| 28-11-2026 |
උදෑසන මුරලි
ඕම් ශාන්ති
බාප්දාදා
|
මධුබන් |
| සාරය: | සුමිහිරි දරුවනි, පියාගේ හැඳින්වීම සෑම කෙනෙකුටම ලබා දෙමින්. ඔබගේ දීම් හා ගැනීම් ඒ එකම පියා සමඟ පමණක් තබා ගන්න. පියාට ඔබගේ සත්‍ය ගිණුම් දෙන්න. |
| ප්රශ්නය: | දැන් පවා දරුවන් දිගින් දිගටම නොයෙකුත් ආකාරයේ වැරදි කිරිමට හේතුව කුමක්ද? |
| පිළිතුර: | යෝගාහි ඔබ බොහෝ දුර්වලවීම තමයි ප්‍රධානම හේතුව. ඔබ පියාගේ ස්මරණයේ යෙදුනා නම් කිසිම විටෙක කිසිම ආකාරයක වැරදි ක්‍රියාවක් නොකරනු ඇත. ඔබ නමට හා ස්වරූපයට ගොදුරු වුවහොත් යෝගා කරන්න බැහැ. අපිරිසිඳු බවින් පිරිසිඳු වීමේ සැලකිල්ල සැමවිටම පවත්වා ගන්න. නිරන්තරයෙන්ම ශිව බාබාගේ ස්මරණයේ යෙදෙන්න. ඔබ එකිනෙකා අතර භෞතික ආදරයක් ඇති කරනොගත යුතුයි. |
| ගීතය: | පහන් දැල්ල ඇවිලෙන්නෙ නැත්තේ ඇයි? |
ඕම් ශාන්ති. මෙය භක්ති මාර්ගයේ ගැයෙන ගීතයක්. කෙසේ වුවත්, මේවා අවශ්‍ය නොවන නිසා මේ සියලු ගීත නැවතෙනවා. ඔබ ක්ෂණයකින් පියාගේ උරුමය ලබනවා යන්න ගැන මෙහිදි සිහිපත් වෙනවා. තමා බාබාගෙන් ජීවන මුක්තිය නම් උරුමය ක්ෂණයකින ලබනා බව ඔබ දන්නවා. ජීවන මුක්තිය කියන්නේ, මේ දුකින් හා පරිහාණියෙන් පිරි දේශයෙන් නිදහස්වීමයි. ඉන්පසු ඔබ පත්වෙන තත්ත්වය කුමක්ද? ඒ සඳහා ඉතා හොඳින් ඉලක්කය හා අරමුණ පැහැදිලි කර දිය යුතුයි. ඊයේ රාත්‍රියේ බාබා ඔබට විස්තර කළා. කවුරු හෝ පැමිණි විට පළමුවෙන්ම ඔහුට පරමාත්ම දෙවියන්ගේ, ඒ උසස්ම කෙනාගේ හැඳින්වීම ලබාදීම අවශ්‍ය බව. මිනිස්සු ඔබගෙන්, ඔබගේ අරමුණ කුමක්ද කියා අහනවා. පළමුවෙන්ම ඒ අසීමිත පියාගේ හැඳින්වීම ලබා දෙන්න. ඔහු දැන් කියනවා මා සිහිපත් කරන්න, එවිට ඔබ පාරිශුද්ධත්වයට පත්වනු ඇත. මෙහිදි මේ කරුණ සිහි වෙනවා අහෝ, පාරිශුද්ධකරුවාණනි, එන්න! එමනිසා, අනිවාර්යෙන්ම පියා තමයි අධිකාරීත්වය වන්නේ. ඔහු අනිවාර්යෙන්ම යම් කොටසක් ලබා තිබෙනවා. ඔහුව හඳුන්වන්නේ උසස්ම පියා ලෙසයි. ඔහු එන්නේ භාරතයට පමණයි. ඔහු පැමිණ භාරතය උසස් කරවනවා. ඔහු ඔබට පාරාදීසය නම් තිළිණය රැගෙන එනවා. ස්වර්ණම යුගය පාලනය කළ සූර්ය වංශයේ දේවතාවන් තමයි මනුෂ්‍ය ලෝකයේ උසස්ම අය වන්නේ. ඒ උසස්ම වූ පරමාත්ම දෙවියන් තමයි දිව්‍ය ලෝකය ස්ථාපනය කරන්නේ. ඔහුව හඳුන්වන්නේ දිව්‍ය ලෝකය ස්ථාපනය කරන්නා වූ දිව්‍ය ලෝකයේ දෙවියා, පියා ලෙසයි. ඉතින් ඔබට කියන්න බැහැ, පියා සෑම තැනම ඉන්නවා කියා. ඔහු සෑම තැනම ඉන්නවා යැයි කීමෙන් ඔබ පියාගේ උරුමය නැති කර ගන්නවා. මේවා රස විඳිය හැකි කරුණුයි. ’පියා‘ යන්නෙන් හැඟවෙන්නේ උරුමයක්. ඔහු අනිවාර්යෙන්ම තම දරුවන්ට උරුමයක් දෙනවා. සෑම දරුවෙක්ගේම පියා වන්නේ ඒකායන කෙනායි. ඔහු ඔබට සාමය හා සතුට නම් වූ ඔබගේ උරුමය ලබාදී, රාජයෝගා උගන්වනවා. අනෙක් සෑම ජීවයක්ම තම කර්ම ගෙවා නැවතත් ගෙදර යනවා. මේ පැරණි ලෝකය දැන් විනාශ වීමටයි තිබෙන්නේ. ඒ සඳහා මෙම මහා භාරත යුද්ධය තිබෙනවා. ඒ ආගම් ගණනාවක විනාශයත්, එකම ආගමෙහි ස්ථාපනයත් දැන් සිදුවිය යුතුයි. බුද්ධිය පවසන්නේ කලි යුගයට පසුව ස්වර්ණම යුගය තිබිය යතු බවයි. දේවතාවන්ගේ ඉතිහාසය නැවතත් ඒ අයුරින්ම කැරකෙනවා. ඔහු බ්රහ්මා මාර්ගයෙන් මෙම ස්ථාපනය සිදුකරන බව මෙහිදි සිහිවනවා. ඔහු ඔබට උසස්ම තත්ත්වය ලබා ගැනිමට ඉඩ හරිනවා. පියා කියනවා දරුවනි, මෙම අවසාන උපතේදී පාරිශුද්ධත්වයට පත්වන්න. මරණයේ දේශයට පරාජයත්, අමරණීයත්වයේ දේශයට ජයත් අනිවාර්යෙන්ම ලැබෙනවා. ඔබ සෑම කෙනෙක්ම අමරණීයත්වයේ කතන්දරයට සවන් දෙන පාර්වතීන්. පුතුන් හා දූවරුන් යන දෙගොල්ලන්ම අමරණීයත්වයට පත්වෙනවා. ඔබට මෙය, අමරණීයත්වයේ කතන්දරය හෝ තෙවැනි ඇසේ කතන්දරය ලෙස හෝ හැඳින්විය හැකියි. සාමාන්‍යයෙන් කාන්තාවන් මෙම කතන්දර වලට සවන් දෙනවා. අමරණීයත්වයේ දේශයේ පිරිමි කවුරුවත් නැද්ද? එහි දෙගොල්ලන්ම ඉන්නවා. භක්ති මාර්ගයේ ආගමික ග්‍රන්ථවල තිබෙන්නේ මොනවාද යන්නත්, පියා කියන්නේ මොනවාද යන්නත් ගැන විස්තර කර දෙන්නේ පියා පමණයි. දෙවියන් භක්තියේ ඵලය ලබාදීමට එනවා කියා කියනවා. ස්වර්ණම යුගය පුරාවටම තිබුණේ දේවතාවන්ගේ රාජ්‍යයයි. එම ඵලය ඔවුන්ට ලබා දුන්නේ කවුද? කිසිම පූජකවරයෙක්ට හෝ සන්යාසී කෙනෙක්ට එය දෙන්න බැහැ. සෑම කෙනෙක්ම එකම අයුරින් භක්තියේ යෙදෙන්නේ නැති බව ඔබ දන්නවා. බොහෝ සෙයින් භක්තියේ යෙදෙන අය අනිවාර්යෙන්ම ඒ අනුව ඵලයත් ලබනවා. වන්දනීයත්වයට සුදුසු අය, වන්දනාකරුවන් බවට පත්වී නැවතත් වන්දනීයත්වයට සදුසු අය බවට පත්වනවා. ඔවුන් තම භක්තියේ ඵලය ලබනවා. මේ කරුණු සියල්ලම ඔවුන්ට විස්තර කර දිය යුතුයි. පළමුවෙන්ම ත්‍රිමුර්ති පින්තූරය විස්තර කර දෙන්න. පළමුවෙන් ඔවුන් ඉනිමගේ පින්තූරය වෙත ගෙන යන්න එපා. ඒවා වැඩි විස්තරයි. පළමුවෙන්ම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. ඔහු තමයි උසස්ම කෙනා. පසුව බ්රහ්මා, විෂ්ණු හා ශංකර්ගේත්, ඉන්පසුව ලක්ෂ්මි හා නාරායනගේත් පින්තූර විස්තර කර දෙන්න. භක්ති මාර්ගයේ නොයෙකුත් පින්තූර තිබෙනවා. පළමුවෙන්ම ඔවුන්ට, ඔබ ඔබගේ අසීමිත පියාගෙන් දෙව්ලොව අසීමිත උරුමය ලබනා බව කියන්න. ඒ උසස්ම තැනැත්තා වූ පරමාත්ම දෙවියන් උසස් වූ උරුමයකුත් දෙනවා. ශිවාගේ උපන් දිනය සමරන්නේ භාරතයේයි. ඉතින් එමනිසා, ඒ දිව්‍ය ලෝකයේ දෙවියන්, පියා අනිවාර්යෙන්ම පැමිණ දිව්‍ය ලෝකය නිර්මාණය කළා විය යුතුයි. දිව්‍ය ලෝකය ස්ථාපනය කරන්නේ පියා පමණයි. පසුව අවුරුදු 5000කින් පසු, එය අපාය බවට පත්වෙනවා. රාමා (ශිව බාබා) පැමිණිය යුතු වන අතර, රාවණ ද නියම වෙලාවට පැමිණිය යුතු වනවා. රාමා උරුමයක් ලබා දෙන අතර, රාවණ ගෙන දෙන්නේ සාපයකි. ඥානය, එනම් දවස, අවසන් වන අතර රාත්‍රිය එළඹෙනවා. දවස තුළ සිටින්නේ සූර්ය වංශයේ හා චන්ද්‍ර වංශයේ අය පමණයි. මේවා අභ්යයන්තරගතව විස්තර කිරීම ඉතාමත් පහසුයි. පළමුවෙන්ම ඔබ ඒ උසස් පියාගේ හැඳින්වීම ලබා දිය යුතු වන අතර ඔවුන් තුළ එය ස්ථිර විය යුතුයි. මෙය තමයි ප්‍රධානම දෙය. දේව වංශය පැවතියේ ස්වර්ණමය යුගයේයි. ඔවුන් සතෝප්‍රධාන් තත්ත්වයේ සිටි අතර පසුව සතෝ, රජෝ හා තමෝ යන තත්ත්වයන් පසු කර ගියා. මෙය තමයි චක්‍රය. මුළු කාලයම එකම විදියක් වෙන්න බැහැ. ඔබ ඒ උසස්ම වූ පියාව සිහිකළ යුතු බව දරුවන් තම බුද්ධියෙහි තබා ගත යුතුයි. මෙම ස්මර්ණයෙහි බොහෝ අය දුර්වලයි. බාබා තමාගේම අත්දැකීම් ඉදිරිපත් කරමින් පවසනවා, ඔහුට නැවත නැවතත් මෙය අමතක කරවමින් වෙන වෙන සිතිවිලි එන අතර එමනිසා, එය මෙසේ සඳහන් කරනවා, ’බොහෝ වගකීම් දරණ අය ස්මරණයේ සිටින්නේ කෙසේද?‘. බාබා දවස මුළුල්ලේම බොහෝ දේ පිළිබඳව සැළකිලිමත් වන අතර නොයෙක් දේ ඔහු ඉදිරියට පැමිණෙනවා. උදෑසනම අවදිවන්නටත්, ඒ වෙලාවට ස්මර්ණයෙහි යෙදෙන්නටත් බාබා ඉතාම කැමතියි. ඒ වගේම ස්ථාපනයට පසුව ඔහු නැවත වරක් ලෝක අධිරාජ්‍යයා බවට පත්වෙනවාය යන කුල්මත් බවත් ඔහු තුළ තිබෙනවා. බාබා ඔහුගේම අත්දැකීම් ඔබට කියනවා- පළමුවෙන්ම කළ යුතු වන්නේ පියාගේ හැඳින්වීම ලබාදීම බව. කෙනෙක් ඔබට වෙන යම් දෙයක් ගැන කියනවා නම්, ඔහුට කියන්න ඒවායින් කිසිම ප්‍රයෝජනයක් නැති බව. අප ඔබට දෙන්නේ ඒ උසස්ම වූ පියා පිළිබඳ හැඳින්චීමයි. ලෝක පාලකයන් බවට පත්වීමේ උසස්ම උරුමය දෙන්නේ ඔහු පමණයි. ආර්ය සමාජී අය දේවතාවන්ගේ පින්තූර විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් ඔබව පින්තූරත් සමඟ දකින විට නොමනාපයක් ඇති කර ගන්නවා. තම උරුමය ලබා ගැනිමට අවශ්‍ය අය ඔබ ලඟට පැමිණ දැන් සාමකාමිව සවන් දෙනවා. පළමුවන හා ප්‍රධානම දෙය නම් පරමාත්ම දෙවියන් උසස්ම කෙනා යන්නයි. බ්රහ්මා, විෂ්ණු හා ශංකර්, උසස්ම අය ලෙස හඳුන්වන්නේ නැහැ. උසස්ම පියාගෙන් පමණයි උරුමයක් ලැබෙන්නේ. පාරිශුද්ධකරුවා වන්නේ ඔහු පමණයි. මෙම කරුණු ස්ථිර වශයෙන් වටහා ගන්න. දෙවියන් ඒකායන කෙනායි. ’පියා‘ යන්නෙන් හැඟවෙන්නේ උරුමයක්. ඔහු ඔබට ඔබගේ උරුමය ලබාදීමට භාරතයට එනවා. බ්රහ්මා මාර්ගයෙන් නව ලෝකය ස්ථාපනය වන අතර, ශංකර් මාර්ගයෙන් පැරණි ලෝකය විනාශ වෙනවා. මහාභාරත යුද්ධයෙන් දිව්‍ය ලෝකයේ දොරටු විවෘත වන අතර, ඔබ අපිරිසිඳු බවින් පාරිශුද්ධත්වයට පත්වනවා. භාරතය ඒ අසිමිත පියාගෙන් උරුමයක් ලබනවා. මේ එකම දෙය හැර වෙන කිසිම දෙයක් නැහැ. පියා කියනවා මා සිහි කරන්න, එවිට ඔබ තුළ ඇති කහට ඉවත්ව යනු ඇත. මිනිස්සු මේ එකම දෙය තේරුම් ගත් පසු පමණයි වෙන දෙයක් විස්තර කළ යුතු වන්නේ. මේ සෑම පින්තූරයක්ම වැඩිදුර විස්තරයි. අප ඔවුන්ට කියන්නේ ඥානය නම් වූ අමෘතය බී පාරිශුද්ධත්වයට පත්වන්න කියායි, එවිට ඔවුන් කියනවා ඔවුන්ට ඕනෑ විෂ බව! මෙය පදනම් වූ පින්තූරයකුත් තිබෙනවා, ඒ නිසා තමයි කියන්නේ අපි අමෘතය පැත්තක තබා විෂ බොන්නේ ඇයි? මේ ආධ්‍යාත්මික ඥානය දෙන්නේ ආධ්‍යාත්මික පියා පමණයි. එම පියා සෑම තැනකම සිටිය හැක්කේ කෙසේද? පියා සෑම තැනකම සිටී යැයි ඔබ විශ්වාස කරනවානම්, එය විශ්වාස කරන්න, නමුත් අප එය තවදුරටත් විශ්වාස කරන්නේ නැහැ. මින් පෙර, අප එය විශ්වාස කළා. පියා දැන් අපට කියා තිබෙනවා එය අප කළ වැරැද්දක් බව. ඔබ පියාගෙන් උරුමයක් ලබනවා. භාරතයත් දැන් අපායක්. අප දැන් නැවතත්, එය දිව්‍ය ලෝකයක් එනම්, ගෘහ ආශ්රමයක් බවට පත්කරවනවා. ආදි සනාතන දෙවි දේවතා ධර්මය, පිරිසිඳු ගෘහ ආශ්රමයක් වූවා. දැන් එය, අපිරිසිඳු පාපකාරි ලෝකයක්. පියා කියනවා මා සිහි කරන්න! ශිව බාබා තමයි උසස්ම උසස් නිර්මාණකරුවා. ඔබ ඔහුගෙන් උරුමයක් ලබා ගන්නවා. දැන් මෙම කලි යුගයේ බොහෝ මිනිස්සු සිටින නමුත්, ස්වර්ණම යුගයේ සිටින්නේ මිනිස්සු ඉතාම ටිකයි. ඒ කාලයේදි අනෙක් සෑම කෙනෙක්ම සාම දේශයට වී සිටිනවා. ඉතින් අනිවාර්යෙන්ම යුද්ධය ආරම්භ වූ පසුවයි අනෙක් අය සෑම කෙනෙක්ම විමුක්තිය වෙත යන්නේ. මේ සෑම දෙයක්ම දරුවන්ගේ බුද්ධිය තුළ තිබිය යුතුයි. දරුවන් අනිවාර්යෙන්ම සේවයෙහි යෙදිය යුතුයි. සේවයේ යෙදිමෙන් පමණයි ඔබ උසස් තත්ත්වයක් ලබන්නේ. එකිනෙකා සමඟ එකට ජීවත්වීමට බැරි නිසා, ශිව බාබා සිහි කිරිමට නොහැකියි හෝ බාබාගේ සේවය කරන්න නොහැකියි ආදි ප්‍රශ්න ඇති විය නොහැකියි. එසේ වුවහොත්, ඔබගේ තත්ත්වය විනාශ වී යනවා. එවිට සේවය කරනවා වෙනුවට ඔබ කරන්නේ ඊට නිග්‍රහ කිරිමක්. ඔබ එකිනෙකා සමඟ ලුනු වතුර මෙන් වී බාබාගේ සේවයෙන් ඉවත් වනවා තරම් වූ නරක දෙයක් තවත් නැහැ. බාබා සිහි කරන්න, එවිට ඔබට හොඳ ආදායමක් ලැබෙනු ඇත. ඔබ දැන් පාරිශුද්ධත්වයට පත්වීමට හා පියා සිහිකිරිමට ඥානය ලබාගෙන තිබෙනවා. ධූරියා (හෝලි හා සබැඳි උත්සවයක්) කියන්නේ ඥානය පිළිබඳ වූ අසිරියයි. කියමනක් තිබෙනවා ග්‍යාන් සහ විග්යාන්. විග්යාන් කියන්නේ යෝගායි, ග්‍යාන් (ඥානය) ලෝක චක්රයයි. මිනිස්සු හෝලි හෝ ධූරියා ගැන කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. පියා සිහිකර සෑම කෙනෙකුටම මෙම ඥානය දෙන්න. බාබා නැවත නැවතත් ඔබට මෙය විස්තර කරනවා: උසස්ම වූ පියා සෑම තැනම ඉන්නවා කියා කියන්න බැහැ. එවිට ඔබ සිහිපත් කරන්නේ කවුද? පියා කියනවා නිරන්තරයෙන් මා සිහිපත් කරන්න. කොහොමනමුත්, ඔබ නිර්මාණකරුවා දන්නේ නැත්නම්, ඔබ ලබන්නේ කුමක්ද? ඔහුව දැන ගන්නේ නැති හෙයින් මිනිස්සු කියනවා ඔහු සෑම තැනම ඉන්නවා කියා. එමනිසා, ඔහු උසස්ම කෙනා බව ඔප්පු කරන්න. එවිට ඒ දෙවියන් සෑම තැනම ඉන්නවා යන ආකල්පය ඔවුන් තුළින් ඉවත් වි යනවා. අපි සෑම කෙනෙක්ම සහෝදරයෝ. පියා සෑම අවුරුදු 5000කට වරක් පැමිණ අපට උරුමයක් දෙනවා. සත් යුගයේ දේවතාවන් සිටින අතර අනෙක් සෑම කෙනෙක්ම විමුක්තිය වෙත යනවා. නිරන්තරයෙන්ම සෑම කෙනෙක්ටම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. මිනිස්සු ක්‍රිස්තූන් වහන්සේ යදිනවා. සෑම කෙනෙකුගේ පියා, ක්‍රිස්තූන් වහන්සේ නොවන බව ඔවුන්ට කියන්න. සෑම කෙනාගේම පියා වන්නේ, ජීවාත්ම සත්තාවන් කන්නලව් කරමින් කතා කරනා ඒ අශාරිරික ඒකායන කෙනායි අහෝ දෙවියනි, පියාණනි! ක්‍රිස්තූන් වහන්සේව හඳුන්වන්නේ ඔහුගේ පුතා ලෙසයි. පුතෙකුගෙන් උරුමයක් ලබන්නේ කෙසේද? ක්‍රිස්තූන් වහන්සේ කියන්නේ ඔහුගේ නිර්මාණයයි. කිසිම ආගමික ග්‍රන්ථයක ක්‍රිස්තූන් වහන්සේගේ ජීවය සිහි කරිමෙන් තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් තත්ත්වයට පත්විය හැකියි කියා සඳහන් වී නැහැ. ගීතාවේ පමණක් එය ලියා තිබෙනවා නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. පරමාත්ම දෙවියන්, පරම පියා ගේ ආගමික ග්‍රන්ථය තමයි ගීතාව. ඔවුන් පියාගේ නම ඉවත් කර ක්‍රිෂ්ණාගේ නම එයට යොදා තිබෙනවා. ඔවුන් මෙම වැරැද්ද කර තිබෙනවා. පියා තමයි උසස්ම කෙනා. සාමයේ හා සතුටේ උරුමය දෙන්නේ ඔහුම පමණයි. ඔබ සෑම කෙනෙකුම ශිවාගේ පින්තූරය ඔබ ලඟ තබා ගත යුතුයි. ශිව බාබා මෙම උරුමය දෙන අතර පසුව උපත් 84කින් පසුව එය නැති කර ගන්නවා. ඉනිමඟෙහි පින්තූරය විස්තර කර දෙන්න පාරිශුද්ධත්වයට පත්වීමේ මාර්ගය අපට පෙන්වා දෙන්නේ ඒ පියාගේ පැමිණිමෙන් පසුවම පමණයි. මිනිස්සු කියනවා ක්‍රිෂ්ණා දෙවියන් කතා කරනවා. ඔබ කියනවා ශිව දෙවියන් (සත්‍යය) කතා කරනවා කියා. උසස් වූ පියා ඉන්නේ පළමුවන පඩිපෙළේයි. පසුව දෙවෙනි පඩිපෙළේ සූක්ෂම ලෝකය තිබෙනවා. මෙය තමයි තුන්වන පඩිපෙළ. මෙය තමයි ලෝකය. පසුව ඔබ සූක්ෂම දනව්ව වෙත යනවා. විනිශ්චය සභාව එහි අසුන්ගෙන සිට දඬුවම් දෙනවා. දඬුවම් ලැබීමෙන් පසුව ඔබ ගෙදර යනවා. පියා සෑම දරුවෙක්ම ගන්නවා. මේ සංගම් යුගයයි. ඔබ අවුරුදු 100ක් යන තුරුම ඉඩදිය යුතුයි. දරුවන් බාබාගෙන් අහනවා බාබා, දිව්‍ය ලෝකයේ තියෙන්නේ මොනවාද? බාබා කියනවා දරුවනි, ඔබ මෙසේ දියුණු වෙමින් ඉදිරියට යන විට මේ සෑම දෙයක්ම දකිනවා. ප්‍රථමයෙන්ම පියාව හඳුනා ගන්න. පසුව අපිරිසිඳු බවින් පාරිශුද්ධත්වයට පත්වීම ගැන සැලකිලිමත් වන්න. දිව්‍ය ලෝකයේ සිදුවීමට තිබෙන සෑම දෙයක්ම ඒ අයුරින්ම නොකඩවා සිදු වෙනවා. ඒ නව ලෝකය වෙත යාමෙහි සම්පූර්ණ උරුමය පියාගෙන් ලැබීමට හැකිවීමට සමත් අයුරින් පාරිශුද්ධත්වයට පත්වන්න. මැදදී සිදුවන ඕනෑම දෙයක් වුවත්, ඔබ මෙසේ දියුණු වෙමින් ඉදිරියට යන විට දැක ගත හැකියි. මේ සෑම දෙයක්ම ඔබට සිහිපත් විය යුතුයි. ඒවා සිහි නොකරන නිසා අවශ්‍ය වෙලාවට ඔබට ඒවා සිහිපත් කිරිමට නොහැකි වෙනවා. ඔබ ඒවා අමතක කර දමනවා. දරුවනි, ඔබ හොඳ ක්‍රියා කළ යුතුමයි. පියාගේ ස්මරණයෙහි යෙදිමෙන් ඔබ තව දුරටත් නරක ක්‍රියාවන්හි නොයෙදුනු ඇත. බොහෝ දෙනා බොහෝ නරක වැඩ කරනවා. ඔබ සෑම දෙයකින්ම කැමති, යම් එකම ගුරුවරයෙක් කියන දේවලටයි කියා දෙයක් නොතිබිය යුතුයි. මන්ද, එවිට එම ගුරුවරයා ගිය පසු සියල්ල අවසාන වෙයි. ඒ නිසා එසේ නොවිය යුතුයි. සමහර අය තම ගුරුවරයා නිසා මිය යනවා. ඒ කියන්නේ ඔබ පියාගේ උරුමය නොලබා මිය යනවා යන්නයි. මෙය හඳුන්වන්නේ අවසානය ලෙසයි. බොහෝ දරුවන් එකිනෙකාගේ නමට හා ස්වරූපයට ගොදුරු වී මිය යනවා. ඔබ අතර කිසිම භෞතික ආදරයක් නොතිබිය යුතුයි. නිරන්තරයෙන්ම ශිව බාබා සිහිපත් කරන්න. ඔබගේ දීම් හා ගැනිම් වෙන කිසිම කෙනෙක් සමඟ නොතිබිය යුතුයි. ඔවුන්ට කියන්න ඇයි ඔබ මට මෙය දෙන්නේ? ඔබගේ යෝගා තිබෙන්නේ ශිව බාබා සමඟයි. කෙලින්ම ශිව බාබාට නොදෙන අය කිසිම දෙයක් ලබන්නේ නැහැ. ස්ථාපනය සිදුවන්නේ බ්රහ්මා මාර්ගයෙනි, ඒ නිසා සෑම දේම කළ යුත්තේ ඔහු හරහාය. ඒ අතරමැද සිට ඔහු හෝ ඇය ඔබ දුන් කුමක් හෝ ඔවුන්ගේ පාවිච්චියට ගත හොත් එය ලබා තිබෙන්නේ ශිව බාබා තුළින් නොවේ. ඔබට යම් දෙයක් ශිව බාබාට දීමට අවශ්‍ය නම් එය බ්රහ්මා මාර්ගයෙන් දෙන්න. බ්රහ්මා මාර්ගයෙන් මධ්‍යස්ථාන විවෘත කරන්න. කෙනෙක් තමා විසින්ම අවසර නැතිව මධ්‍යස්ථාන විවෘත කළහොත්, එය මධ්‍යස්ථානයක් නොවේ. බාප් සහ දාදා සම්බන්ධයි. මෙම කෙනා යම් දෙයක් ඔහුගේ දෑතින් දුන්නොත්, ඒ කියන්නේ එය ශිව බාබාට දුන්නා යන්නයි. බාබාට ඔවුන්ගේ කිසිම තොරතුරක් නොදන්වනා බොහෝ මධ්‍යස්ථාන තිබෙනවා. ඔබ මෙසේ ලිවිය යුතුයි ශිව බාබා, මෙය තමයි ඔබගේ මධ්‍යස්ථානයේ ගිණුම. අධිපතිට සෑම ගිණුමක්ම ලැබිය යුතුයි. බොහෝ දෙනා ශිව බාබා තුළින් එකතු කර ගන්නේ නැහැ. ඔවුන්ට එම නුවණ නැහැ. ඔවුන්ට විශාල දැනුමක් තිබුණා වුවත් ඔවුන් මෙම ක්‍රමය දන්නේ නැහැ. මධ්‍යස්ථාන විවෘත වීම ගැන ඔවුන් සතුටු වෙනවා. ඔබ යම් කෙනෙක්ට දී, ඔහු මධ්‍යස්ථානයක් විවෘත කළා වුවත්, ශිව බාබා එම මධ්‍යස්ථානය විවෘත කළේ නැත. එම මධ්‍යස්ථානය සාර්ථක වන්නේ නැහැ. ඔබට මධ්‍යස්ථානයක් විවෘත කිරිමට අවශ්‍ය නම් එය ශිව බාබා මාර්ගයෙන් විය යුතුයි. ‘ශිව බාබා, මා ඔබට මෙය දෙනවා. එය මධ්‍යස්ථානයක් ලෙස පාවිච්චි කරන්න’. දරුවන් බොහෝ වැරදි කරන අතර යෝගාහිදිත් බොහෝ දුර්වලයි. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
- ඥානය ඉගෙනගන්නවාත් සමඟ, ඔබගේ වාසනාවත් සකසා ගැනීමට ඉගෙන ගන්න. කිසිම මනුෂ්‍යයෙක් නිසා අවාසනාවට ලක් වන්න එපා.
- ඔබත් තවත් කෙනෙකුත් අතර යම් දෙයක් සිදුවීම නිසා සේවයේ යෙදීම නවත්වන්න එපා. උදෙන්ම අවදි වී ඔබටම කතා කරන්න. පියා සිහි කිරිමට උත්සාහ කරන්න.
| වරදානය: |
ඔබ ඔබේ උත්තරීතර ධාරණාවේ කොටසක් ලෙස අත්හැරීම පිළිගනිමින්, එමගින් භාග්‍යය අත්විඳින සැබෑ අත්හැරීම සිදු කරන්නෙකු වේවා! බ්‍රහ්මින්වරුන්ගේ උත්තරීතර ධාරණාව වන්නේ පූර්ණ පාරිශුද්ධත්වයයි. මෙම ධාරණාව සම්බන්ධයෙන් මෙසේ සිහිපත් කෙරේ: "මිය යෑමට සිදු වුවද, ඔබ දුන් පොරොන්දුව කඩ නොකළ යුතුය". ඕනෑම අවස්ථාවක් යටතේ යමක් අත්හැරීමට සිදුවුවත්, යමක් ඉවසීමට සිදුවුවත්, විරුද්ධත්වයකට මුහුණ දීමට සිදුවුවත්, නැතහොත් මෙම ධාරණාව පවත්වා ගැනීමට ධෛර්යය අවශ්‍ය වුවත්, ඒ සියල්ල සතුටින් කරන්න. අත්හැරීම යනු හුදෙක් අත්හැරීමක් පමණක් යැයි නොසිතන්න; එය ඔබේ භාග්‍යයක් ලෙස අත්විඳින්න. එවිට ඔබව සැබෑ අත්හැරීම සිදු කරන්නෙකු ලෙස හැඳින්විය හැකිය. මෙවැනි ධාරණාවක් ඇති අය සැබෑ බ්‍රහ්මින්වරුන් ලෙස හැඳින් වේ. |
| පාඨය: | තම සියලු බල නිසි පිළිවෙලට තබා ගන්නා අය, මාස්ටර් සර්ව බලධාරී වෙති. |
අව්‍යක්ත සංඥාව: බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.
ඔබ සකාර් ස්වරූපයෙන් දුටුවේ, අවසන් කර්මාතීත් අවධියේ දී ඔහුගේ කාර්යභාරය වූයේ හුදෙක් ආශිර්වාද දීම පමණක් බවයි. එය සමබරතාවය පවත්වා ගැනීමේ විශේෂත්වය සහ ආශිර්වාද පිරිනැමීමේ අසිරිමත් බව විය. බ්‍රහ්ම බාබාව අනුගමනය කරමින් ඔබත් එලෙසම කටයුතු කරන්න. මෙය ඉතා පහසු මෙන්ම බලගතු සේවාවකි. දැන්, විශේෂ ජීවාත්මයන්ගේ කාර්යභාරය වන්නේ ආශිර්වාද දීමයි; එය ඔබේ දෑස් තුළින් හෝ ඔබේ නළලෙහි ඇති දිව්‍යමය මැණික තුළින් සිදු කළ හැකිය. ක්‍රියාවන් සිදු කරන අතරතුර, සැමවිටම එම ක්‍රියාවන්ගේ බැඳීම්වලින් ඔබ්බෙහි සිටින්න; එනම්, නොබැඳිව සිටින්න. කිසිවිටෙකත් ක්‍රියාවන්ගේ බලපෑමට හසු නොවන්න. ඔබේ භෞතික ඉන්ද්‍රියන් මගින් ඕනෑම ක්‍රියාවක් සිදු කරන විට, මට අයිතියක් ඇත යන අභිමානය තුළ කුල්මත්ව රැඳී සිටින්න; මෙය පරිසමාප්ත අවධියයි.