| 25-11-2026 |
උදෑසන මුරලි
ඕම් ශාන්ති
බාප්දාදා
|
මධුබන් |
| සාරය: | සුමිහිරි දරුවනි, ශිව බාබාට බාර වූ පසු කිසිඳු වරදක් නොකරන්න. එසේ වැරදි කිරීමෙන් පරම පියාගේ නමට අවනම්බු වේ. |
| ප්රශ්නය: | විශාලම පවුල ඇත්තේ කාටද සහ ඒ කෙසේද? |
| පිළිතුර: | විශාලම පවුල ශිව බාබාගේ පවුලය. භක්ති මාර්ගයේ දී හැම කෙනෙක්ම ශබ්ද නඟා මෙසේ ගායනා කරයි: ‘‘මවත් ඔබයි, පියත් ඔබයි.‘‘ එමනිසා, ඔහු පවුල්කරුවෙක් වන නමුත් ඔහු ශාරීරික ස්වරූපයට ඇතුලත් වන තුරු එසේ නොවේ, මක් නිසාද යත් ජීවාත්ම සත්ථාවන් පරම පියා සමඟ ඉහළ වසන්නේ අශරීරික ස්වරූපයේ ය. මෙම ශාරීරික ස්වරූපයේ ඉන්නා කෙනාට ඇතුල් වූ විටයි ඔහුට විශාලම පවුල ඇත්තේ. |
ඕම් ශාන්ති. භාරතයේ විශේෂිතවත් මුළු ලොවම සාමාන්‍යයෙනුත් පරම පියා පවුල් මාර්ගයට අයත් ද හෝ සන්යාසී මාර්ගයට අයත් ද යන්න නොදනී. පරම පියා පැමිණ ඔබට කතා කරන්නේ ‘‘දරුවනි, දරුවනි!‘‘ කියාය. ඔබ ඔහුට ‘‘මවත් ඔබයි, පියත් ඔබයි‘‘ කීම නිසා ඔහුව පවුලේ කෙනෙක් බවට පත් කරවයි. එහි හැම කෙනෙක්ම ශිවා අශරීරික බව දනී. ශිවා හට ස්වරූපයක් ඇති මුත් ඔහුට දරුවන් නැත. ඇත යැයි කියනවා නම් සියලු ජීවාත්ම සත්තාවන් ඔහුගේ දරුවන්ය. සියලු දරුවන් එක හා සමාන වන අතර මිනිසුන් සිතන්නේ සියලු දෙනා දෙවියන් කියාය. ජීවාත්ම සත්තා වූ කලී තිතකි. පරමාත්මය ද තිතකි. ගෘහස්ථ අය මෙසේ ගයයි මවත් ඔබයි පියත් ඔබයි. සන්යාසී මාර්ගයේ අය දෙවියන්ට කියන්නේ බ්‍රහ්ම් කියාය. ඔවුන් මවත් ඔබයි පියත් ඔබයි කියා නොකියයි. ඔවුන්ගේ මාර්ගය වෙනස්ය. ඔවුන් ලක්ෂ්මි නාරායන ඉදිරියට ගොස් මවත් ඔබයි පියත් ඔබයි කියා ඔවුන් ඉදිරියේ වරදක් කරයි. භක්ති මාර්ගයේ බොහෝ පැසසුම් ඇත. ඇත්ත නම්, පියා වන්නේ පරමාත්ම දෙවියන්ය, ඉතින් ඔහුගෙන් ඔබ ලබන උරුමය කුමක්ද? සහ එය ලබන්නේ කෙසේද? ඔහු පියා වන අතර සීයා (දාදා) ද වන බව ඔබ දරුවන් දනී. බ්රහ්මා වන මොහු ජ්‍යෙෂ්ඨ මව වන අතර ප්‍රජාපිතා වන මිනිසුන්ගේ පියා ද වෙයි. ඔහු මොහු තුළින් මෙසේ කියයි දරුවනි, මා ඔබේ පරම පියා වන අතර මට පවුල් මාර්ගයට ඒමට ද සිදුවේ. මොහු මගේ බිරිය වන අතර දරුවාද වේ. මා මොහුට ඇතුල් වූ විට පවුල්කාරයෙක් බවට පත් වේ. මට පරම පිතා කියා ද පරම ගුරුවරයා හා පරම ගුරු කියා ද කියයි. ගුරු කෙනෙක් කරන්නේ ඔබට විමුක්තියට මඟ පෙන්වීමයි. ඒ සියල්ල ව්‍යාජයන් වන අතර මෙය සත්‍යයයි. ඉංශ්‍රීසියෙන්, දෙවියන්ට සත්‍යය යැයි ව්‍යවහාර කරයි. ඉතින්, සත්‍යය පැමිණ ඔබට කියන ඇත්ත කුමක්ද? කිසිවෙක් මෙය නොදනී. ඔබත් මමත් මෙය නොදැන සිටියා. මෙය අලුත්ම දෙයකි. සත් යුගය ස්ථාපනය කරන ඒකායන කෙනා වන්නේ ඥාන සාගරයයි. ඔබ ඔහුට ප්‍රශංසා කරන්නේ යම් අවස්ථාවක ඔහු නියතයෙන්ම ඔබට සත්‍යය කියා දී ඇති නිසාය. සත්‍යයේ දේශය යනු දෙව්ලොවයි. ඔවුන් එහි දේවි දේවතා ආධිපත්‍යය පෙන්වයි. අද මෙය වියපත් ලෝකයක් වන අතර ඉන් පසු එය නව ලෝකය බවට පත් වේ. මේ වියපත් ලෝකය ගිණි තැබිය යුතුයි. ස්ථාපනය කරන වේලාවේදීම විනාශයද සිහිපත් කෙරේ. දෙවියන් ස්මරණය කරන්නේ කරන්කරවන්හාර් ලෙසිනි. ඔහු බ්රහ්මා තුළින් ස්ථාපනය සිදු කරයි. ඔහු එය කරවා ගන්නේ කෙසේද? ඔහුම පැමිණ එය ඔබට කියයි. මිනිසුන් කිසිවක් ම දන්නේ නැත. ඔවුන් කියන්නේ දෙවියන් කරන් කරවන්හාර් කියාය. ඔබ දැන් නාටකය ද දනී. සංගම් යුගය, කළි යුගයේ අවසානය ද සත් යුගයේ ආරම්භයද වන උසස් තත්ත්වයෙන් සැලකිය යුතුය. කළි යුගයෙන් පසුව ඇත්තේ සත් යුගයයි. ඉන්පසු ඔබ පහළට පිරිහෙයි. දෙව්ලොවත් අපායත් ගැන සිහිකරයි. කෙනෙක් මළ විට ඔහු දිවංගත වූවා යැයි කියයි. නිශ්චිතවම ඔබ යම් අවස්ථාවක දෙව්ලොව වැසියන් ව සිට ඇත. ඔබ භාරතය සියලු දේශයන්ගේ පුරාණතම දේශය යැයි දන්නා නිසා එය එසේ යැයි කියයි. එමනිසා, එය නිසැකවම දෙව්ලොව වී තිබෙන්නට ඇත. මේවා ඒ තරම්ම පහසුය! කොහොමනමුත්, නාටකය අනුව ඔවුන් කිසිවක් තේරුම් නොගන්නා අතර මේවා ඔබට විස්තර කිරීමට පරම පියාට පැමිණෙන්න සිදුවන්නේ ඒ නිසාය. ඔවුන් මෙසේ අඬගසයි ඕ බාබා, පැමිණෙන්න! පැමිණ ඔබේ ඥානය අපට දෙන්න. අපිරිසිඳු අය පිරිසිඳු කරන්න. ඉන්පසු ඔවුන් මෙසේ කියයි අපගේ දුක් දුරු කර සතුට ලබා දෙන්න! කොහොමනමුත්, ඔහු දෙන ඥානයේ හා සතුටේ ස්වභාවය ඔවුන් දන්නේ නැත. ඔබ දරුවන් දැන් දන්නවා ඔහු පරම පියා බවත්, නිර්මාණය නියතයෙන්ම සිදුවිය යුත්තේ පරම පියා තුළින් බවත්. පියා යනු නිර්මාණකරුවා යනුයි. දරුවන් ‘‘පියා‘‘ යැයි කියන කළ ඉන් අදහස් වන්නේ ඔවුන් නිර්මාණය බවයි. නිර්මාණය කොයිබින් හෝ නියතයෙන්ම සිදුවිය යුතු අතර දරුවන්ට දේපොළ ද දිය යුතුයි. මෙය සාමාන්‍ය දෙයක් වන අතර ඔබ මට මෙසේ ගයන්නේ ඒ නිසයි මවත් ඔබයි පියත් ඔබයි. එමනිසා, බාබා වූ කලී ලෝකයේම ලොකුම ලොකු ගෘහමූලිකයාය. ඔබ මෙසේ කතා කරයි මව හා පියා වන ඔබ පැමිණෙන්න! පැමිණ අපව පිරිසිඳු කරන්න. පරම පියා සිටියත් නිර්මාණයක් මව නැතිව සිදුවන්නේ කෙසේද? බාබා මෙම නිර්මාණය කරන්නේ කෙසේද? මෙය සම්පූර්ණයෙන් ම අලුත් දෙයකි. එමෙන්ම මෙය බොහෝ දෙනාගේ බුද්ධිය තුළ නොපවතී. අනෙක් තැන් වල පරමාත්මයට ඔවුන් කියන්නේ පියා කියාය. මෙහිදී, ඔහුට මවත් පියාත් යන දෙකම කියන අතර ඒ අනුව මෙය පවුල් මාර්ගය වේ. එහිදී ඔහු සරළ ලෙස පියා වන අතර ඔවුන් විමුක්තියේ උරුමය ලබයි. එයද ඔවුන්ට ලැබෙන්නේ කල් ගත වීමෙන් පසුවය. ඔබ සැවොම දන්නවා ක්රිස්තියානියට පෙර බෞද්ධ ආගම තිබුණු බවත් ඊටත් පෙර ඉස්ලාම් ආගම තිබුණු බවත්. අනෙක් ආගම් ඉණිමග පිංතූරයේ නැති අතර එමනිසා, චක්‍රයේ පිංතූරය ද ඒ අසලින් ම තිබිය යුතුය. මෙය අධ්‍යයනික ස්ථානයකි. ඉගෙන ගන්නා තැනක එක පොතක් පමණක් තිබිය නොහැකියි. එහි සිතියම් ආදියද තිබේ. ලෝකය පිළිබඳ දැනුම කිසිඳු ඵලයක් නැති එකකි. මිනිසුන් සිතියම් ඇති කල ඉක්මනින් තේරුම් ගනී. මේ ඔබේ ප්‍රධාන සිතියම් ය. සෑම දෙයක්ම ඔබට මෙතරම් ගැඹුරින් විස්තර කරන නමුත් ගල් බුද්ධි ඇති අයට තේරුම් ගත නොහැකියි. බාබා ඔබට විස්තර කර දී තිබෙනවා ප්‍රදර්ශන වලදී සියල්ලට පළමු ත්‍රිමූර්තිය විස්තර කර දිය යුතු බව. ‘‘මේ ඔබේ බාබා වන අතර අනෙත් කෙනා දාදාය.‘‘ ඔහු ඔබට ඥානය හා උරුමය දෙන්නේ කෙසේ ද? භාරතයේ වැසියන්ට පමණි මේ උරුමය ලැබෙන්නේ. පරම පිතා පරමාත්මා ආගම් තුනක් ස්ථාපනය කරයි ඒ බ්‍රහ්මිණ්, දෙවි දේවතා සහ ක්ෂත්රිය වශයෙනි. ඔහු බ්රහ්මා තුළින් බ්‍රහ්මිණ්වරු සදයි. මෙය ගිණි යාගයක් වන අතර ඊට කියනුයේ රුද්‍රා ග්‍යාන් යාගය කියාය. භක්ති මාර්ගයේ අනෙක් සියලු යාග පැමිණෙන්නේ කල් පසු වී වන්නේ, සියල්ලට පළමු ශිවා වන්දනාව සහ ඊළගට දෙවි දේවතා වන්දනාව ඇති නිසයි. එකල වෙනත් යාග නැත. යාග ඇති වන්නේ ඉන් පසුය. පළමුව ඔවුන් දෙවි දේවතා වන්දනා කර මල් පූජා කරයි. මෙකල ඔබ වන්දනාවට සුදුසු නැත. මිනිසුන් ශිවාට අක්මල් පුදන්නේ ඇයි? පරම පියා මෙසේ විස්තර කරයි ඔබ සියලු දෙනා කටු විය. සමහරු අඛණ්ඩව රෝස මල් බවට පත් වන අතර ඇතැම් අය සාමාන්‍ය රෝස ලෙසත් අන් අය පිච්ච මල් ද වෙයි. සමහරු අක් මල් බවට පත් වෙයි. සම්පූර්ණ අධ්‍යයනයක් නොකරන අය අක් මල් වන අතර කිසිඳු ප්‍රයෝජනයක් නැත! සියලු කටු ශිව බාබාට පුදන අතර ඉන්පසු ඒවා මල් බවට පත් කරයි. කෙසේ වුවද, විවිධ මල් වර්ග සෑදෙයි. උයනක විවිධ මල් වර්ග ඇත. ඔබ අතරේ ද එය අනුපිළිවෙලින් තිබේ. සමහරු හද සිහසුනට එන අතර අන් අය වෙනත් තත්ත්වයන් ලබයි. පරම පියා පමණක් මේ සියල්ල විස්තර කර දෙයි. වෙන කිසිවෙකුට එය කළ නොහැකියි. භක්ති මාර්ගය ඉතා සංකීර්ණ වුවද එහි කිසිඳු ඥානයක් නැත. දෙවි දේවතාවුන් වසන්නේ සත් යුගයේ දී වන නමුත් කළි යුගයේ එකඳු දෙවි දේවතාවෙක් වත් නොසිටියි. ඒ නිසා පරමාත්ම දෙවියන් නිසැකයෙන්ම මිනිසුන් දෙවි දේවතාවන් බවට පත් කරවයි. පරම පියා පැමිණ ඉගැන්වූ ක්‍රියා මිනිසුන් ඉගෙන ගෙන, දිව්‍ය ගුණාංග උකහා ගෙන දෙවි දේවතාවන් බවට පත් වූහ. අනෙක් ආගම් වල ඉගැන්වෙන්නේ මොනවාද? ඔවුන්ට එම නිර්මාතෘන් පිටුපස ඒමට සිදුවේ. ඔවුන් කියා දෙන්නේ පාරිශුද්ධිය පිළිබඳ දැනුම පමණි. ක්‍රිස්තුන් එන විට ක්‍රිස්තියානීන් නොසිටියහ. ඔවුන් සියලු දෙනා ක්‍රිස්තු පසු පසින් ආවෝය. ප්‍රධාන ආගම් හතරක් ඇති බව බාබා විස්තර කරයි. ආගමක් ස්ථාපනය කරන කෙනෙකුගේ පොතක් ආගමික ලේඛණයක් ලෙස හැඳින්වේ. ඉතින් ප්‍රධාන ආගම් හතරකි. අනෙක් සියල්ල කුඩා ආගම් ලෙස වර්ධනය වේ. ඉස්ලාම් ආගමිකයින්ට ඔවුන්ගේ ලේඛණ ඇති අතර බෞද්ධයින්ට ඔවුන්ගේ ලේඛණයක් ඇත. ආගමික ලේඛණ වන්නේ ඒවා පමණි. මෙකලට අදාල බ්‍රාහ්මණ ආගමයි. ඒ මිනිසුන් මෙසේ ගයයි දෙවි දේවතාවන් වීමට සිටින බ්රහ්මිණ්වරුන්ට නමස්කාර වේවා. එමනිසා, ඔබ ලෞකික බ්‍රාහ්මණයින්ට විස්තර කර දිය යුතුයි බ්රහ්මා තුළින් පරමාත්ම දෙවියන් විසින් නිර්මාණය කරන මුවින් උපදින දරුවන් පමණයි සැබෑ බ්‍රහ්මිණ්වරු වන්නේ කියා. අනිත් අය ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වන්නේ නැත. ඔවුන්ට බ්‍රහ්මිණ්වරු යැයි කියා ගන්නේ එහි තේරුම නොදන්නා නිසාය. ඔවුන් බ්‍රහ්ම භෝජන කන විට සංස්කෘත භාෂාවෙන් ඒවා වර්ණනා කරයි. එය ඉතා ඵල රහිතය! ඔබ ඔවුන්ගෙන් මෙසේ ඇසිය යුතුයි ඔබ බ්‍රහ්මිණ්වරු වන්නේ කෙසේද? පළමුවෙන් ම පරමාත්ම දෙවියන්ට නිර්මාණය ක්‍රියාත්මක කිරීම සඳහා බ්රහ්මා සිටිය යුතුය. සැබෑ බ්‍රහ්මිණ් දරුවන් වන්නේ අපියි. බ්‍රහ්මිණ්වරු උඩට බැඳි කොන්ඩයෙන් යුතුව පෙන්වයි. ඔවුන් විවිධ ස්වරූප ප්‍රතිමාවේ බ්‍රහ්මිණ්වරු නොපෙන්වත්දී, බ්‍රහ්මිණ්වරු පැමිණ ඇත්තේ කොයිබින්ද? ඔවුන් බ්‍රහ්මිණ් යන නමින් හඳුන්වන නමුත් සැබෑ ලෙස එසේ කිව හැක්කේ පරමාත්මය විසින් බ්රහ්මා තුළින් නව නිර්මාණයක් ලෙසින් බිහිකළ ඔබට පමණි. බ්‍රහමින්වරු වන ඔබ ඉන්පසු දෙවි දේවතාවන් බවට පත් වේ. බ්‍රහමින්වරු සිටින්නේ සංගම් යුගයේ දී පමණි. කළි යුගයේ දී සියලු දෙනාම ක්ෂුද්රයෝය. බ්රහ්මිණ්වරුන්ට මහා පැසසුමක් ඇත. බාබා ඔබට මේ සියල්ල විස්තර කරයි. මුල්ම ඇල්ෆාව හා බීටාව ඇති අතර අන් සියල්ල වැඩි විස්තරයි. ඔබ භක්ති මාර්ගය පිළිබඳව විස්තර කර දිය යුතුයි. බාබා මෙසේ කියයි ඔබ භක්තිවන්තයින් නොවේ නේද? බාබා මේ කිසිවකට තරහ නොගනී. පරම පියා විස්තරයක් කළ යුතුමයි. දරුවන් වැරදි කළ විට නරක් වන්නේ කාගේ නමද? ශිව බාබාගේ නමයි. මේ නිසයි බාබා ඔබ දරුවන්ට ඔබේ යහපත සඳහාම ඉගැන්වීම් කරන්නේ. උදාහරණයක් වශයෙන් මොහු වරදක් කළොත් නාටකයේ ඇති ආකාරයට ඒකායන කෙනා එය නිවැරදි කරනු ඇත. මොහු වැඩිමල්ම දරුවා නිසා එහි ද යහපතක් ඇත. සියල්ල මොහු මත රඳා පවතින අතර ඔහුගෙන් කිසිඳු පාඩුවක් සිදු නොවේ. හැම දේකම යහපතක් ඇත. එවැන්නක් ඇතොත් එයද නාටකයට අනුවය. හැම කෙනෙක්ම අතින් වැරදි සිදුවේ. කෙසේ වුවද ඒ හැම එකක්ම යහපතක් වන්නේ හැම අවස්ථාවකම පරම පියා යහපත සලසන්නා ලෙස සිටින නිසාය. මොහු යමක් කී විට එය කළ යුතුයි. එහි ඇත්තේ යහපතක් මයි. හැම කෙනෙකුටම ඔහු යහපත සලසයි. ඔහු හැම කෙනෙකුටම ගැලවීම ලබා දෙයි. දැන් සැම කෙනෙකුටම ඇත්තේ ගිණුම් පියවන කාලයයි. හැම කෙනෙකුගේම හිසමත පව් බරක් ඇති අතර කර්ම ගිණුම් පියවා ගත යුතුයි. දඬුවම් ලැබීමට යම් කාලයක් ගත නොවේ. ජීවන මුක්තිය තත්පරයක ක්ෂණයකින් ලැබේ. එමනිසා, කාෂි වලදී මිනිසුන් දිවිනසා ගන්නවා මෙන් දඬුවමත් ක්ෂණිකව ලැබිය නොහැකිද? කෙසේ වුවද ඔවුන්ට ශිව බාබා හමු වන්නේ නැත. ඔවුන්ගේ පැරණි පව් ගිණුම් පියැවෙන අතර අළුතින් පටන් ගනී. කිසිවෙකුට චක්‍රය මැදදී ආපසු ගෙදර යා නොහැකිය. ඥානය ඇසිල්ලක කාරණයක් වුවත් ඔබ අධ්‍යයනය කළ යුතුමයි. ඥාන සාගරය වන ශිව බාබා ජීවාත්මය පැමිණ ඔබට දිනපතා උගන්වයි. ක්‍රිෂ්ණා වූ කලී ශාරීරික කෙනෙක් වන අතර නැවත ද උපදී. බාබා උපත අභිබවා ඇත. අධ්‍යයනය නොකරන අය නියතයෙන්ම බාධක බවට පත් වේ. මෙම යාගයට බාධක නියතයෙන්ම එන අතර අහිංසකයින්ට පහර දීම ද සිදුවේ. පසුගිය චක්‍රයේ සිදු වූ ලෙසම මේ සියල්ල සිදුවේ. යක්ෂයින් එවැනි කලබල ඇති කරයි. ඇතැම් විට පිංතූර පවා ඉරා දමයි. ඇතැම් විට ඒවාට ගිණි තැබීමට පවා පසුබට නොවේ. අප මක් කරන්නද? මෙය නියමිත බව අප ඇතුළතින් දනී. බාහිරින් අප මේවා පොලිසියට වර්තා කළ යුතුයි. මේ ගැන දුක් විය යුතු නොවේ. සෝදන රෙදි ගොඩේ එකක් නැති වූ විට ඒ වෙනුවට තව එකක් සෑදිය යුතුයි. බාබා දැනටමත් මෙසේ කියා ඇත ප්‍රදර්ශන ආදිය කරන විට අඩු ගණනේ දවස් අටකටවත් රක්ෂණය කළ යුතුයි. ඔහු හොඳ කෙනෙක් වුවහොත් ඔබෙන් අය කිරීමක් නොකරනු ඇත. ඔබ එසේ රක්ෂණය නොකළොත් මක් වේද? කොහොමත් වඩාත් හොඳ අලුත් පිංතූර සෑදේ. හැම පියවරකම මිලියන ගණනක් ඉපැයේ. හැම තත්පරයකම ඔබේ හැම පියවරක්ම ඉතා වටී. ඔබ මිලියනපතියන් වන අතර උපත් 21කට බාබාගෙන් උරුමය ලබන නිසා හොඳින් තේරුම් කර දිය යුතුයි. දෙව්ලොවදී ඔබට අසීමිත ධනයක් හිමි වේ. ඒවා ගණනය කිරීමේ ප්‍රශ්නයක් ද ඇති නොවේ. බාබා ඔබ එතරම් ධනවත් කර සතුටට පත් කරවයි. ඔබේ ආදායම එතරම්ම විශාලය. යටත් වැසියන්ද බොහෝ ධනවත්ය. උපත් 21කට ආදායම මෙයයි. මනුෂ්‍යයින්ගෙන් දෙවි දේවතාවන් බිහිවන අධ්‍යයන ආයතනය මෙයයි. උගන්වන්නේ කවුද? පරම පියාය. එමනිසා, එවැනි අධ්‍යයනයක් ගැන ඔබ නොසැලකිලිමත් නොවිය යුතුයි. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
- මේ යහපත් කාලයේ දී හැමෙකකම යහපතක් ඇති බව සැමවිට සිහිතබා ගන්න. අපට කිසි පාඩුවක් සිදු නොවේ. හැමෙකකම යහපත ඇති සේ සලකා නිරතුරුවම සැහැල්ලුවෙන් සිටින්න.
- නිරන්තර රෝස මලක් වීමට නම් අධ්‍යයනයට සම්පූර්ණ අවධානය යොමුකරන්න. ඉගෙනීම් පිළිබඳව නොසැලකිලිමත් නොවන්න. අක් මලක් නොවන්න.
| වරදානය: |
අම්රිත්වේලා හි වැදගත්කම වටහා ගනිමින් සහ එය නිවැරදිව භාවිත කිරීම තුළින්, ඔබ නිරන්තරයෙන් බලයෙන් පරිපූර්ණ වේවා. ඔබව බලයෙන් පරිපූර්ණ කර ගැනීම සඳහා, සෑම දිනකම අම්රිත් වේලාවේ දී, ඔබේ ශරීරය සහ මනස සමඟ සැරිසරන්න. අම්රිත් වේලාවේ දී, ඔබට උදෑසන කාලයේ සහාය මෙන්ම, සතෝප්‍රධාන් ස්ථිතියක පවතින බුද්ධියක සහාය ද ලැබේ. එබැවින්, මෙවැනි ආශිර්වාද ලත් කාලයක දී, මනස ද බලසම්පන්න ස්ථිතියක පැවතිය යුතුය. බලසම්පන්න ස්ථිතියක් යනු පරමාත්ම පියාගේ ස්ථිතිය හා සමාන වූ බීජ ස්වරූපයි. සාමාන්‍ය තත්ත්වයක සිටියදීත් ඔබට ඔබේ දෛනික ක්‍රියා කළ හැකි වුවද, මෙම ආශිර්වාද ලත් කාලය නිවැරදිව භාවිත කරන්න; එවිට ඔබේ සියලු දුර්වලතා අවසන් වනු ඇත. |
| පාඨය: | ඔබේ බල නමැති වස්තුව භාවිත කරමින්, බාහිර බලපෑම් වලට යට වී සිටින, ශක්තිය හීන වූ ජීවාත්මයන්ව බලසම්පන්න කරවන්න. |
අව්‍යක්ත සංඥාව: බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.
බ්‍රහ්ම බාබා නිරන්තරයෙන්ම ශබ්දයෙන් ඔබ්බට ගිය, උසස් ස්ථිතියක ස්ථාවරව සිටීමේ අභ්‍යාසයෙහි නිරත විය. මෙසේ කිරීම තුළින්, ඔහු සියලු භෞතික ආකර්ෂණ වලින් ඔබ්බට ගිය අතර, නොබැඳිව සහ ස්නෙහයෙන් යුතුව සිටීමේ බල සම්පන්න ස්ථිතියක් පවත්වා ගත්තේය. ඒ හා සමානව, දරුවන් වන ඔබ ද උසස් ස්ථිතියක ස්ථාවරව සිටීමේ අභ්‍යාසයෙහි නිරත විය යුතුය. එවිට, ඔබට යම් ක්‍රියාවක් කිරීමට සිදුවන විට, විශේෂයෙන්ම නිශ්ශබ්දතාවයේ බලය අත්විඳීමට හැකි වනු ඇත. මෙම අභ්‍යාසය තුළින් ඔබ පියාට සමාන, පරිපූර්ණ සහ පරිසමාප්ත ස්ථිතියට පත්වනු ඇත.