුය. එවිට ඔබ පියාට සමීප යැයි සැලකෙනු ඇත.

මුර්ලි යනු කුමක්ද?

මුර්ලි යනු බ්‍රහ්ම කුමාරීන්ගේ දෛනික ආධ්‍යාත්මික ඉගැන්වීමයි; එය සෑම උදෑසනකම මධුබන් සිට ප්‍රකාශයට පත් වේ. මෙහිදී ඔබට අද මුර්ලි සිංහලෙන් කියවීමට, ශ්‍රව්‍ය ඇසීමට සහ PDF බාගැනීමට හැකිය. ඉගෙනීමට උදව්වක් ලෙස පාඨය හයිලයිට් කළ හැකිය — ඔබේ සලකුණු මෙම බ්‍රවුසරයේම සුරක්ෂිතව පවතී.

භාෂා 28කින් මුර්ලි

Daily Murli · Madhuban මූලාශ්‍රය: මධුබන් මුර්ලි අංශය මෙය ස්වාධීන කියවීමේ යෙදුමකි, නිල වෙබ් අඩවියක් නොවේ.