| 27-11-2026 |
උදෑසන මුරලි
ඕම් ශාන්ති
බාප්දාදා
|
මධුබන් |
| සාරය: | සුමිහිරි දරුවනි, භාරතය, සෑම කෙනෙකුටම වන්දනා ස්ථානයකි. එබැවින් සියලුම ආගම්වල මිනිසුන්ට, භාරත වන්දනා ස්ථානයේ ප්‍රශංසාව කියන්න. සෑම කෙනෙකුටම පණිවිඩය දෙන්න. |
| ප්රශ්නය: | ඔබගේ අවසන් සිතිවිලි ගමනාන්තයට ඔබව රැගෙන ගොස්, නින්ද ජයගන්නන් බවට ඔබව පත් කරන්නේ, ඔබ කුමන උත්සාහය දැරීමෙන්ද? |
| පිළිතුර: | රාත්‍රියේ නින්දට යාමට පෙර, ප්‍රථමයෙන් පියා සහ ඔබගේ උරුමය සිහිපත් කර, නොකඩවා ස්ව දර්ශන චක්‍රය බ්‍රමණය කරන්න. ඔබට නිදිමත දැනෙන විට, නින්දට යන්න, එවිට ඔබගේ අවසන් සිතිවිලි ගමනාන්තයට ඔබව රැගෙන යයි. ඔබ උදෑසන අවදි වන විට, ඔබට එම කරුණු දිගටම මතක් වෙයි. මෙය පුහුණු වීමෙන් ඔබ නින්ද ජයගත් අය බවට පත් වෙයි. යමක් කරන අයට එහි ප්‍රතිලාභය හිමි වෙයි. මෙය කරන අයගේ ක්‍රියාකාරකම් බොහෝ ප්‍රසිද්ධියට පත්වෙයි. |
| ගීතය: | දැනුමේ වර්ෂාව, ආදරවන්තයා සමඟ සිටින අයටයි. |
ඕම් ශාන්ති. ආදරවන්තයා සමඟ සිටින අය. ලෝකයේ බොහෝ පියවරු සිටියි, නමුත් ඔවුන් සියලු දෙනාගේ පියා, එක් නිර්මාණකරු පමණයි. ඥානයේ මහා සාගරය, ඔහුම පමණයි. විමුක්තිය ලැබෙන්නේ ඥානය තුළින් පමණයි. ස්වර්ණමය යුගය ස්ථාපනය කිරීමට තිබෙන විට, මනුෂ්‍යයන්ට විමුක්තිය ලැබෙයි. විමුක්තිදායකයා යැයි කියන්නේ බාබාට පමණයි. ඥානයේ මහා සාගරය පැමිණ, ඔබව විමුක්තියට රැගෙන යන්නේ, එය සංගම යුගය වූ විට පමණයි. මෙකල සෑම කෙනෙක්ම සිටින්නේ පහත් වීය සෑම කෙනෙකුටම එකම පහත් මට්ටම නැත. වඩාත්ම පෞරාණික දේශය භාරතයයි. උපත් 84 සිහි කෙරෙන්නේ භාරතයේ අයටයි. සැබවින්ම උපත් 84ක් ගැනීමට සුදුසු වන්නේ, ප්‍රථමයෙන්ම පැමිණෙන මනුෂ්‍යයන්ය. දේවතාවන් උපත් 84ක් ගන්නා අතර බ්රහ්මණයන්ද උපත් 84ක් ගනී. සඳහන් වන්නේ ප්‍රධාන අය ගැන පමණයි. බ්රහ්මගේ මාර්ගයෙන් ලෝකය අලුත් කිරීම සඳහා, පියා ප්‍රථමයෙන් නිර්මාණය කරන්නේ සූක්ෂම දේශයයි. ඉන්පසුව නව ලෝකයේ ස්ථාපනය සිදුවනවා. ත්‍රිලෝකිනාථ (ලෝක තුනට අධිපති) වන්නේද ඒකායන පියාය. ඔහුගේ දරුවන්ටද, තමන් ලෝක තුනට අධිපතියන් යැයි කිව හැක. මෙහි බොහෝ මිනිසුන් තමන්ට ත්‍රිලෝකිනාථ යැයි කියා ගනී. ඔවුන් ගවුරි-ශංකර්, රාධේ-ශයාම් වැනි දේවතාවන්ගේ ද්විත්ව නම් ද, තමන්ට අරගනී. කෙසේවෙතත්, රාධේ සහ ක්‍රිෂ්ණා අයත් වූයේ වෙනස් රාජධානි දෙකකටයි. හොඳ දරුවන්ගේ බුද්ධි වලට ඉතා හොඳ කරුණු ධාරණය කර ගැනීමට හැකිය. බොහෝ ඖෂධවල නම්, දක්ෂ වෛද්‍යවරුන්ගේ බුද්ධිය තුළ තිබෙයි. මෙහිද දිනපතාම අලුත් කරුණු ඉස්මතු වෙයි. මෙය හොඳින් පුහුණු වන අය, දිනපතා අලුත් කරුණු ධාරණය කරගනියි. කිසිම දෙයක් ධාරණය කර නොගන්නා අයට, මහාරතීන් යැයි කිව නොහැක. සෑම දෙයක්ම බුද්ධිය මත රඳා පවතින අතර එය භාග්‍යයේ ප්‍රශ්නයක් ද වෙයි. එය නාටකයද වෙයි. ඔබ ශරීර ගෙන, ඔබගේ චරිත කොටස් රඟපාන බව, ඔය ජීවාත්ම වටහාගනී. කෙසේවෙතත්, නාටකයේ මුල, මැද සහ අවසානය ගැන, කිසි කෙනෙක් නොදනී, එනම්, ඔවුන් කිසිම දෙයක් නොදනී. ඔබ එය දැනගත යුතුයි. පියාගේ හැඳින්වීම සෑම කෙනෙකුටම ලබා දීම, දරුවන්ගේ වගකීමයි. ඔවුන් ඒ පිළිබඳව නොදැන සිටි බව, කිසිවෙකුට කීමට නොහැකි වන සේ, ඔබ මුළු ලෝකයටම කිව යුතුයි. බොහෝ දෙනෙක් විදේශයන්හි සිට පැමිණෙයි. ඔවුන් සියලු දෙනාටම බොම්බායේ සෑම දෙයක්ම පිළියෙල කෙරෙයි. ඒ මිනිසුන් බලගතුයි ඔවුන්ට බොහෝ මුදල් තිබේ. ශිවා, ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ ගුරු බව ඔවුන් සලකයි. සියලුම ආගම් ස්ථාපනය කළ අයටත්, යම් කොටසක් තිබෙන බව, විස්තර කර ඇත්තේ මේ නිසාය. ආරම්භයේදී දරුවන්ට දර්ශන පෙනුනි. ඒබ්‍රහම්, ක්‍රිස්තුතුමා ආදියද ඔබව මුණගැසීමට පැමිණෙයි. එබැවින්, ඔවුන්ට කෙතක් සකස් කළ යුතුයි. සියලුම සංචාරකයන් බොම්බායට යයි. භාරතය, සියලු දෙනාව බොහෝ සෙයින් ආකර්ෂණය කරයි. ඇත්ත වශයෙන්ම භාරතය, පියාගේ උපන් ස්ථානයයි. කෙසේවෙතත්, දෙවියන් සෑම කෙනෙක් තුළම සිටින බව කීමෙන්, ඔවුන් අසීමිත පියාගේ වැදගත්කම නැති කර තිබේ. භාරතය ශ්‍රේෂ්ඨතම වන්දනා ස්ථානය බව, ඔබ දැන් විස්තර කරයි. සියලුම ආගම් නායකයන්, තමන්ගේ ආගම් ස්ථාපනය කිරීමට පැමිණෙයි. පසුව, සෑම ආගමකම සියලු දෙනා, ඔවුන් පසුපස පහළට පැමිණෙයි. එය දැන් නිමාව වන අතර සෑම කෙනෙක්ම ආපසු නිවසට යාමට උත්සාහ දරමින් සිටියි. කෙසේවෙතත්, ඔවුන්ව මෙහි පහළට රැගෙන ආවේ කවුරුන්ද, කියා ඔවුන්ගෙන් විමසන්න. ක්‍රිස්තුතුමා, ක්‍රිස්තියානි ආගම ස්ථාපිත කළා, එබැවින් ඔහු ඔබව මෙහි පහළට ඇද දැමුවාද? සෑම කෙනෙක්ම දැන් පිඩාවෙන් සිටින අතර, ඔවුන්ට ආපසු නිවසට යාමට අවශ්‍ය වී තිබේ. එවිට ඔබව දුකෙන් මුදවා, සතුට වෙතට ගෙන යාම, පියාගේ කාර්යයයි. භාරතය, පියාගේ උපන් ස්ථානයයි. මෙහි වැදගත්කම දන්නේ ඔය දරුවන් පමණයි. මෙය දන්නා අයට කුල්මත් බවක් දැනෙයි බාබා සෑම චක්‍රයකම භාරතයට පැමිණෙනවා. මෙය සෑම කෙනෙකුටම පවසා, ඔවුන්ට ආරාධනා ද කරන්න. කිසි කෙනෙක් නිර්මාණය පිළිබඳ දැනුම නොදනී. එබැවින් සේවය කරන්නන් වී, ඔබගේ නාමය කීර්තිමත් කරගන්න. මෙම මේලාව සෑම තැනකම පැවැත්වෙයි. ඔවුන් දක්ෂ දරුවන්ගේ උපකාර දිගටම ඉල්ලයි. ඔවුන්ගේ නාමයන් ඔවුන් දිගටම මතුරයි. ඔවුන් ශිව බාබාගේ නම මෙන්ම, බ්‍රහ්ම බාබාගේ නාමයද, තුන්වෙනුව, කුමාරිකා, ගංඟා, මනෝහාරී ආදීන්ගේ නම්ද මතුරයි. භක්ති මාර්ගයේ ඔවුන් නවගුණ වැලක පබුළු බ්‍රමණය කරයි. මෙහිදී ඔවුන්ගේ මුවින් මෙම නම් මතුරයි අහවල් කෙනා ඉතා හොඳින් සේවය කරන අතර නිරහංකාරයි. ඇය ඉතා මිහිරි වන අතර කිසිම ශරීර අවධානයක් නැත. මෙවැනි කියමනකි ඔබ සෙනෙහස ලබා දෙන විට, ඔබට සෙනෙහස ලැබෙයි. පියා පවසන්නේ ඔබ දැන් දුකට පත් වී සිටියි. ඔබ මා සිහි කරන්නේ නම්, මා ඔබට උපකාර කරන්නම්. ඔබට යම් නොකැමැත්තක් තිබේ නම්, ඉන් කියැවෙන්නේ ඔබ තමන්ට අකමැති බව වන අතර ඔබට එවිට තත්ත්වයක් හිමි නොවෙයි. ඔබට බොහෝ ධනය ලැබෙයි. කෙනෙක් ලොතරැයියක් ජයගත් විට, ඔහු බොහෝ සතුටට පත් වෙයි. එහි බොහෝ ත්‍යාග තිබේ. එහි දෙවැනි සහ තුන්වැනි ත්‍යාගද තිබේ. මෙයත් දේවමය තරඟයකි. මෙය ඥානයේ සහ යෝගාවේ තරඟයක් වන අතර, වේගවත් වන අය ගෙල වටා මල් මාලාවක් වී, සිහසුනට සමීපව අසුන් ගනීවි. ඔබ සියලු දෙනාම කර්ම යෝගීන්ය. ඔබ ඔබගේ නිවෙස්ද බලා ගත යුතුයි. පංතියේදී පැයක් ඉගෙන ගෙන, ඉන්පසුව නිවසට ගොස් එය පුනරීක්ෂණය කරන්න. ඔවුන් පාසැලේදී ද කරන්නේ එයයි. ඔවුන් පාසැලේදී ඉගෙනගෙන ඉන්පසුව නිවසේදී එය පුනරීක්ෂණය කරයි. පියා පවසන්නේ පැයක් හෝ පැය භාගයක් ඉගෙනගන්න, එසේ නැත්නම් ඔබට පංතියේ විනාඩි 15ක් හෝ 20ක් වුවත් අසුන් ගෙන සිටිය හැක එය ධාරණය කරගෙන, ඉන්පසුව ඔබ ව්‍යාපාරික කටයුතු වල නිරත වන්න. පෙර, බාබා ඔබව අසුන් ගන්වා මෙසේ පැවසීය බාබාගේ සිහිපත් කිරීමේ අසුන්ගෙන ස්ව දර්ශන චක්‍රය බ්‍රමණය කරන්න. ඔබට සිහිපත් කිරීම පිළිබඳ ඥානය තිබුණි. පියාව සහ උරුමය සිහිපත් කරන විට සහ ස්ව දර්ශන චක්‍රය බ්‍රමණය කරන අතර ඔබට නින්ද යන බව ඔබ දකින්නේ නම්, නින්දට යන්න. එවිට ඔබගේ අවසන් සිතිවිලි ඔබගේ ගමනාන්තයට ඔබව රැගෙන යයි. එවිට ඔබ උදෑසන අවදි වන විට, ඔබට එම කරුණුම මතක් වෙයි. මෙය පුහුණු වීමෙන් ඔබ නින්ද ජය ගන්නා අය බවට පත් වෙයි. යමක් කරන අයට ප්රතිලාභ හිමි වෙයි. යමක් කරන කෙනෙක් තුළ එය දිස්වන අතර ඔවුන්ගේ ක්‍රියාකාරකම් ප්‍රසිද්ධියට පත් වෙයි. අහවල් කෙනා ආවර්ජනය කර ඥානය ධාරණය කරන බව පෙනෙයි. ඔහුට කිසිම ගිජුකමක් ආදිය නැත. මේවා පැරණි ශරීරයි ඔබ උවමනාවට වැඩිය එය ගැන කරදර නොවිය යුතුයි. ඔබ සම්පූර්ණයෙන් යෝගාව සහ ඥානය ධාරණය කරන විට එය නිරෝගිව තිබෙයි. ඔබ කිසි දෙයක් ධාරණය නොකරන්නේ නම්, ශරීරය තව වැඩියෙන් දිරාපත් වනු ඇත ක්‍රමයෙන් දිරාපත් වීමෙන් එය මුළුමනින්ම සොහොනේ වැළලී යයි. අනාගතයෙදී ඔබට අලුත් සිරුරු ලැබීමට තිබේ. ජීවාත්මය පිවිතුරු කරගත යුතුයි. මෙම පැරණි සිරුර කිලිටි වූ ඇඳුමක් මෙනි. ඔබ එයට කෙතරම් පියරු ආදිය දැමුවත්, එය පැන්සයක් වත් නොවටි. ඔබ සියලු දෙනාම දැන් ශිව බාබා සමඟ විවාහ ගිවිස ගෙන සිටියි. දැරියකගේ මංගල දිනයෙදී ඇය ප්‍රථමයෙන් පැරණි ඇඳුම් අඳියි. ඔබ තව දුරටත් ඔබගේ සිරුර, භෞතික හැඩ ගැන්වීම් වලින් සැරසිය යුතු නැත. ඔබ තමන්ව ඥානයෙන් සහ යෝගාවෙන් සරසන්නේ නම්, ඔබ සුරංගනාවන් වෙයි. මෙය ඥානයේ විලයි. නොකඩවා ඥානයේ ගිලි ස්නානය කරන්න, එවිට ඔබ දිව්‍ය ලෝකයේ සුරංගනාවන් වෙයි. පුරවැසියන්ට සුරංගනාවන් යැයි නොකියයි. ඔවුන් පවසන්නේ ක්‍රිෂ්ණා, ගැහැණුන්ව පැහැරගෙන, ඉන්පසුව ඔවුන්ව අධිරාජිනියන් සහ රැජිණියන් බවට පත් කළ බවයි. ඔහු ඔවුන්ව පැහැරගෙන ගොස් ඔවුන්ව සොහොන් පල්ලන් සහ පුරවැසියන් බවට පත් කළ බව නොකියයි. ඔහු ඔවුන්ව පැහැර ගත්තේ ඔවුන්ව රැජිණියන් බවට පත් කිරීමටයි. ඔබද එවන් උත්සාහ දැරිය යුතුයි. ඔබට ලැබෙන ඕනෑම දේකින් ඔබ සතුටට පත් නොවිය යුතුයි. මෙය පැසැලකි. මෙහි ඇති ප්‍රධානතම දෙය වන්නේ ඉගෙන ගැනීමයි. බොහෝ දෙනෙකුට ගීතා පාඨශාලාවක් තිබේ. ඔවුන් අසුන්ගෙන ගීතාව කියවා, අන් අයට එය කටපාඩම් කරවයි. කෙනෙක් ස්ලෝකයක් ගෙන ඉන්පසුව එය විස්තර කරයි. සමහරු එය නිකම්ම කියවන අතර තවත් සමහරෙක් ස්ලෝකයක් ගෙන, එය ගැන පැය භාගයක හෝ විනාඩි 45ක දේශනයක් කරයි ඉන් කිසිම ප්‍රයෝජනයක් නැත. මෙහි පියාම අසුන්ගෙන ඔබට උගන්වයි. ඔබගේ අරමුණ සහ ඉලක්කය පැහැදිලිය. ග්රන්ථ ඉගෙන ගැනීමේදී කිසිම අරමුණක් හෝ ඉලක්කයක් නැත. අඛණ්ඩව උත්සාහ දරන්න. කෙසේවෙතත්, ඔබට කුමක් ලැබෙයිද? බොහෝ භක්තියේ යෙදෙන විට මිනිසුන්ට දෙවියන්ව හමුවෙයි. සැබවින්ම රාත්‍රියට පසුව දහවල පැමිණෙයි. චක්‍රයට, මිනිසුන් විවිධ කාල පරාස පෙන්වයි. ඔවුන්ට විස්තර කිරීමට ඔබට බලය අවශ්‍යයි. ඔබ සෑම දෙයක්ම කළ යුත්තේ යෝගා බලයෙනි. ඔබට එසේ කිරීමට නොහැකි නම්, ඉන් කියැවෙන්නේ ඔබට කිසි බලයක් නැති බවයි, ඔබ යෝගාවේ නොසිටින බවයි. යෝගාවේ ගිලී සිටින අයට බාබා උපකාර කරයි. නාටකයේ නියමිත වී තිබෙන දේ, නැවත නැවතත් සිදු වනවා. අතීතයේ කුමක් සිදු වුවාද, එය අඛණ්ඩව තත්පරයෙන් තත්පරයට ගතවී යයි. අපි ක්‍රියා කරන්නේ ශ්‍රීමත් වලට අනුවයි. ඔබ ශ්‍රීමත් පිළිපදින්නේ නැත්නම්, ඔබ උසස් වන්නේ නැත. එය අංකානුරූපයි. ඔවුන් සියලු දෙනා එකමුතු විය යුතු බව, ඒ මිනිසුන් සිතන නමුත්, ඔවුන් එහි අරුත නොදනී. ඔවුන් එක් විය යුත්තේ කුමක් බවටද? ඔවුන් සියලු දෙනාම එක් පියෙක් විය යුතුද, නැත්නම් සියලු දෙනාම සහෝදරයන් විය යුතුද? ඔවුන් සහෝදරයන් විය යුතු බව පවසන්නේ නම් එය යසයි. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් අපට සැබවින්ම එකා මෙන් විය හැක. ඔබ සියලු දෙනාම එක්කෙනෙකුගේ උපදෙස් අනුගමනය කරයි. ඔබගේ පියා, ගුරුවරයා සහ ගුරූ ඒකායන කෙනා පමණයි. සම්පූර්ණයෙන් ශ්‍රීමත් අනුගමනය නොකරන අයට උසස් වීමට නොහැකි වෙයි. ඔබ කිසිසේත් අනුගමනය නොකරන්නේ නම්, ඔබ අවසන් වෙයි. තරඟයකට තෝරා ගනු ලබන්නේ, සුදුසු සහ දක්ෂ අයව පමණයි. වැදගත් තරඟයකට ඔවුන් හොඳම අශ්වයන් තබයි, මන්ද, එය මත විශාල ලොතරැයියක් රැඳී තිබෙයි. මෙයත් මනුෂ්‍ය තුරඟ තරඟයක්. ඔවුන් හුසේන්ගේ අශ්වයා පෙන්වයි. හිංසන වර්ග දෙකකි. අංක එකේ හිංසනය වන්නේ ඔබව සහ අන් අයව චක්‍රයෙන් භාගයක්ම මැරූ, රාගයේ අසිපතයි. එම හිංසනය ගැන කිසිවෙක් නොදනී. සන්යාසීන්ට පවා එය වැටහෙන්නේ නැත ඔවුන් එය පාපයක් බව පමණක් පවසයි. පියා පවසන්නේ දරුවනි, විශාලතම සතුරා වන්නේ රාගයයි. එහි ආරම්භයේ සිට මැද තුළින් අවසානය දක්වාම ඔබට දුක ගෙනෙයි. අපගේ වන්නේ පවුල් මාවත බව, එය රාජ යෝගාව බව, ඔබ ඔප්පු කළ යුතුයි. ඔවුන්ගේ එය හත යෝගාවයි. ඔවුන් හත යෝගාව ඉගෙනගන්නේ ශංකරාචාර්ය ගෙනි. අපි රාජයෝගාව ඉගෙන ගන්නේ ශිවාචාර්ය ගෙනි. ඔබ තව තව දියුණුවත්ම ඔබව අනිවාර්යෙන්ම හෙළිදරව් වෙයි. සමහරු මෙම ප්රශ්නය අසයි දේවතාවන් වසර 5000කදී උපත් 84ක් ගන්නේ නම්, ක්‍රිස්තියානුවන් උපත් කොපමණ ගනිද? ක්‍රිස්තුතුමා පැවති කාලයේ සිට වසර 2000ක් ගත වී තිබේ, එබැවින් උපත් කොපමණද කියා, එහි සාමාන්‍ය අගය ගණනය කර බලන්න. උපත් 30ක් හෝ 32ක් තිබිය යුතු බව පැහැදිලියි. බොහෝ සතුට අත්විඳින අය, බොහෝ දුක් ද අත්විඳියි. වෙනත් ආගම් වල අය සතුට අඩුවෙන් අත් විඳින අතර, දුක ද අඩුවෙන් අත්විඳියි. සාමාන්‍ය ගණනය කිරීමක් සිදුකළ යුතුයි. ඔබ ප්‍රධාන ආගමික නායකයන්ගේ උපත් ගැන කතා කරයි. පසුව පැමිණෙන අය අඩු උපත් සංඛ්‍යාවක් ගනී. ඔබට බුදුරදුන් හෝ ඒබ්රහම්ටද මෙය ගණනය කළ හැක. ඇතැම් විට උපත් එකක හෝ දෙකක වෙනසක් තිබෙයි. ඔබට නිවැරදිව කිව නොහැකි වන නමුත්, සමීප වශයෙන් විස්තර කළ හැක. මේ සියලුම දේවල් ආවර්ජනය කළ යුතුයි. යමෙක් ඔබගෙන් විමසුවොත් ඔබ විස්තර කරන්නේ කුමක්ද? ඔවුන්ට මෙසේ පවසන්න ප්‍රථමයෙන් පියාව සිහිපත් කරන්න, මන්ද, ඔබගේ උරුමය ඔහුගෙන් හිමි කර ගත යුතු බැවින්. ඔබ පෙර ගත් උපත් ප්‍රමාණයම ගනිවි. පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගන්න. ඉතා හොඳින් විස්තර කරන්න. බොම්බායේ දරුවන් බොහෝ උත්සාහ දරයි, මන්ද ඔවුන් ඉතා සාර්ථක විය යුතු බැවින්. ඒ සඳහා දක්ෂ බුද්ධියක් අවශ්‍යයි. බාබාගේ ධනයට බොහෝ සෙනෙහසක් තිබිය යුතුයි. ඇතැමුන් කිසිම ධනයක් නොගනී. ඥානයේ මාණික්‍ය ගෙන, ඒවා ධාරණය කරගන්න. ඇතැම් අය තවමත් පවසන්නේ මා කුමක් කරන්නද? මට කිසි දෙයක් නොවැටහෙයි. ඔබට වැටහෙන්නේ නැතිනම්, එය ඔබගේ දෛවයයි. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
- ඔබගේ සිරුර නිරෝගීව තබාගැනීමට, ඥානය සහ යෝගාව හොඳින් ධාරණය කරගන්න. කිසිම දෙයකට ගිජු නොවන්න. ඔබව භෞතික සැරසිලි වලින් නොව, ඥානයෙන් සහ යෝගාවෙන් සරසන්න.
- අනිවාර්යෙන්ම පැයක් හෝ පැය භාගයක් ඉගෙන ගන්න. ඥානයෙන් සහ යෝගාවෙන් තරඟ වදින්න.
| වරදානය: |
සංගම යුගයේ ඔබගේ උත්තරීතර ස්වරූපය මනසෙහි තබා ගනිමින්, ත්‍රිකාල දර්ශකයකු වී අනාගතය පිළිබඳ දැක්මක් ලබා ගනිත්වා. අනාගතයේ දී ලැබීමට නියමිත සියලු ලැබීම්වල අත්දැකීම, සංගම යුගයේ සිටින බ්‍රාහ්මණවරුන් වන ඔබ මේ මොහොතේදීම අත්විඳියි. මේ කාලයේ දී ඔබට ද්විත්ව කිරුළක් , සිහසුනක් සහ තිලකයක් හිමි වන අතර, ඔබ සියලු අයිතීන්වල වල ප්රතිමුර්තියක් වෙයි. අනාගතයේදී ඔබට රන් හැන්දක් ලැබෙනු ඇත, නමුත් මේ මොහොතේ ඔබ දියමන්ති මෙන් බබළයි. ඔබේ ජීවිත දියමන්ති බවට පත්වේ. අනාගතයේ දී ඔබ රන් හා දියමන්ති වලින් සැකසූ ඔන්චිලි වල පැද්දෙනු ඇත, නමුත් මෙහිදී ඔබ බාප්දාදා ගේ ඇකයේ, අතීන්ද්‍රිය ආනන්දයේ ඔන්චිල්ලාවේ පැද්දෙයි. එබැවින්, ත්‍රිකාල දර්ශියෙකු වී, වර්තමානයේ සහ අනාගතයේ උත්තරීතර ස්වරූපය දැකීමෙන් සියලු සම්පත් හා ලැබීම් අත්විඳින්න. |
| පාඨය: | කර්ම සහ යෝගාව අතර සමබරතාවය පවත්වා ගැනීමෙන්, ඔබට පරමාත්ම දෙවියන්ගේ ආශිර්වාද ලබා ගැනීමට හිමිකම් ලැබෙනු ඇත. |
අව්‍යක්ත සංඥාව: බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.
සෑම බ්රහ්මින්වරයෙකුම බ්‍රහ්ම පියා හා සමානව ජීවමාන ප්‍රතිමාවක් බවට පත්විය යුතුයි. ප්රදීපාගාරයක සහ බලාගාරයක පාවෙන දර්ශනයක්(ප්‍රදර්ශන භාණ්ඩයක්) වන්න. සිතිවිල්ල සහ නිහඬ බලය පිළිබඳ දේශනයක් සූදානම් කර ඔබේ කර්මතීත් අවධියේදී ආශිර්වාද පිරිනමන ප්‍රතිමාවක චරිතය රඟපාන්න, එවිට ඔබ පරිසමාප්තියට සමීප වනු ඇත. එවිට, තත්පරයකටත් අඩු කාලයකින්, ඔබේ රැහැන් රහිත කට්ටලය හරහා කාර්යයක් කළ යුතු ඕනෑම තැනකට මඟ පෙන්වීමට ඔබට හැකි වනු ඇත. ඔබේ කර්මතීත් අවධියේ පදනම මත, ඔබට සිතිවිල්ල ඇති විට, එය තත්පරයකින් ඔබට අවශ්‍ය ඕනෑම තැනකට ළඟා වනු ඇත.