| 26-11-2026 |
උදෑසන මුරලි
ඕම් ශාන්ති
බාප්දාදා
|
මධුබන් |
| සාරය: | සුමිහිරි දරුවනි, මිහිරි පියාව සහ මිහිරි රාජධානිය සිහිපත් කරන්න, එවිට ඔබ ඉතා මිහිරි වෙයි. |
| ප්රශ්නය: | ඔය දරුවන් මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පත් වන්නේ කුමන උත්සාහය දැරීමෙන්ද? |
| පිළිතුර: | ඔබ දැන් ඥාන විලෙහි ගිලීමෙන්, ඥානයේ සුරංගනාවන් බවට පත්වනවා. ඥානයෙන් නෑමෙන් ඔබගේ චරිතය වෙනස් වනවා. ඔබගේ සියලු දුර්වලතා ඉවත් කෙරෙනවා. පියාව සහ විෂ්ණු දේශය සිහිපත් කිරීමෙන්, ඔබ පිවිතුරු දේවතාවන් බවට පත් වනවා. දේවතාවන්ගේ ආකර්ෂණය වන්නේ, ඔවුන්ගේ පාරිශුද්ධත්වය පමණයි, දුර බැහැර සිට මනුෂ්‍යයන් ඔවුන්ගේ දේවාල වෙතට ඇදෙන්නේ මේ නිසාය. |
| ගීතය: | අපගේ වන්දනා ගමන අසහායයි! |
ඕම් ශාන්ති. ඔය මිහිරිතම, ආධ්‍යාත්මික දරුවන්ට ගීතය ඇසුණා. භාග්‍යවන්ත තරු ලෙස සිහි කෙරෙන්නේ ඔය දරුවන් පමණයි. ඥාන සූර්යයා, ඥාන චන්ද්‍රයා සහ ඔය භාග්‍යවන්ත ඥාන තරු සිටිනවා. භෞතික ඉර සහ හඳ වේදිකාවට ආලෝකය ලබා දෙයි, ඔබට ප්‍රශංසා කරන්නේ මේ නිසාය. ඔබලා ඥානයේ තාරකාය. එම තාරකා වලට ඥානයේ තාරකා යැයි කිව නොහැක. ’ඥාන සූර්යයා‘ යන නම ඇසීමෙන්, ඔහුගේ ස්වරූපය සූර්යයා මෙන් බව ඔවුන් සිතයි. දෙවියන්, ගල් සහ වැලි කැට වලද සිටින බව, ඔවුන් විශ්වාස කරයි. බොහෝ මිනිසුන් සූර්යයා ගැන විශ්වාස කරයි. ඔවුන් තමන්ට, සූර්ය වංශයේ අය යැයි කියා ගනී. ඔවුන් සූර්යයාට වන්දනා කරන අතර, සූර්යයාගේ සංකේතය තිබෙන ධජයක්ද ඔවුන්ට තිබේ. ඔබගේ ධජය, ත්‍රිමූර්තියයි. එය බොහෝ ආශ්චර්යමත්ය! එහි මෙසේ ලියා තිබේ සත්‍යය, ජය ගෙන දෙයි. ඔහු සැබවින්ම ඔබට ලෝකය ජය ගැනීමට මඟ පාදයි. ශිව ශක්ති පාණ්ඩව සේනාව ඔබයි. ඔවුන් මංමාවත් සහ ගොඩනැගිලි වලට ත්‍රිමූර්ති පාර, සහ ත්‍රිමූර්ති නිවස යැයි නම් දී තිබේ. පියා මෙහි අරුත විස්තර කරන අතර, ත්‍රිමූර්තිය මඟින් ඔහු දිරිමත් කරන ක්‍රියාකාරකම් ද ඔහු විස්තර කර දෙයි. ඔහු බ්රහ්මගේ මාර්ගයෙන් ස්ථාපනය සිදු කරයි. ඔවුන් ත්‍රිමූර්තියෙන් ’ශිව‘ යන නම ඉවත් කර, ප්රතිරුවද ව්‍යාජ කර තිබේ. ඔබ දැන් ත්‍රිමූර්ති ප්රතිරුවේ තිබෙන රහස් ගැන දන්නවා. සත්‍ය ශිව බාබා, ඔබට බ්රහ්මගේ මාර්ගයෙන්, රාජධානිය ලබා දෙයි. අප දරුවන්, පෙර චක්‍රයේදී කළ එම ආකාරයෙන්ම, ශිව බාබාගෙන්, පාරිශුද්ධත්වය, සාමය, සතුට සහ සමෘද්ධියේ රාජධානිය හිමි කරගන්නවා. අධ්‍යාපනයක් සෑම විටෙකම ලැබෙන්නේ බ්රහ්මචාරීව සිටින විටයි. මෙකල, සමහර මිනිසුන් විවාහයෙන් පසුවත් ඔවුන්ගේ ආදායම් වැඩි කරගැනීමට පාඨමාලා හදාරති. මෙහි, ඔබගේ ආදායම සීමා රහිතයි. ශිව බාබා පැමිණ සිටින්නේ ඔබව ලෝකයේ අධිපතියන් කරවීමට බව, ඔය දරුවන් දන්නවා. වඩාත්ම ශ්‍රේෂ්ඨ වන්නේ ශ්‍රීමත් බව කියැවෙයි. කෙනෙක් ශිව බාබාගේ දරුවෙක් වූ පසු, ඔහු නියත වශයෙන්ම ඔහුගේ සහෝදරයන්ගේ උපදෙස් නොව, බාබාගේ උපදෙස් අනුගමනය කරයි. ඔබ බොහෝ උපත් ගණනාවක් එම උපදෙස් අනුගමනය කරමින් සිට ඇති නමුත් එසේ කිරීමෙන් කිසිම යහපතක් සිදු වී නැත. ඔබ දැන් බාබාගේ උපදෙස් අනුගමනය කළ යුතුයි. සියලුම පැවිද්දන් සහ පූජකයන්, සහෝදරයන්ය. පියා දැන් ඔබට ශ්‍රේෂ්ඨ උපදෙස් ලබා දීමට පැමිණ ඇත. බොහෝ මිනිසුන් ප්‍රතිකාර ලෙස ස්වභාවික ඖෂධ ගනී. ඒ සෑම දෙයක්ම තාවකාලික කාලයකටයි. මෙම ස්වභාවික ප්‍රතිකාරය, උපත් 21කටයි. ඒ මිනිසුන් ඔබට සීතල වතුර ස්නානය කිරීමට හෝ අහවල් දේ කිරීමට හෝ ඔබගේ ආහාර පාන වලදී ප්‍රවේසම් වීමට යැයි පවසයි. මෙහි, එය ආහාර පාන පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. මෙහි, මිහිරි පියා ඔය දරුවන්ට පවසන්නේ දැන් මා සිහි කරන්න, එවිට ඔබ බොහෝ මිහිරි වෙයි. දේවතාවන් මිහිරිය ඔවුන්ට විශාල ආකර්ෂණයක් තිබේ. පෙර කල, ශිවා වෙනුවෙන් දේවාල තැනුනේ උස් කඳු මුදුන් වලයි. එම පාරිශුද්ධත්වය ඔවුන්ව ආකර්ෂණය කරන බැවින්, මිනිසුන් එහි දර්ශනයක් ලබා ගැනීම සඳහා පයින් ගමන් කළහ. දේවතාවන් පාරිශුද්ධ වූ කල්හි, ඔවුන් ලෝකය පාලනය කළා. දැන් මිනිසුන් ඔවුන්ගේ ප්‍රතිමා ඉදිරියේ හිස නමා ඔවුන්ට ආචාර කරයි. සෑම කෙනෙක්ම දැන් එම මිහිරි පියාව සිහි කරයි. ඔහු මෙහි පැමිණිය යුතුයි. ඔවුන් නියත වශයෙන්ම ඔහුගේ මාර්ගයෙන් දිව්‍ය ලෝකයේ බොහෝ සතුට ලබයි. ඔවුන් ඔහුව සිහි කරන්නේ මේ නිසාය. එය රාවණගේ රාජධානියේ අවසානය වන විට, පියා පැමිණ, දිව්‍ය ලෝකයේ රාජධානිය ලබා දෙයි. බාබා පැමිණෙන්නේ භාරතයේ පමණයි. මිනිසුන් භාරතයේ, ශිවාගේ උපන් දිනය සමරන නමුත්, එසේ කිරීමෙන් ඔවුන්ට ලැබෙන්නේ කුමක්ද කියා ඔවුන් නොදනී. පියා පවසන්නේ මා පැමිණියේ ඔය දරුවන්ව මිහිරි කිරීමටයි. ඔබ බොහෝ අපිරිසිඳු විය! බාබා, දැනුමින් පිරී සිටින අතර, ඔබ දැන් සියලුම ඥානය ලබා ගනිමින් සිටිනවා. සියලුම ඥානය තිබෙන්නේ බීජය තුළ පමණයි. ඔහු බීජයයි, සත්‍යයයි, ජීවමාන ජීවාත්මය මෙන්ම ඥානයේ මහා සයුරයි. ඔහු පවසන්නේ සත්‍යයම පමණයි. ඔහුද ජීවාත්මයක් වන නමුත් ඔහු උත්තරීතරයි. ’උත්තරීතර ජීවාත්මය‘ යනු පරමාත්ම දෙවියන්ය. ඔහු සෑම කල්හිම උත්තරීතර දේශයේ වාසය කරන අතර උසස්ම උසස්ය. ඔහු නමක් සහ රූපයක් ඉක්මවූ බව, බොහෝ මිනිසුන් පවසන නමුත්, නමක් හෝ රුවක් නොමැති කිසිවක් පැවතිය නොහැක. ඔහුගේ නාමය ශිවා වන අතර සෑම කෙනෙක්ම ඔහුට වන්දනාමාන කරයි. ඔහු අශාරීරික වන අතර ඔහු දැන් පැමිණ සිටියි. පෙරකල අප ශරීර අවධානයෙන් සිටි නමුත්, දැන් පියා පවසන්නේ දරුවනි, ඔබ ජීවාත්ම අවධානයට පත්වේවා! ගීතාවේද මෙසේ ලියා තිබේ මන්මනාභව! ඔවුන් සිදුකර තිබෙන්නේ, ශිවාගේ වෙනුවට, ක්‍රිෂ්ණාගේ නම ඇතුලත් කර, එනයින් එය ව්‍යාජ කර තිබීම පමණයි. පොත් කියවීමෙන් කෙනෙකුට රාජධානියක් ලබා ගත නොහැක. රාජධානිය පවතින්නේ ස්වර්ණමය යුගයේය. පියා නියත වශයෙන්ම පැමිණිය යුත්තේ සංගම යුගයෙදීය. දැන් නාටකයට අනුව, භක්තිය අවසානයකට පැමිණෙනවා. භක්තියට පසුව, ඥානය තිබේ. මෙය පැරණි ලෝකය වන අතර, ස්වර්ණමය යුගය, නව ලෝකයයි. ඔබ, සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන බවටත්, සාමාන්‍ය ගැහැණියකගෙන් ලක්ෂ්මි බවටත්, පරිවර්ථනය වන රාජයෝගාව මෙයයි. ස්වර්ණමය යුගයෙදී, එය ඔවුන්ගේ රාජධානිය වූ නමුත්, දැන් කලි යුගයේ තිබෙන්නේ කුමක්ද කියා බලන්න! ඔබ දැන් නැවත වරක් ස්වර්ණමය යුගයට යාමට ඉගෙන ගන්නවා. භක්ති මාර්ගයේ සියලුම වේද සහ ග්රන්ථ අත්හල යුතුයි. ඔබට ඥානය ලැබුණු පසුව, භක්තිය සඳහා අවශ්‍යතාවයක් නැත. අප ඥානය තුළින්, ලෝකයේ අධිපතියන් බවට පත්වනවා. අපට භක්තියේ ඵලය ලබා දීමට පියා පැමිණ සිටිනවා. ඔහු අපට ඥානය පවසනවා. අප නියත වශයෙන්ම අපවිත්‍ර බවින් පිවිතුරු විය යුතුයි, මන්ද අපවිත්‍ර අයට ආපසු නිවසට යාමට නොහැකි බැවින්. සියලුම පිවිතුරු ජීවාත්ම වාසය කරන්නේ විමුක්ති දේශයේය. සතුටු දේශයේද සියලුම ජීවාත්ම, පාරිශුද්ධයි. දැන් කලි යුගයේ සියලුම ජීව අපවිත්‍රයි. ඔවුන්ව පිවිතුරු කරන්නේ කවුද? පාරිශුද්ධකරු වන්නේ ඒකායන පියා පමණයි. පියා පවසන්නේ මෙම කෙනාගේ බොහෝ උපත්වල අවසන් උපතෙදී, මා පැමිණෙනවා. ශ්‍රේෂ්ඨතම, අංක එකේ බැතිමතා වූයේ මෙම දාදාය. ඔහුට, බ්‍රහ්ම හෝ ලක්ෂ්මි හෝ නාරායනගේ ජීවාත්මය කියා, ඔබට ඇමතිය හැක. මෙය වටහාගත යුතු ගැඹුරු දෙයකි. බ්‍රහ්ම, විෂ්නුගේ නාභියෙන් මතු වූ අතර, විෂ්ණු, බ්රහ්මගේ නාභියෙන් මතු විය. විෂ්ණු, උපත් 84කට පසුව, බ්‍රහ්ම වෙයි. මෙම දේවල් කිසිම ග්‍රන්ථයක සඳහන් වී නැත. පියා විසින්ද, ගීතාව කියවන ලදි. ඔහුට ඥානය ලැබුණු විට, සහ විෂ්ණුගේ දර්ශනයක් ලැබුණු විට මෙන්ම බාබා ඔහුට ලෝක රාජධානිය ලබා දෙන බව ඔහු දුටු විට, ඔහු සැනෙකින් ගීතාව කියවීම අත්හළේය. බාබා ඔහු තුළට ඇතුළු විය. ඉන්පසුව ඔහු කිසිදා එය නැවත ස්පර්ෂ කළේවත් නැත. ඔහු ඒකායන පියා පමණක් සිහිපත් කිරීම ආරම්භ කළා. මෙම කෙනා පවසන්නේ මා එම පියාට සවන් දීම ආරම්භ කළා. ශිව බාබා පවසන්නේ මා දරුවන්ට කතා කරන විට, මෙම කෙනාද සවන් දෙයි. මා ඔහුගේ සිරුර තුළට ඇතුළු වුණා, ඔහුට අර්ජුන යැයි නම් තැබුවේ ඒ නිසාය. ග්රන්ථ වල ඔවුන් අශ්ව රථයක් පෙන්වා තිබේ. එය විශාල වෙනසකි! ඔහු අශ්ව රථයක අසුන්ගෙන එක් අයෙකුට පමණක් ඥානය ලබා දුන්නාද? එය සිදු විය නොහැකි දෙයක් බව ඔබට දැන් වැටහෙයි. බාබා ඔබට ප්‍රායෝගිකව උගන්වන්නේ කෙසේද කියා ඔබ දකිනවා! මධ්‍යස්ථාන බොහෝ තිබේ, එබැවින් ඔබට ඉගැන්වීමට අනිවාර්යෙන්ම අවශ්‍ය වන්නේ පාසැලකි, සටන් බිමක් නොවෙයි. බාබා ඔබට උගන්වන්නේ රාජයෝගාවයි. ස්වර්ණමය යුගයෙදී ග්රන්ථ නොමැත. මා මෙම කාලයේදී ඔබට මෙම ඥානය ලබා දුන්නා. ස්වර්ණමය යුගයෙදී එය සඳහා අවශ්‍යතාවයක් නැත. පැරණි ලෝකයේ කුමක් තිබුණත් ඒ සෑම දෙයක්ම දුහුවිලි බවට හැරෙයි. අශ්වයා බිලි දෙන, ඥානයේ යාග ගින්න මෙයයි. මෙම රථයට (සිරුර) අශ්වයා යැයි කියයි. මෙයත් බිලි විය යුතුයි. ජීවාත්මය පියාට අයත් වන අතර ඉන්පසුව පැරණි ශරීරය විනාශ වෙයි. ඔබ ක්‍රිෂ්ණාගේ දේශයට මෙම පැරණි සිරුර රැගෙන යන්නේ නැත. ජීවාත්මය අමරණීයයි. හෝලිකාවක් පුළුස්සන විට මිහිරි චපාතිය පිළිස්සෙන නමුත්, එය බැඳ තබන නූල ඉතිරි වෙයි. බාබා ඔබට අසීමිත දේවල් පහදා දෙයි. ඔබ මෙතෙක් අසා ඇති සියල්ල අමතක කර දමන්න. භාරතය දැන් බොරුවේ දේශය බවට පත් වී ඇත. ඊයේ එය සත්‍යයේ දේශය විය. පියා, එය සත්‍ය දේශය බවට පත් කළ අතර ඉන්පසුව රාවණ, එය බොරුවේ දේශය බවට පත් කළා. මෙම රාවණ, සෑම කෙනෙකුගේම පැරණිතම සතුරාය. ඔවුන් ඕනෑම කෙනෙක් කියන කුමක් වුවත් අනුගමනය කරයි. නිදසුනක් වශයෙන්, දිල්වාලා දේවාලයේ ඔවුන් ආදිදේව්ට මහාවීර් යැයි නම් තබා ඇත. මහාවීර, හනුමාන්ය. ඔවුන් දෙදෙනා අතර විශාල වෙනසක් තිබේ. ඔබගේ නිවැරදි සිහිවටනය තිබෙන්නේ එම දේවාලයේ. උඩ ඉහළ දිව්‍ය ලෝකය තිබෙන අතර, එයට පහළින් ඔබ තපස්යාවේ සිටිනවා. ඔවුන් ආදිනාත්ගේ රත්තරන් ප්‍රතිමාවක් සාදා තිබේ. ඔවුන් පවසන්නේ භාරතය, ’රං කුරුල්ලා‘ව සිටි බවයි. භාරතයේ තිබුණු තරම් රත්තරං, වෙන කොහෙවත් නැත. රත්තරං මාලිගා තිබුණි. වහලේ සහ බිත්තිවල ඔබා තිබුණේ, දියමන්ති සහ මැණික්ය. දේවාල වල බොහෝ දියමන්ති සහ මැණික් තිබුණි. පසුව ඒවා කොල්ලකනු ලැබුවා. ඔවුන් ඒවා මුස්ලිම් දේවස්ථානවල දැම්මා. එකල ඒවායේ වටිනාකම කෙතරම් වන්නට ඇතිද? බොහෝ ධනය තිබුණු අතර ඒවා කොල්ලකන ලද්දේ ඒ නිසාය. පෞරාණික භාරතය, බොහෝ ධනවත්ව තිබුණු බවත් එය දැන් බොහෝ දුප්පත් වී ඇති බවත් සෑම කෙනෙක්ම දන්නවා. දුප්පත් අය වෙනුවෙන් කෙනෙක් තුළ අනුකම්පාවක් තිබෙයි. රාවණ, ඔබව බොහෝ දුප්පත් කර ඇත. පියා දැන් ඔබව නැවතත් ධනවත් කරවයි. මෙය අසීමිත නාටකයක් වන නමුත් කිසි කෙනෙක් එහි මුල, මැද හෝ අවසානය නොදනී. පියා ඥානයෙන් සපිරිය. ඔහු අසුන්ගෙන, සෑම කෙනෙකුගේම ඇතුලාන්තයේ තිබෙන්නේ කුමක්ද කියා ඔහු නොබලයි. මේ සෑම දෙයක්ම නාටකයේ නියමිත වී තිබේ. කෙනෙක් කුමන පාපයක් සිදුකළත්, ඔහුට නියත වශයෙන්ම එයට දඬුවම් ලැබෙයි. මට, ඥානයෙන් සපිරි කෙනා මෙන්ම පාරිශුද්ධකරු යැයිද කියයි. මිනිසුන් කන්නලව් කරන්නේ අහෝ බාබා, වඩිනු මැන! පැමිණ, අපට ඥානය ලබා දී අපව පාරිශුද්ධ කරන්න. මා පැමිණ, මෙම කාර්යය ඉටුකරනවා. පියා පවසන්නේ ග්රන්ථ වල ඇති සියලුම දේවල් අමතක කර, මා ඔබට පවසන දේට පමණක් සවන් දෙන්න. ඔබ දැන් පියා සමඟ රාජ යෝගාව ඉගෙනගන්නවා. ඔබ, සූර්ය රජ පෙළපතේ කොටසක් බවට පත් වී, ඉන්පසුව චන්ද්‍ර රජ පෙළපතෙත්, වෛශ්‍ය පෙළපතෙත් ඉන්පසුව ශුද්‍ර පෙළපතේද කොටස් බවට පත් වෙයි. මෙම ඥානය ඔබගේ බුද්ධිය තුළ තිබේ. ස්වර්ණමය යුගයෙදී ඔබට සියලු දේ අමතක වනු ඇත. එහිදී කිසිවෙකු පියා සිහි කරන්නේ නැත. ඔවුන්ගේ උරුමය හිමි වූ පසුව, ඔවුන් ඔහු සිහිකරන්නේ කුමකටද? ඔබට සෑම දෙයක්ම ඉතා හොඳින් විස්තර කෙරෙනවා. කිසිම ග්‍රන්ථයක මෙම දේවල් සඳහන් වී නැත. ගසෙහි බීජය, ඒකායන පියාය. ඔහු පවසන්නේ මා සිහි කරන්න! සිටින්නේ එක් නිර්මාණකරු පමණක්ද, එසේ නැත්නම් ගල් කැට සහ වැලි කැටද නිර්මාණකරුවන් වනවාද? පියා පවසන්නේ රාවණ ඔබගේ බුද්ධි, බොහෝ සේ නරක් කර ඇත. සියලුම මහා විද්වතුන්ට බොහෝ අහංකාරකම තිබේ. ඔවුන් පියාව කිසිසේත් නොදනී. තවද ඔවුන් නිර්මාණයේ මුල, මැද හෝ අවසානයද නොදනී. පියා පවසන්නේ මා ඔබට රාජධානිය ලබා දුන් අතර, ඔබ ඉන්පසුව සියලුම ධනය අවසන් කර, දැන් සිඟමන් යදිනවා. රකුසු සමාජය සිහිකර ඇත්තේ මේ නිසාය. ඔවුන් දේවතාවන්ගේ බොහෝ වර්ණනා ගයති. ඉන්පසුව ඔවුන් පවසන්නේ අපට ගුණධර්ම නොමැත, අපි ගුණදම් වලින් තොරයි. ඔය දරුවන් දැන් ගුණධර්ම ධාරණය කළ යුතුයි. දුර්වලතාවයන් ඉවත් කරන්න. රාවණ, ඔබව වඳුරන් මෙන් කළ අතර, දැන් පියා ඔබව දේවතාවන් බවට පත් කරවනවා. ඔවුන් තුළ පාපයන් පහ තිබෙන අයට, වඳුරන් යැයි කියයි. (නාරදගේ නිදසුන). ඔබගේ චරිතය දැන් වෙනස් වන අතර ඉන්පසුව ඔබ දේවතාවන් වෙයි. ඥානයේ විලේ ගිලී නෑමෙන් අපි ඥානයේ සුරංගනාවන් බවට පත් වනවා. ඔවුන් එවිට මෙහි අරුත, වතුර විලක් ලෙසට ගෙන තිබේ. මෙය, ඥානයේ ස්නානය කිරීම පිළිබඳ කරුණකි. ඔහු වසර 5000කට පෙර කළ එම ආකාරයෙන්ම, බාබා නැවත වරක් අපට විස්තර කරන බව, ඔය දරුවන් දන්නවා. මේ ගැන කිසිම සැකයක් තිබිය නොහැක. පාරිශුද්ධකරු පියා සහ විෂ්ණු දේශය සිහිකරන්න, එවිට ඔබ පිවිතුරු වෙයි. මිනිසුන් විමුක්තිය ලබා ගැනීම සඳහා බොහෝ වෙහෙස වන නමුත්, නිවහන ගැන කිසිවෙක් නොදනී. ඇතැමුන් ජීවාත්ම, මුසුවන බව සිතන අතර ඇතැමුන් සිතන්නේ ජීවාත්ම වෙනත් සිරුරු නොගන්නා බවයි. අසංඛේය අදහස් තිබේ. කිසි කෙනෙක් පියාව හඳුනන්නේ නැත. කතා කරන්නේ ක්‍රිෂ්ණා දෙවියන් කියා, මුළු ලෝකයම සිතයි. මෙහි, පියා පවසන්නේ කතා කරන්නේ ශිව දෙවියන්ය. එහි, දහවල සහ රාත්‍රිය මෙන් වෙනසක් තිබේ. ඔවුන් සම්පූර්ණයෙන්ම නම වෙනස් කර තිබේ. අච්චා. බාප් සහ දාදා යන දෙදෙනාම ’සුමිහිරිතම‘ යැයි පවසයි, මන්ද ඔබ ඔවුන් දෙදෙනාගේම දරුවන්ය. මෙම කෙනා ශිෂ්‍යයෙක් වන අතර ඔබලාද ශිෂ්‍යයන්ය. මෙම කෙනාද ඉගෙන ගනිමින් සිටිනවා. භාරතය, පාරිශුද්ධත්වයට පත් කිරීමේ සේවයේ නියැලී සිටින අය, දරුවන්ය. පාරිශුද්ධත්වයට පත් නොවන අයව, බාබා දකින නමුත් නොදකියි. ඔවුන් දඬුවම් විඳ ඉන්පසුව කෝකියෝ බවට පත්වෙයි කියා (ස්වර්ණමය යුගයේ) ඔහුට හැඟෙයි. පිවිතුරු වන අය, ලෝකයේ අධිපතියන් වෙයි. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
- මිහිරි වීම සඳහා, බොහෝ සෙනෙහසින් මිහිරි පියාව සිහි කරන්න. සත්‍ය පියාට අවංක වන්න. ඒකායන පියාගේ උසස් උපදෙස් අනුගමනය කරන්න.
- උත්සාහ දරා, අංගසම්පූර්ණ වන්න. භාරතය පාරිශුද්ධත්වයට පත් කිරීමේ සේවයේ යෙදෙන්න. කිසිම දෙයක් ගැන සැක ඇති කර නොගන්න.
| වරදානය: |
ඔබ, ඥානයෙන් පිරි ජීවාත්මයක් ලෙස, 'ඥාන සාගරය' තුළ සහ මෙම ඥානය තුළම ගිලී සිටිමින්, සියලු ලැබීම්වල ප්‍රතිමූර්තියක් වේවා. ඥානයෙන් පිරි ජීවාත්ම නිරතුරුවම ඥාන සාගරය තුළ සහ මෙම ඥානය තුළ ගිලී සිටියි. ඔවුන් සියලු ලැබීම්වල ප්‍රතිමූර්තීන් බවට පත්ව සිටින බැවින්, ඔවුන් ඉබේම කිසිදු ආකාරයක ආශාවක් පිළිබඳ දැනුමක් නොමැති ස්ථිතියක සිටියි. යම් පමණකින් හෝ තම ස්වභාවය හෝ සංස්කාර මත යැපෙන අය, නාමය, ගෞරවය සහ පිළිගැනීම බලාපොරොත්තු වෙති. "කුමක්ද?" සහ "ඇයි?" යන ප්‍රශ්න නඟන අයත්, ඇතුළත එක් ස්වභාවයක් දරා සිටිමින් පිටතින් වෙනත් ස්වභාවයක් පෙන්වන අයත්, සැබෑ ඥානයෙන් පිරි ජීවාත්ම ලෙස හැඳින්විය නොහැක. |
| පාඨය: | තම ජීවිතය තුළම අතීන්ද්‍රිය ප්‍රීතිය සහ ආනන්දය අත්විඳින අය පමණක් සහජ යෝගීන් වෙති. |
අව්‍යක්ත සංඥාව: බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.
බ්‍රාහ්මණ ජීවිතයේ අරමුණ වන්නේ බ්‍රහ්ම බාබා මෙන් පරිපූර්ණ වීම සහ කර්මතීත් ස්ථිතියට පත්වීමයි. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා, ඔබට විශේෂයෙන්ම ‘අසුරා ගැනීමේ බලය' සහ 'හැඩගැසීමේ බලය' අවශ්‍ය වේ. යම් යම් බැඳීම් වලට හසු වූ ජීවාත්මයන්ට තමන් සිටින ස්ථානයේ පමණක් යම් කාර්යයක් ඉටු කළ හැකි වුවද, කර්මතීත් ජීවාත්මයන්ට සෑම තැනකම සේවය කිරීමේ තම භූමිකාවන් රඟ දැක්විය හැකිය; මන්ද ඔවුන් කර්මතීත් බැවිනි. ඔවුන්ගේ වේගය ඉතා අධික වන අතර, තත්පරයකින් තමන්ට අවශ්‍ය ඕනෑම තැනකට ළඟා වීමට ඔවුන්ට හැකියාව ඇත.